මෙවර අය වැයෙන් ඉවත් කළ ගෘහ භාණ්ඩ ප්‍රවාහනය සදහා බලපත් ක්‍රමය නැවත ඇති කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මොරටුව නාගරක මන්ත්‍රීවරු අද (28) මොරටුව කුර්තා හන්දියේ උද්ඝෝෂණයක් කළහ.
බලපත් නොමැතිව ගෘහ භාණ්ඩ ප්‍රවාහනයට අවසර දෙන බව මහින්ද රාජපක්ෂ ජනපති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකට මොනවා වෙයිද? (නි)
මොරටුවේ කුර්තා හංදිය තියෙන්නේ කොහෙද දනේ නැහැ. කුරුස හංදිය කියලා එකක්නම් තියෙනවා (නදී)
උද්ගෝෂණය සංවිධානය කරපු අය රට ගැනවත් මිනිස්සු ගැන වත් හිතන අය නෙමෙයි. ගෙයක් හදනකොට හරි ගෙයකින් තවත් ගෙදරකට මාරු වෙනකොට හරි පොලිසියට රුපියල් 500 ගානේ දෙන්න වෙන එක මේකෙන් නතර වෙයි. පොඩි මිනිහට මේකෙන් ලොකු සෙතක් වෙයි. මොරටුවේ මේක සංවිධානය කරපු අයට බලපත්‍රය ගන්න ගත්තු ගණන අඩු වෙන හින්දා තමයි මේ අය මෙහෙම කරන්නේ. දවසක් හරි ලී බඩු ගන්න පර්මිට් ගත්තු කෙනෙකුට එකග වෙන්න පුළුවන් වෙයි. හේතුව ඒකේ අමාරුව කොහොමද කියල දන්නා නිසා. (නදී)
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ක්‍රමයක් අවශ්‍ය වන්නේ රජයේ වනාන්තර ආරක්ෂා කර ගැනීමටයි. බලපත්‍ර ක්‍රමය අහෝසි කළහොත් අපේ රටේ වනාන්තර ටික ඉක්මනින්ම වැනසෙනවා දකින්න පුළුවන්. දැව ප්‍රවාහනයට බලපත්‍ර ක්‍රමය නැවත අරඹන්න. (නි)
මේ කට්ටිය එතකොට මේ අපි වෙනුවෙන් උද්ගෝෂණය කරලා තියෙන්නේ මේකටද? (නදී)
ඉස්සර මුදලාලිලා ආණ්ඩුවේ කැළෑ ගෘහ භාණ්ඩ බවට පත්කරනවා කැළෑ ආසන්න වඩුමඩු වලම. හැබැයි ප්‍රවාහනයට බලපත් අවශ්‍ය නිසා ඒවා පන්නාගෙන එන එක ලේසි වුණේ නැහැ. කට්ටිය දැනටම වැඩට බැහැලාද දන්නෙ නැහැ දැන්? (නි)
බලපත්‍ත්‍රයෙන් මේ අයට ගානක් ලැබෙනවා ඇති. (නදී)
සල්ලියි වාසියි මිසක් රටට බලපාන දේ ගැන හැගීමක්වත් නැද්ද අපේ මිනිසුන්ට? (නි)