IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රහස් පොලිසිය අධිකරණයෙන් සමාව ඉල්ලයි

(රෝෂන් තුෂාර)

සාක්ෂි මගින් අනාවරණය නොවූ කරුණු වැඩිදුර වාර්තාවක සටහන් කිරීමෙන් සිදුවූ අපහසුතාවයට ”සමාව ” දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තනුජා ලක්මාලී මහත්මියගෙන් අද ඉල්ලා සිටියේය.

සාක්ෂි මඟින් අනාවරණය නොවූ බරපතළ ප‍්‍රකාශයක් වැඩිදුර වාර්තාවේ සටහන් කළේ මන්ද? යනුවෙන් මහේස්ත‍්‍රාත්වරිය කළ ප‍්‍රශ්න කිරීම් වලදී රහස් පොලිසිය එලෙස සමාව අයද සිටියේය.

පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්හි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල්බද්දර පද්මෙ නමැත්තාගේ උපදෙස් මත විදෙස් ගමන් බලපත‍්‍රයක් නිකුත් කිරීමට සැකකාර ආගමනය විගමන සහකාර පාලකවරයා කටයුතු කළේ යැයි වැඩිදුර වාර්තාවේ සටහන් වී ඇත්තේ ප‍්‍රමාද දෝෂයකින් බවත්, එමගින් සිදුවූ අපහසුතාවයට සමාව අයදින බවත් රහස් පොලිසිය ප‍්‍රකාශ කළේය.

සහකාර පාලකවරයා පාතාල කල්හි සාමාජිකයාගේ උපදෙස් පරිදි මෙම විදෙස් ගමන් බලපත‍්‍රයේ නිකුත් කළේද යන්න පිළිබඳව විමර්ශන කරන බවද වැඩිදුරටත් පැවසීය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් නොකළ ජාතික හැඳුනුම්පත් අංක දෙකක් හිමි කෙසෙල්බද්දර පත්මේ නමැත්තාගේ කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත‍්‍රය අලූත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා හා එම ගමන් බලපත‍්‍රය සැකසීම සඳහා ඡුායාරූප නිකුත් කළේ යැයි කියන ඡුායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙසේ සමාව ඇය ද සිටියේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු වන අනුර සම්පත් රූපසිංහ, ඡුායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන කේ. එම්. අසාත් සහ ඒ.එච්. විපුලසාර සිල්වා යන තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 



අදහස් (2)

රහස් පොලිසිය අධිකරණයෙන් සමාව ඉල්ලයි

අරවින්ද මොණරවිල Friday, 30 May 2025 09:30 AM

නඩුවට අදාළ නැති කරුණු වාර්තා වලට එකතු කරලා නඩුව කෙරෙහි තිබෙන විශ්වාස නැති කරලා රහස් පොලිසිය පරන පුරුද්දට වැඩ අල කරන්න වගේ යන්නේ.

:       1       9

සොරිසේන Friday, 30 May 2025 03:26 PM

පොලොස් බාප්පිලා කවදත් කොහොමත් එහෙම තමයි. වාර්තා ලියනකොට, සාක්කි දෙනකොට, හොඳට අතින් පයින් ලුණු ඇඹුල්, තුනපහ, කහ ගම්මිරිස් දාලා තමයි සාක්කි දෙන්නේ... ඔව්වා අලුත් දේවල් නෙමෙයිනේ..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site