IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රැකව මුහුදට කුඩු දැමූ ධීවරයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

(රෝෂන් තුෂාර)

දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා විසින් සිය භාරයට ගත් අයිස්,හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් මෙරටට ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනකු ලබන 22 දින දක්වා රඳවා ප්‍රශ්න කෙරෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

තරින්ද මදුෂාන්, රසික කුමාර, සංජීව දිල්ෂාන්, උදුල් පේමරත්න හා සුරේෂ් එරංග යන සැකකාර ධීවරයින් පස්දෙනා මෙලෙස රඳවා ප්‍රශ්න කිරීම සිදුකරන බවත් ඊට අදාළ අවසරය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම කරුණු ඉදිරිපත් කළේය.

පසුගිය 14 වැනි දින තංගල්ල මුහුදේ පාවෙමින් තිබු අයිස් කිලෝ 670 ග්‍රෑම් 676සහ හෙරොයින් කිලෝ 156 ග්‍රෑම් 542 සහ හෂිස් කිලෝ 12 ග්‍රෑම්036 ක මත්ද්‍රව්‍ය තොගය මෙසේ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් කළේය.

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය 16දා අධිකරණයට ඉදිරිපත් කළ අතර එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කළේය.



අදහස් (0)

රැකව මුහුදට කුඩු දැමූ ධීවරයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 934 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1015 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site