IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ලේ වර්ගය අති දුර්ලභයි

ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය කියන්නීය.

අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක එම දරුප්‍රසූතිය සිදු කර තිබේ. මව සහ අගේ දරුවා නිරෝගී තත්ත්වයේ පසුවන බව රෝහල් අධ්‍යක්ෂිකාව පවසන්නීය.

දරු ප්‍රසූතියට පෙර එම කාන්තාව බොම්බේ ඕ පොසිටිව් ලේ වර්ගයට අයත් බව දැනගත් විගස රෝහල් කාර්ය මණ්ඩලය වහා යුහුසුළු වී එම ලේ වර්ගය සෙවීමට පටන් ගෙන තිබේ. ඒ දරු ප්‍රසූතියේ දී ඇයට ලේ ලබා දීමට සිදු වුවහොත් දකුණු කලාපීය රුධිර බැංකුවේ එම ලේ වර්ගය නොමැති නිසාය.

බොම්බේ ඕ පොසිටිව් යනු අති දුර්ලභ ලේ වර්ගයකි.

අවට රෝහල්වලින් ද ඒ ගැන විමසා තිබෙන අතර පසුව කොළඹ සොයිසා රෝහලේ තිබී බොම්බේ ඕ පොසිටිව් වර්ගයේ ලේ පැකට්ටුවක් ලැබී ඇත.

එහෙත් එම මව සාමාන්‍ය ලෙස දරුවා ප්‍රසූත කර තිබෙන නිසා අදාළ ලේ ඇයට ලබා දීමට අවශ්‍ය නොවූ බව වෛද්‍යවරු කියති.



අදහස් (35)

ලේ වර්ගය අති දුර්ලභයි

නීරෝධා Thursday, 31 July 2014 04:25 AM

මේ ලේ වර්ගය ගැන අපිත් ඉගෙනගෙන තිබුනේ නැහැ. ඒ නිසා මේ වර්ගය ගැන විස්තරයක් මාධ්‍යයට දෙන්න. ගන්න පුළුවන් කාටද. දෙන්න පුළුවන් කාටද කියලත් විශේෂයෙන් විස්තර ඕනා. (නදී)

:       0       4

චාමර Thursday, 31 July 2014 04:38 AM

මේ ලේ වර්ගය මුලින්ම සොයාගත්තේ ඉන්දියාවේ බොම්බේ නගරයෙන් (නි)

:       2       0

කුමාර Thursday, 31 July 2014 04:41 AM

ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ලහිරු Thursday, 31 July 2014 04:44 AM

දේශපාලුවන්ට තිබෙන ලේ මේ ලෝකයේ කාටවත්ම නැහැ (නි)

:       0       0

අනු Thursday, 31 July 2014 05:10 AM

එ්ක නම් ඇත්ත අභය (නදී)

:       0       0

සමන් Thursday, 31 July 2014 05:16 AM

අපේ දේශපාලුවන්ගේ තියෙන්නේ ලේ නෙමෙයි, ඇසිඩ්. ඒ තරමට හොර බොරු වංචා කරලා නිසා ලේ ඇසිඩ් වෙලා (නි)

:       0       0

පුෂ්පා Thursday, 31 July 2014 05:34 AM

චන්දිම, මෙම දුර්ලභ ලේ වර්ගය පළමුවෙන්ම සොයාගත්තේ ඉන්දියාවේ මුම්බායි පෙදෙසින්. එනිසයි එයට බොම්බේ බ්ලඩ් ග්රූප් කියන්නේ. දත්ත අනුව, ඉන්දියාව හා ඉන්දියාවට ඉතා ආසන්න පෙදෙස් නොසළකා හැරියොත් මෙම ලේ වර්ගය තියෙන්නේ ආසන්න වශයෙන් ජනගහණයෙන් 250,000 කට එක් අයෙකුටයි. නමුත් ඉන්දියාවේ ජනගහණයෙන් ආසන්න වශයෙන් 7,600 කට එක් අයෙක් ඉන්නවා. මොවුන්ගේ ලේ සමහර ලේ වර්ග ඇති අයට ලබා දියහැකි නමුත් මොවුන්ට ලබා ගත හැක්කේ බොම්බේ බ්ලඩ් පමණයි. (නි)

:       0       1

කින් බෙනට් Thursday, 31 July 2014 04:50 PM

වෙලාවක ඒ මවට නැවත එන්න කියල ලේ පැකට් එකක් දෙකක් අරන් තියන එක හොඳයි .. ඒක එයාටම කවද හරි ඕන වෙන්න පුළුවන් ..(අ).

:       0       1

සේන Thursday, 31 July 2014 05:42 AM

චන්දිම, මෙම ලේ වර්ගය ඕ නමුත් සාමාන්‍ය ඔ් වල අඩංගු තවත් සංගටක වල වෙනසක් නිසා සාමාන්‍ය ඔ් දායකයෙක්ගේ ලේ ලබාගන්න බැරි තත්වයක් ඇතිවෙනවා. මෙම තත්වය ලේ ඥාතීන් අතර විවාහ නිසා ඇති වෙන්නක් කියා විද්‍යා මතයක් තියෙනවා. මෙම ලේ වර්ගය සහිත පුද්ගලයෙක් ඉන්දියාවේ මුම්බෛ් ප්‍රදේශයෙන් පළමුවෙන් හමු වූ නිසා මෙම නමින් හැදින්වෙනවා.(නදී)

:       0       0

ධම්ම Thursday, 31 July 2014 06:21 AM

පේනවා නේද වෙනස අපේ කාගේත් ඇඟේ තියෙන්නේ රතු ලේ කිව්වට. (නදී)

:       0       1

චාමර Friday, 01 August 2014 02:04 PM

සාමාන්‍යයෙන් ඕ රුධිර වර්ගයේ තියෙන එච් ඇන්ටිගන් වෙනුවට මෙහි තියෙන්නේ එච්එච් ඇන්ටිගන් (නදී)

:       0       0

කලනි Wednesday, 30 July 2014 04:25 PM

ඕ නම් අහලා තියනවා. බොම්බේ ඕ අදමයි ඇහුවේ. වර්ග 8 ට අමතර තව එකක්? (නි)

:       0       0

පෙරේා Thursday, 31 July 2014 08:02 AM

ඔව් මයි ඔය වර්ගයේ ලේ වර්ගයක් ගැන අපිට පාසැලේදි උගන්වලා නහැ (නදී)

:       0       0

නාලක Thursday, 31 July 2014 08:17 AM

චන්දිම, මටත් ඔය ප්‍රශ්නෙම ආවා. මම විකිපීඩියා සයිට් එකේ සර්ච් කරාල විස්තර හොයා ගත්තා. ලින්ක් එක කොමෙන්ට් එකේ ටයිප් කළා. පල කරලා නැහැ (නදී)

:       0       0

පොඩි Thursday, 31 July 2014 09:15 AM

තේජාන්විත මොනවද ඒ ලේ. (නදී)

:       0       0

ධරමලතා Friday, 01 August 2014 06:03 PM

අනේ ඔය අයියල මල්ලිලා වාද නොවී ඒ අම්මටත් දරුවටත් නිරෝගී බව පතන්න (නදී)

:       0       0

එන්සිනා Thursday, 31 July 2014 09:25 AM

ඔය අහපු නැති ලේ වර්ගය දන්නා කෙනෙක් විස්තරයක් දාන්න (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 06:10 PM

අවශ්‍ය නොවුවත් හොඳ වෙලාවට " බොම්බේ ඔ පොසිටිව් " උනේ . " ටැමිල් නාඩු ඔ පොසිටිව් " උනා නම් තමයි ලෙඩේ ! (අ)

:       0       0

සියාඩ් Thursday, 31 July 2014 09:57 AM

හදිසි අවස්ථාවක හොයාගන්න තමා අමාරු (නදී)

:       0       0

ප්‍රියා Wednesday, 30 July 2014 06:55 PM

මිනිස්සුන්ට හිනාවෙන්න එපා. ඒකත් එක්තරා ලේ වර්ගයක් (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 30 July 2014 07:40 PM

ගාමිණී, නිකන් මෝඩ විදියට හිතන්න එපා (නි)

:       0       0

චන්දිම Wednesday, 30 July 2014 09:00 PM

මම පාසල් යන කාලේ නම් මෙහෙම නමක් ඉගෙනගෙන නැහැ. කවුරුහරි දන්නවා නම් කියලා දෙනවද? (නි)

:       0       0

ජයත් Thursday, 31 July 2014 10:12 AM

චන්දිම මේකට බොම්බේ පොසිටිව් කියන්නේ මුලින්ම බොම්බේ වලදී හොයා ගත්ත හින්ද මූලික ලේ වර්ග හතරට අයත් නොවන වෙනත් කණ්ඩයක් මේක ලේ වල තියන antijen වල වෙනස් කමක් තියෙන්නේ (අ).

:       0       0

අමල් ප්‍රසන්න පීරිස් Thursday, 31 July 2014 11:26 AM

ගාමිණි මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (අ)

:       0       0

ප්‍රසංග Thursday, 31 July 2014 11:44 AM

මේක ඉතා දුර්ලභ ලේ වර්ගයක්. ඉන්දියාවේ මුම්බායි වල තරුණයන් දෙදෙනෙක් ගෙන් තමයි මුලින්ම සොයගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි මෙය බොම්බේ ඕ පොසිටිව් ලෙස නම් කලේ. (අ)

:       0       0

අභය Thursday, 31 July 2014 03:27 AM

මේ වගේ හොඳ ප්‍රවෘත්ති වලට ගාමිණීලා වගේ අදහස් දාන අයත් ඉන්නවානේ ? (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 31 July 2014 12:57 PM

ගාමිනි, ඉදලහිටල ඔයවගේ කතාවක් දෙකක් කියන්න බුම්බන් ඉන්නවට වැඩිය හීනාවෙන්නවත්.(අ)

:       0       0

තේජාන්විත Thursday, 31 July 2014 03:26 AM

ඒත් අපේ දේශපාලකයන්ගේ තිබෙන ලේ මේ ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති (නි)

:       0       0

සම්පත් Thursday, 31 July 2014 03:56 AM

කවුද ලේ වලට ඔය වගේ නම් දාන්නේ? (නි)

:       0       0

එරංග Thursday, 31 July 2014 03:58 AM

ඇයට පිහිටවෙන්න ඇත්නම්? (නි)

:       0       0

ජයනි Thursday, 31 July 2014 04:01 AM

මේ දුර්ලභ ලේ වර්ගය කාන්තාවට තිබෙනවා නම් ඇගේ දෙමව්පියන්ට තිබිය යුත්තේ කුමන ලේ වර්ගද යන්න දන්නා කෙනෙක් කරුණාකර අපිට පැහැදිලි කරනවාද? (නි)

:       0       0

රොෂාන් Thursday, 31 July 2014 04:07 AM

මමත් මේ ඇහුවමයි... (නි)

:       0       0

සිදත් Thursday, 31 July 2014 04:14 AM

අනේ! මේ අම්මාට උදවු කරන්න පුලුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       0

ශෙහාහුර් ඩේවුඩ් Thursday, 31 July 2014 04:22 AM

වාසනාවන්තයි සන්තෝසයි (නදී)

:       0       0

SpMonday, 05 June 2023 08:34 PM

අද පොට්ටු කියලා දෙමළ ෆිල්ම් එකක් ගියා... මායා වගේ හොල්මන් එකක් ඒකෙ නිධාන කතාව නිසා තමයි. බොම්බේ ලේ ගැන දැනගත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 326 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 523 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 369 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 662 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1305 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 616 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site