IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


රේගුව බදු කඩයිම පන්නයි: ට්‍රිලියන දෙකක ආදායමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 කඩයිම ඊයේ (30) ඉක්මවූ බවත් මෙම වසර සඳහා ලබාදී ඇති රුපියල් ට්‍රිලියන 2.115 ඉලක්කය සාර්ථකව පසුකරමින් මෙම වසර අවසාන වනවිට තවත් රුපියල් බිලියන 300 ක පමණ ආදායමක් රජයට එකතු කරදීමට රේගුවට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය.

ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම රේගුව මෙලෙස මෙම වසරේ පළමු මාස 10 තුළ එකතු කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.

රේගුවේ මෙම ආදායමට වාහන ආනයනයෙන් ඉපැයූ රුපියල් බිලියන 630 ක බදු ආදායමද ඇතුළත් වන බව අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවට මෙම වසරේ ලබාදී ඇති රුපියල් ට්‍රිලියන 2.115 ක ඉලක්කය මෙම වසරේදී සාර්ථකව පසු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.



අදහස් (2)

රේගුව බදු කඩයිම පන්නයි: ට්‍රිලියන දෙකක ආදායමක්

Neel Friday, 31 October 2025 04:15 PM

මේක තමයි පොදු විපක්‍ෂයට විදවන්න බැරි හේතුව... රට සංවර්ධනය වන එක වළක්වන්න එකතුවන්න, කියලා අඩන්නේ...

:       3       11

විපරමා Friday, 31 October 2025 05:41 PM

ආදායම් ලැබෙන ආයතන හැම එකකම අමාත්‍යාංශ බාරව තිබුනේ දුෂිත පව්ල් පාලනේ අයට .. ඔවුන් කරපු හරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... හොරාකාපු එක....

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site