
(අංජුල මහික වීරරත්න)
ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙනස් වන පාරිභෝගික ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම පිණිස සහ බැංකු ක්ෂේත්‍රයේ තරගකාරිත්වය පවත්වා ගැනීම පිණිස ඩිජිටල්කරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ලංකා බැංකුව විසින් හඳුනාගෙන තිබේ.
එබැවින්, ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ප්‍රශස්ත කරණය සහ ඩිජිටල් පරිවර්තනයට සහාය වන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් හා සේවාවන් සපයා ගැනීම පිණිස, සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත තොරතුරු තාක්ෂණ ආයතනයක් එම බැංකුවට අනුබද්ධිතව පිහිටුවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, ලංකා බැංකුවේ මිනිස් බල අවශ්‍යතා සපුරාලීම සඳහා 1992 දී පිහිටුවන ලදුව 2007 වසරේදී මෙහෙයුම් කටයුතු අත්හිටුවනු ලැබ ඇති ලංකා බැංකු කළමනාකරණ සහ සහාය සේවා (පුද්ගලික) සමාගම (BOC Management and Support Services (Pvt) Lid.), ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබ ඇති කොන්දේසි වලට අනුගතව ලංකා බැංකු තොරතුරු තාක්ෂණ විසඳුම් (පුද්ගලික) සමාගම (BOC IT Solutions (Pvt) Ltd.) නමින් ලංකා බැංකුවේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස පිහිටු වීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ ආයතනයක්