
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .
එහි සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අලෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
මන්නාරමේ සංචාරයක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලොකු වැඩක්නේ කරලා තියෙන්නේ...
කල්ලතෝනින්ට, ගංජා කාරයින්ට ලෙහෙසියෙන්ම එන්න බැරියෑ...!
ඡන්දයෙන් පත්වන"ඇත්ත" විධායක ජනාධිපතිවරයෙක් තීරණය කරයි මේ ප්‍රොජෙක්ට් එක කරනවාද නැතිද යන වග... ඒ සමගම කවුරුන්හෝ මිට විරුද්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළයුතුයි. මහජන ඡන්දයක්වත් නැති නිකම්ම නිකමෙක් ජනාධිපති ලේබල් එක ගහගෙන එයාගේ ඉන්දියාවේ නෑදෑයින් මෙහෙට ගෙනෙන්න ගහන ප්ලෑන් එකෙන් මේ රටේ භෞමික අඛණ්ඩතාවය නැතිවෙන බව තේරුම්ගන්න තරම් හොඳ මානසික තත්වයක් නැත.
පරදින එක දන්න හින්දා තියෙන උගුල් ඔක්කොම අටවලා යන්න වගේ හදන්නේ...!
මෝදිට ඡන්දය ගන්න බොරුවට කිව්වා කච්චතිව් ඉන්දියාවට ගන්නවා කියලා, දකුණු ඉන්දියාවම BJP එක පරාදයි. ඒ වගේ තමයි ලංකාවේත් ඡන්ද ගුණ්ඩු විතරයි. හොඳයි නම් රටට දෙයක් කළා රනිල්-මහින්ද-මෛත්‍රී-චන්ද්‍රකා කරපු දෙයක් නෑ... කෑවා විතරයි..!
මෙවැනි අමනෝඤ්ඤ ක්‍රියා වචන වලින් පමණක් නතර වේවා යැයි රටට පණ මෙන් ආදරය කරන සැවොම පැතිය යුතුයි. මොවුන් භයානක ප්‍රශ්න අටවා ඔවුන්ගේ පැවැත්ම සඳහා ඒවා භාවිතා කර නික්ම යනු ඇත. ප්‍රශ්නය සදාකාලිකව රටට අයහපත ගෙනේ...!
ළමයෙක් නැති එකාට රටක් වැඩක් තියනවද ?හෙන ගහපිය කියලා රටම අනුන්ට දීලා යන්න හදන්නේ ?මෙයා දිගටම උන්නොත් අපිට අපේ මිනිය වලලන්න වෙන්නෙත් ඉන්දියාවට ගානක් ගෙවලා
දැන් එතකොට ඔය පාරේ අපිට ඉන්දියාවට යන්න ලැබෙන්නේ කවද්ද ?2048 ද ?
ස්වභාවධර්මය අපිට දීලා තියෙන විදිහ වෙනස් කරන්න එපා. රනිල් තව ටික දවසකින් යයි.. අපේ දූදරුවන් කිසිම කරදරයක් නැතිව මේ රටේ ඉන්න ඕනේ.