සුජිත් හේවාජුලිගේ
විවිධ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, වෘත්තියවේදීන් ඇතුළු 3000කට වැඩි පිරිසක් මෑත භාගයේදී පරිගණක හැකර්කරුවන්ගේ විවිධ වංචාවන්ට ගොදුරුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම වංචනිකයන්ට ගොදුරු වූ වැඩි පිරිසක් පරිගණක සාක්ෂරතාව ඉතා අඩු අය වෙති.
පරිගණක හැකර්කරුවන් මේ අයගේ ජංගම දුරකතන වට්සැප් සේවා “හැක්” කර ඒ මාර්ගයෙන් ඔවුන්ගේ හිතවතුන් වංචනික ලෙස රවටා ලක්ෂ ගණනින් මුදල් වරින්වර අත්පත් කරගෙන ඇති බවට විමර්ශනවල දී තොරතුරු හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වූ අපරාධකරුවන් කිහිප දෙනෙක් පොලිසිය විසින් දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මීට අමතරව මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වූ තවත් පිරිසක් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් පසුවන බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර සිය ජංගම දුරකථනවලට හිටිහැටියේ පැමිණෙන සැක කටයුතු ”ලින්ක්” හෝ ”ෆයිල්” විවෘත කිරීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේම සිය හිතවතුන්ගේ ජංගම දුරකථනවලින් මුදල් ඉල්ලා ලැබෙන පණිවිඩ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයකින් පසුවන ලෙස ඉල්ලා සිටින පොලිසිය එවැනි පණිවුඩ ලැබුණු සැණින් එකවර මුදල් බැර නොකර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව නැවත තහවුරු කර ගන්නා ලෙසද ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd