
(එන් .ආරච්චි )
කොළඹ, මහනුවර මාර්ගයේ මාවනැල්ල අංවාරම ප්රදේශයේදී අද (7) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එක් අයකු මරණයට පත්වී තවත් අයෙකු රෝහල්ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි .
මහනුවර සිට පානදුර දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා කෑගල්ල දෙස සිට මාවනැල්ල දෙසට ධාවනය කළ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බව කියයි.
අනතුරින් වෑන් රථයේ ගමන් කළ වයස අවුරුදු හැට එකක් පමණ වන පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිසිය කියයි. අනතුරින් තවත් බරපතල තුවාල ලැබූ කාන්තාවක් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය කියයි.
COMMENTS