හදිසි අනතුරක් හේතුවෙන් බුලත්සිංහල පදිංචි රෝගියකු (64) හොරණ මූලික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කිරීමෙන් පසු ඔහුට අවශ්‍යව තිබූ බී පොසිටිව් රුධිරය වෙනුවට ඒබී පොසිටිව් වර්ගයේ රුධිරය ලබාදී ඇතැයි ද පසුව කොළඹ ජාතික රෝහලට මාරු කළ යැවූ රෝගියා එහිදී මරණයට පත් වී ඇතැයිද රෝහල් ආරංචි පවසයි.
මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් දී ඇතත් ඥාතීන් පවසනුයේ ලබා දුන් රුධිරයේ වැරදීමක් නිසා රෝගියා මරණයට පත් වූ බවයි.
හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂ තමර කළුබෝවිල මහතා පවසන්නේ වැරදීමකින් රුධිරය මාරු වී දුන් බව හදිසි අනතුරු අංශයෙන් තමාට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් ජාතික රුධිර පාරවිලයන ඒකකය හා හොරණ මූලික රෝහල එක්ව පරීක්ෂයක් පවත්වන බවත්ය.
මරණයට පත් පුද්ගලයාගේ ඥාතීන් තමාට කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවත් කළුබෝවිල මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කනේ ඇමතිලා පිටරට රෝහල් වලට යන්නේ. (නි)
මේවට කවුද වර්ජනය කරන්නේ? ලැයිස්තුවක් වැරදුනොත් එන සංගම් කෝ? (නි)
හැබැයි කතාවෙන් නම් ලෝකයෙන්ම උගත් දොස්තරලා ඉන්නේ අපේ රටේ (නි)
වර්තමානයේ දොස්තරලාගේ මනසත් අවුල්වෙලා වියරු වැටිලා. ඉතින් කොහොමද මේ අය ලෙඩුන්ට හරි හැටි ප්‍රතිකාර කරන්නේ? (නි)
දොස්තරලාගෙත් දැන් කල්පනාව අඩුයි වගේ. අපිට දෙවියන්ගේ පිහිටයි (නි)
අනේ දෙවියනේ! මේවා මහා අපරාධ (නි)
දැන් ඉන්න දොස්තරලට ලෙඩ්ඩු ගැන බලන්න වෙලාවක් තියෙනවද? ඒගොල්ලන්ට මාධ්‍ය සාකච්ඡා තිය තියා, වර්ජන කර කර පැරදුනු ලොක්කට කඩේ යන්න තියෙනවනේ. (නි)
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න. රාජකාරියේ බර අනික් අයටත් දැනෙන්න. (නි)
හරිගියාම දෙවිවරු, වැරදුනාම කියන්න පුළුවන් හැමදෙයම කියලා දොස් කියනවා. මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා. (නි)
වගකිවයුතු අයට උපරිම දඬුවම් දියයුතුයි. (නි)
සමහර රටවල පුද්ගල හැදුනුම්පතට ලේ වර්ගය අතුළත් කරන්නේ මේ වගේ අවස්ථාවන් ගැන හිතලා. අපේ රටේත් මේක කරනවානම් හොද වැඩක්. (ම)
කොහොමත් හොරණ ඉස්පිරිතාලෙට අමාරු ලෙඩෙක් ඇතුල් කරනවා කියන්න මරණ සහතිකේ අපිම ලියාගන්නවා වගේ වැඩක් තමයි.(ම)
හරියට මරණ සිදුවනවා නොසැළකිලිමත්කම නිසා. ඒ පරිපාලනයේ අඩු ගුණාත්මකකම නිසා. (නි)
හැඳුනුම්පතේ නෙමෙයි ඔලුවේ කොටලා තිබ්බත් වැඩක් නැහැ. (නි)
මේවා නොසැළකිල්ලෙන් කරන දේවල්. නඩු දාලා වන්දි ඉල්ලන්න. එතකොට ඉදිරියට සැළකිල්ලෙන් වැඩ කරයි (නි)
කොහොමහරි ඉගෙනගෙන දොස්තර වෘත්තියට එන අය උත්සාහ කරන්නේ, මිනිස්සු ගැන සැළකිල්ලක් දක්වනවාට වඩා, පොකට්ටුව පුරවාගන්නේ කොහොමද කියන එක ගැනයි. (නි)
මෙය ලෝකයේ ඕනෑම රටක සිදුවිය හැකි දෙයක්. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පුර්ණ පරීක්ෂණයක් කළයුතුමයි. එතැනදී දැනගන්න පුළුවන් මොන අවස්ථාවේදීද වැරැද්ද වුණේ කියන එක. මින් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන්න පුළුවන්. ඒ සඳහා රෝගියාගේ පැත්තෙන් පැමිණිල්ලක් අවශ්‍ය නැහැ. මේ වෙනකොටත් සිද්ධිය ගැන දැනුම්දීමක් කරලා තියෙන නිසා. (නි)
කෝ අර හැමදේකටම ඇඟිලි ගහන නඩය? (නි)
දුන් ලේ වල වර්ගය නිසිලෙස පරීක්ෂා නොකළේ ඇයි? (නි)
"වෛද්‍යවරයෙකු අතින් වන වැරදි පොළොවට අඩි හයක් යටින් වැළලෙන්නේය, විනිසුරුවරයෙකු අතින් වන වැරදි පොළොවට අඩි හයක් උඩින් එල්ලෙන්නේය" (නි)
මෙහෙම ගියොත් දොස්තරලගේ නමට මුලින් “කොන්“ කියන වචනය යොදවන්න සිදුවෙයි (නි)
මගේ එකම පැතුම තමයි ජීවත්ව ඉන්නාතුරු කිසිම දවසක ලංකාවේ රෝහලකට හෝ පොලිසියකට යන්න නොලැබේවා කියන එක. (නි)