( එම්.එස්.එම් සදික් අරනායක සිට ) - අරනායක - පොල්අඹේගොඩ, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සහ විල්පොල අල්මනාර් මුස්ලිම් පල්ලිය එක්ව ලේ
දන්දීමේ කඳවුරක් පොල්අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
සිංහල - මුස්ලිම් 200කට වැඩි පිරිසක් මෙහිදී ලේ පරිත්‍යාග කළහ.
සුදර්ශන සුබසාධන සමිතිය 15 වෙනි වරට මේ වැඩසටහන සංවිධානය කළේය.
විහාරාධිපති නිකපිටියේ ධම්මානන්ද නායක හිමි, දෙමළහිරියේ අනෝමදස්සී හිමි, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන තාරකා බාලසුරිය සහ චමින්ද දිසානායක මහත්වරුද ලේ දැන් දුන්හ.
විල්පල මුස්ලිම් මහ පල්ලියේ සභාපති පවාස් මරික්කාර් මහතා ද මාවතගොඩ මෝරාගම්මන හා ගෙටබේරිය, මුස්ලිම් පල්ලිවල දායක කමිටු සාමාජිකයෝද කඳවුරට සහාය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් හොද වැඩක්. අපි කාගේත් අගේ දුවන්නේ එකම ලේ නේ (දී)