IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංගමට නව සාමාජිකයෙක්

(කේ බුද්ධික කුමාරසිරි)

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සාමාජිකයකු ලෙස ලංකා මෙට්‍රො බස් සමාගම ලබන ඔක්තෝබර් 08 දින පිහිටු වන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

සම්පූර්ණයෙන්ම සියයට සියයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සමාගමක් ලෙස මෙම සමාගම පිහිටවන බවත් නමුත් එහි ක්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වයට සමාන වන බවද අමාත්‍යවරයා පැවසීය.

ලබන 2026 වර්ෂයේ ජනවාරි පළමු වන දින සිට දුර ගමන් ධාවනයේ නිරත සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා මගීන්ට ද ආරක්ෂක බඳ පටි පැළඳවීම අනිවාර්ය කරන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.

"පුනරුදයට මග" තේමාව යටතේ බස් ඩිපෝ 25 ක් නවීකරණය කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් තලංගම ඩිපෝ පරිශ්‍රයේදී පැවැති වැඩසටහන අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පැරණි ලේලන්ඩ් සහ ටාටා බස් රථ වල ආරක්ෂිත බද පටි සවි කර නැති නිසා අලුතින් එයට බද පටියක් සකස් කරන ලෙස ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශවලට දැනුම් දී ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (1)

ලංගමට නව සාමාජිකයෙක්

Nishan Saturday, 20 September 2025 12:53 PM

ලංගමත් ඉවරයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31595 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13958 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site