IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලේ පටලැවිල්ලෙන් රෝගියා මරුට ?

හදිසි අනතුරක් හේතුවෙන් බුලත්සිංහල පදිංචි රෝගියකු (64) හොරණ මූලික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කිරීමෙන් පසු ඔහුට අවශ්‍යව තිබූ බී පොසිටිව් රුධිරය වෙනුවට ඒබී පොසිටිව් වර්ගයේ රුධිරය ලබාදී ඇතැයි ද  පසුව කොළඹ ජාතික රෝහලට මාරු කළ යැවූ රෝගියා එහිදී මරණයට පත් වී ඇතැයිද රෝහල් ආරංචි පවසයි.

මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් දී ඇතත් ඥාතීන් පවසනුයේ ලබා දුන් රුධිරයේ වැරදීමක් නිසා රෝගියා මරණයට පත් වූ බවයි.

හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂ තමර කළුබෝවිල මහතා පවසන්නේ වැරදීමකින් රුධිරය මාරු වී දුන් බව හදිසි අනතුරු අංශයෙන් තමාට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් ජාතික රුධිර පාරවිලයන ඒකකය හා හොරණ මූලික රෝහල එක්ව පරීක්ෂයක් පවත්වන බවත්ය.

මරණයට පත් පුද්ගලයාගේ ඥාතීන් තමාට කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවත් කළුබෝවිල මහතා පවසයි.



අදහස් (0)

ලේ පටලැවිල්ලෙන් රෝගියා මරුට ?

විපුල Thursday, 09 June 2016 07:38 AM

එ්කනේ ඇමතිලා පිටරට රෝහල් වලට යන්නේ. (නි)

:       0       0

නිල්මිණි Thursday, 09 June 2016 01:16 AM

මේවට කවුද වර්ජනය කරන්නේ? ලැයිස්තුවක් වැරදුනොත් එන සංගම් කෝ? (නි)

:       0       0

පළිහවඩන Thursday, 09 June 2016 01:57 AM

හැබැයි කතාවෙන් නම් ලෝකයෙන්ම උගත් දොස්තරලා ඉන්නේ අපේ රටේ (නි)

:       0       0

භද්‍රානි Thursday, 09 June 2016 08:22 AM

වර්තමානයේ දොස්තරලාගේ මනසත් අවුල්වෙලා වියරු වැටිලා. ඉතින් කොහොමද මේ අය ලෙඩුන්ට හරි හැටි ප්‍රතිකාර කරන්නේ? (නි)

:       0       0

රත්නායක Thursday, 09 June 2016 02:04 AM

දොස්තරලාගෙත් දැන් කල්පනාව අඩුයි වගේ. අපිට දෙවියන්ගේ පිහිටයි (නි)

:       0       0

ටෙනිසන් Thursday, 09 June 2016 02:37 AM

අනේ දෙවියනේ! මේවා මහා අපරාධ (නි)

:       0       0

සුසන්ත Thursday, 09 June 2016 02:43 AM

දැන් ඉන්න දොස්තරලට ලෙඩ්ඩු ගැන බලන්න වෙලාවක් තියෙනවද? ඒගොල්ලන්ට මාධ්‍ය සාකච්ඡා තිය තියා, වර්ජන කර කර පැරදුනු ලොක්කට කඩේ යන්න තියෙනවනේ. (නි)

:       0       0

බන්දුල Thursday, 09 June 2016 03:03 AM

මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න. රාජකාරියේ බර අනික් අයටත් දැනෙන්න. (නි)

:       0       0

කුමාර Thursday, 09 June 2016 03:17 AM

හරිගියාම දෙවිවරු, වැරදුනාම කියන්න පුළුවන් හැමදෙයම කියලා දොස් කියනවා. මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා. (නි)

:       0       0

අසංග Thursday, 09 June 2016 10:20 AM

වගකිවයුතු අයට උපරිම දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 09 June 2016 04:47 AM

සමහර රටවල පුද්ගල හැදුනුම්පතට ලේ වර්ගය අතුළත් කරන්නේ මේ වගේ අවස්ථාවන් ගැන හිතලා. අපේ රටේත් මේක කරනවානම් හොද වැඩක්. (ම)

:       0       0

දිසා Thursday, 09 June 2016 05:24 AM

කොහොමත් හොරණ ඉස්පිරිතාලෙට අමාරු ලෙඩෙක් ඇතුල් කරනවා කියන්න මරණ සහතිකේ අපිම ලියාගන්නවා වගේ වැඩක් තමයි.(ම)

:       0       0

විජිත Thursday, 09 June 2016 05:52 AM

හරියට මරණ සිදුවනවා නොසැළකිලිමත්කම නිසා. ඒ පරිපාලනයේ අඩු ගුණාත්මකකම නිසා. (නි)

:       0       0

කන්නංගර Thursday, 09 June 2016 05:53 AM

හැඳුනුම්පතේ නෙමෙයි ඔලුවේ කොටලා තිබ්බත් වැඩක් නැහැ. (නි)

:       0       0

සරණපාල Thursday, 09 June 2016 05:55 AM

මේවා නොසැළකිල්ලෙන් කරන දේවල්. නඩු දාලා වන්දි ඉල්ලන්න. එතකොට ඉදිරියට සැළකිල්ලෙන් වැඩ කරයි (නි)

:       0       0

පීරිස් Thursday, 09 June 2016 05:55 AM

කොහොමහරි ඉගෙනගෙන දොස්තර වෘත්තියට එන අය උත්සාහ කරන්නේ, මිනිස්සු ගැන සැළකිල්ලක් දක්වනවාට වඩා, පොකට්ටුව පුරවාගන්නේ කොහොමද කියන එක ගැනයි. (නි)

:       0       0

ජයම්පති Wednesday, 08 June 2016 05:38 PM

මෙය ලෝකයේ ඕනෑම රටක සිදුවිය හැකි දෙයක්. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පුර්ණ පරීක්ෂණයක් කළයුතුමයි. එතැනදී දැනගන්න පුළුවන් මොන අවස්ථාවේදීද වැරැද්ද වුණේ කියන එක. මින් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන්න පුළුවන්. ඒ සඳහා රෝගියාගේ පැත්තෙන් පැමිණිල්ලක් අවශ්‍ය නැහැ. මේ වෙනකොටත් සිද්ධිය ගැන දැනුම්දීමක් කරලා තියෙන නිසා. (නි)

:       0       0

පෙරේරා Wednesday, 08 June 2016 06:40 PM

කෝ අර හැමදේකටම ඇඟිලි ගහන නඩය? (නි)

:       0       0

අබය Wednesday, 08 June 2016 06:52 PM

දුන් ලේ වල වර්ගය නිසිලෙස පරීක්ෂා නොකළේ ඇයි? (නි)

:       0       0

උපාලි Thursday, 09 June 2016 06:06 AM

"වෛද්‍යවරයෙකු අතින් වන වැරදි පොළොවට අඩි හයක් යටින් වැළලෙන්නේය, විනිසුරුවරයෙකු අතින් වන වැරදි පොළොවට අඩි හයක් උඩින් එල්ලෙන්නේය" (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 08 June 2016 08:16 PM

මෙහෙම ගියොත් දොස්තරලගේ නමට මුලින් “කොන්“ කියන වචනය යොදවන්න සිදුවෙයි (නි)

:       0       0

නුවන් Thursday, 09 June 2016 07:08 AM

මගේ එකම පැතුම තමයි ජීවත්ව ඉන්නාතුරු කිසිම දවසක ලංකාවේ රෝහලකට හෝ පොලිසියකට යන්න නොලැබේවා කියන එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 615 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site