ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය කියන්නීය.
අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක එම දරුප්‍රසූතිය සිදු කර තිබේ. මව සහ අගේ දරුවා නිරෝගී තත්ත්වයේ පසුවන බව රෝහල් අධ්‍යක්ෂිකාව පවසන්නීය.
දරු ප්‍රසූතියට පෙර එම කාන්තාව බොම්බේ ඕ පොසිටිව් ලේ වර්ගයට අයත් බව දැනගත් විගස රෝහල් කාර්ය මණ්ඩලය වහා යුහුසුළු වී එම ලේ වර්ගය සෙවීමට පටන් ගෙන තිබේ. ඒ දරු ප්‍රසූතියේ දී ඇයට ලේ ලබා දීමට සිදු වුවහොත් දකුණු කලාපීය රුධිර බැංකුවේ එම ලේ වර්ගය නොමැති නිසාය.
බොම්බේ ඕ පොසිටිව් යනු අති දුර්ලභ ලේ වර්ගයකි.
අවට රෝහල්වලින් ද ඒ ගැන විමසා තිබෙන අතර පසුව කොළඹ සොයිසා රෝහලේ තිබී බොම්බේ ඕ පොසිටිව් වර්ගයේ ලේ පැකට්ටුවක් ලැබී ඇත.
එහෙත් එම මව සාමාන්‍ය ලෙස දරුවා ප්‍රසූත කර තිබෙන නිසා අදාළ ලේ ඇයට ලබා දීමට අවශ්‍ය නොවූ බව වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලේ වර්ගය ගැන අපිත් ඉගෙනගෙන තිබුනේ නැහැ. ඒ නිසා මේ වර්ගය ගැන විස්තරයක් මාධ්‍යයට දෙන්න. ගන්න පුළුවන් කාටද. දෙන්න පුළුවන් කාටද කියලත් විශේෂයෙන් විස්තර ඕනා. (නදී)
මේ ලේ වර්ගය මුලින්ම සොයාගත්තේ ඉන්දියාවේ බොම්බේ නගරයෙන් (නි)
ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි! (නි)
දේශපාලුවන්ට තිබෙන ලේ මේ ලෝකයේ කාටවත්ම නැහැ (නි)
එ්ක නම් ඇත්ත අභය (නදී)
අපේ දේශපාලුවන්ගේ තියෙන්නේ ලේ නෙමෙයි, ඇසිඩ්. ඒ තරමට හොර බොරු වංචා කරලා නිසා ලේ ඇසිඩ් වෙලා (නි)
චන්දිම, මෙම දුර්ලභ ලේ වර්ගය පළමුවෙන්ම සොයාගත්තේ ඉන්දියාවේ මුම්බායි පෙදෙසින්. එනිසයි එයට බොම්බේ බ්ලඩ් ග්රූප් කියන්නේ. දත්ත අනුව, ඉන්දියාව හා ඉන්දියාවට ඉතා ආසන්න පෙදෙස් නොසළකා හැරියොත් මෙම ලේ වර්ගය තියෙන්නේ ආසන්න වශයෙන් ජනගහණයෙන් 250,000 කට එක් අයෙකුටයි. නමුත් ඉන්දියාවේ ජනගහණයෙන් ආසන්න වශයෙන් 7,600 කට එක් අයෙක් ඉන්නවා. මොවුන්ගේ ලේ සමහර ලේ වර්ග ඇති අයට ලබා දියහැකි නමුත් මොවුන්ට ලබා ගත හැක්කේ බොම්බේ බ්ලඩ් පමණයි. (නි)
වෙලාවක ඒ මවට නැවත එන්න කියල ලේ පැකට් එකක් දෙකක් අරන් තියන එක හොඳයි .. ඒක එයාටම කවද හරි ඕන වෙන්න පුළුවන් ..(අ).
චන්දිම, මෙම ලේ වර්ගය ඕ නමුත් සාමාන්‍ය ඔ් වල අඩංගු තවත් සංගටක වල වෙනසක් නිසා සාමාන්‍ය ඔ් දායකයෙක්ගේ ලේ ලබාගන්න බැරි තත්වයක් ඇතිවෙනවා. මෙම තත්වය ලේ ඥාතීන් අතර විවාහ නිසා ඇති වෙන්නක් කියා විද්‍යා මතයක් තියෙනවා. මෙම ලේ වර්ගය සහිත පුද්ගලයෙක් ඉන්දියාවේ මුම්බෛ් ප්‍රදේශයෙන් පළමුවෙන් හමු වූ නිසා මෙම නමින් හැදින්වෙනවා.(නදී)
පේනවා නේද වෙනස අපේ කාගේත් ඇඟේ තියෙන්නේ රතු ලේ කිව්වට. (නදී)
සාමාන්‍යයෙන් ඕ රුධිර වර්ගයේ තියෙන එච් ඇන්ටිගන් වෙනුවට මෙහි තියෙන්නේ එච්එච් ඇන්ටිගන් (නදී)
ඕ නම් අහලා තියනවා. බොම්බේ ඕ අදමයි ඇහුවේ. වර්ග 8 ට අමතර තව එකක්? (නි)
ඔව් මයි ඔය වර්ගයේ ලේ වර්ගයක් ගැන අපිට පාසැලේදි උගන්වලා නහැ (නදී)
චන්දිම, මටත් ඔය ප්‍රශ්නෙම ආවා. මම විකිපීඩියා සයිට් එකේ සර්ච් කරාල විස්තර හොයා ගත්තා. ලින්ක් එක කොමෙන්ට් එකේ ටයිප් කළා. පල කරලා නැහැ (නදී)
තේජාන්විත මොනවද ඒ ලේ. (නදී)
අනේ ඔය අයියල මල්ලිලා වාද නොවී ඒ අම්මටත් දරුවටත් නිරෝගී බව පතන්න (නදී)
ඔය අහපු නැති ලේ වර්ගය දන්නා කෙනෙක් විස්තරයක් දාන්න (නදී)
අවශ්‍ය නොවුවත් හොඳ වෙලාවට " බොම්බේ ඔ පොසිටිව් " උනේ . " ටැමිල් නාඩු ඔ පොසිටිව් " උනා නම් තමයි ලෙඩේ ! (අ)
හදිසි අවස්ථාවක හොයාගන්න තමා අමාරු (නදී)
මිනිස්සුන්ට හිනාවෙන්න එපා. ඒකත් එක්තරා ලේ වර්ගයක් (නි)
ගාමිණී, නිකන් මෝඩ විදියට හිතන්න එපා (නි)
මම පාසල් යන කාලේ නම් මෙහෙම නමක් ඉගෙනගෙන නැහැ. කවුරුහරි දන්නවා නම් කියලා දෙනවද? (නි)
චන්දිම මේකට බොම්බේ පොසිටිව් කියන්නේ මුලින්ම බොම්බේ වලදී හොයා ගත්ත හින්ද මූලික ලේ වර්ග හතරට අයත් නොවන වෙනත් කණ්ඩයක් මේක ලේ වල තියන antijen වල වෙනස් කමක් තියෙන්නේ (අ).
ගාමිණි මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (අ)
මේක ඉතා දුර්ලභ ලේ වර්ගයක්. ඉන්දියාවේ මුම්බායි වල තරුණයන් දෙදෙනෙක් ගෙන් තමයි මුලින්ම සොයගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි මෙය බොම්බේ ඕ පොසිටිව් ලෙස නම් කලේ. (අ)
මේ වගේ හොඳ ප්‍රවෘත්ති වලට ගාමිණීලා වගේ අදහස් දාන අයත් ඉන්නවානේ ? (නි)
ගාමිනි, ඉදලහිටල ඔයවගේ කතාවක් දෙකක් කියන්න බුම්බන් ඉන්නවට වැඩිය හීනාවෙන්නවත්.(අ)
ඒත් අපේ දේශපාලකයන්ගේ තිබෙන ලේ මේ ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති (නි)
කවුද ලේ වලට ඔය වගේ නම් දාන්නේ? (නි)
ඇයට පිහිටවෙන්න ඇත්නම්? (නි)
මේ දුර්ලභ ලේ වර්ගය කාන්තාවට තිබෙනවා නම් ඇගේ දෙමව්පියන්ට තිබිය යුත්තේ කුමන ලේ වර්ගද යන්න දන්නා කෙනෙක් කරුණාකර අපිට පැහැදිලි කරනවාද? (නි)
මමත් මේ ඇහුවමයි... (නි)
අනේ! මේ අම්මාට උදවු කරන්න පුලුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක් (නි)
වාසනාවන්තයි සන්තෝසයි (නදී)