
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති කාලිඩ් නසර් අල් අමෙරි මහතා (Khaled Nasser Al Ameri) සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද නියෝජ්‍ය කථානායකවරයා සිය සතුට පළ කළ අතර, දෙරට අතර සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
දසවන පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ නියෝජ්‍ය කථානායකවරයා, එමඟින් පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට හැකි වනු ඇතැයි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාරය සහ උණුසුම් පිළිගැනීමේ ස්වභාවය පිළිබඳව තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලාංකික ජනතාවගේ සුහදශීලීත්වය සහ සිනහව ශ්‍රී ලංකාවේ වටිනා සුවිශේෂී ලක්ෂණයක් බව සඳහන් කළේය. සමීප සහ විශ්වාසනීය මිතුරෙකු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සිය සහයෝගය ලබාදෙන බව ද තානාපතිවරයා මෙහිදී යළි අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd