IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


රේගුව අලුත් කරන්න විශේෂඥ උපදෙස්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණය සඳහා  ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ උපදෙස් ලබා දීමට සූදානම් බව ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණ වැඩපිළිවෙළ සම්බන්ධව මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු නියෝජිතයෝ මේ බව දැනුම් දුන්හ.

රේගු නව්‍යකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කර ඇති අතර, ඒ පිළිබඳව ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ පැසසුමට ලක් වූහ.

එසේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ උපදෙස් ලබා දීමටත් ලෝක බැංකු නියෝජිත පිරිස එකඟතාව පළ කළ අතර, රේගු ආඥා පනත සංශෝධනය කිරීම සම්බන්ධවද අදහස් හුවමාරු කර ගැනිණි. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව බදු ආදායම් රැස් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන අතර, එම ආයතන රාජ්‍ය අධිකාරීත්වය තුළ පවත්වාගෙන යමින් දේශීය ආර්ථිකය ඉහළට ගෙන ඒමටත්, අදාළ ආයතන තුළ සිදුකළ යුතු ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් හදුනාගෙන රජයට වාර්තා ඉදිරිපත් කිරීමත් අරමුණු කරගෙන ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ලෝක බැංකුවේ පුහුණු කළමනාකාර ෂාභි ඒ. මොහිබ් (Shabih A Mohib), ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ඩබ්. එල්. සී. තිලකසිරි යන මහත්වරු, රේගු නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

රේගුව අලුත් කරන්න විශේෂඥ උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12973 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 322 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 220 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site