යාල වළහෙක් සිය නිදහස භුක්ති විදිමින් ඔහුගේ රාජ දහනේ කෑම සොයා ඇවිද ගියේය.
මිනිහෙක් උඟුලක් ඇද්දේය.වළහා උඟුලට අසු විය.ඒත් මිනිහාට වළහා මරා ගත නොහැකි විය.
මිනිහා උගුල අටවන්නට ඇත්තේ මුවකු මරා ගන්නට විය හැකියි.
මිනිසා නොසිතු දෙයක් වළහා කළේය.මන්ද ද රැගෙන ගසකට නැන්ගේය.ඒත් මන්ද නොගැල වුවහොත් වළහාගේ ජීවිතය අනතුරේය.
සිතුල්පව්ව,බැබව,අලිවල හේනක පළු ගසක අඩි30 ක අග්ගිස්සට නැඟ ගත් වළහා බිම සිට නිර්වින්දන බෙහෙත් විද ලණුවකින් බිමට බා තුවාල වලට බෙහෙත් කැර කැලයට මුදා හැරීමට ඔවුහු සමත් වුහ.
ලුණූගම් වෙහෙර වනජීවී කාර්යාලයයේ ඌව මධ්‍යම පළාත භාර පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්ම කීර්තී මේ වළහා බේරා ගැනීමේ මෙහෙයුමේ නියමුවා විය.
‘කෑලෑ ජීවිතයේ විසි වසරක සේවයක අද්දැකීම් ඇති ඔහුට වළසකු බේරා ගැනීමට හැකි වු මුල්ම අවස්ථාව මෙයයි.වළහා කම්බි කේබල් උගුලකට හසු කරලා .පණ පිටින් වළහා බිමට ගැනීම ලොකු ප්‍රශ්නයක් .එහෙත් ඉලක්කයට නිල බලා නිර්වින්දන වායු රයිෆලයෙන් විද්දා එය හරි ගියා.‘
ගමේ නිර්භීත තරුණයන් දෙදෙනකු වන පාලිත හා සංජය අපට සහාය දුන්නා.වයස අවුරු දහයක් පමණ වන කිලෝ පනහකට වඩා පමණ බරැති වළහා කඹයකින් බිමට බෑවා.‘
අකාරුණික උඟුල් කරුවාට සත්ව කරුණාවේ පාඩමක් කියා දෙමින් යාල වනෝද්‍යානයේ පශු වෛද්‍යවරු ඇතුළු සේවකයෝ වළහා බිමට ගත්හ.
එහිදී කුරිරු මිනිසා ගැන රහස් කීමට කාරුණික මිනිසුන් වෙතට නොගිය වළහා එක පිම්මේ සිය දනව්ව කරා පැන ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලස්සුන්ව අල්ලන්නේ මරන්නේ ඇයි? මස් කන්නද? ගහට නැග්ගේ මිනිස්සු කරන වන විනාසය සංවර්දනය කියලා කරන අපරාධය ගැන මිනිස්සුන්ට කියන්න වෙන්නැති? වලස්සු කොච්චර අපේ කැලෑවල ඉතුරු වෙලා ඉන්නවද? (අ)
දැලක් වත් නැහැ. අත් දික්කරගන ඉන්නවා ? නාස්ති කරන සල්ලිවලින් මේ කැලාවල තත්වේ දියුණු කරන්න ඕනේ සංචාරකයන් ගෙන් ආදායම් ලබන නිසාත්. (අ)
මෙහි වීඩියෝ පටියකු මුලුලොවටම දැකගන්න සැලැස්සුවොත් අගෙයි. කියලා හිතෙනවා. අපේ රටේ මිනිස්කම ලොවට පෙන්වා දෙන්න. (ස)
ඡායාරූප වලට ස්තූතියි (නි)
මොහොමඩ්ලා වලහව ඉතුරු කළොත් ඇති (නි)
වනජීවී නිලධාරීන්ටත්,ඡායාරූප ගත් ශිල්පියාටත්,ගස මුදුනට නැග වලහාව පහතට ගැනීමට උදව් කළ තරුණයන්ටත් මගේ ප්‍රණාමය! (නි)
අලි දල පිටින් පවුල් පිටින් මරනවා...අහිංසක වලසුන්ට උගුල් හදනවා. බිත්තර ගිලිනවා..කුකුල්ලු හරක් මේසෙට ගන්නවා.. අනේ...මිනිසුනේ... (ස)
ඔබලාට පින් සිදු වේවා (ස)
සරසි පඩිය වැඩි උනොත් විතරද ඔය හොඳින් වැඩ කරන්නේ , ඕකයි ඉතින් රටට හෙන ගැහිලා තියෙන්නේ (අ)
මහත්වරුනි, ඔබ සැමට මගේ උපහාරය ! (නි)
ලෝකේ ඉන්න ජරාම සතා තමයි මිනිසා ....වනේ ඉන්න එවුන් නෙවි (නදී)
මේ ලන්ඩන් ඉන්දු හරිම වාතයක් නේද. කොහේ හරි ප්‍රතිචාරයක් දැම්මොත් එයාගේ බන තමයි.(නදී)
දුෂ්කර ජීවිත ගතකරන අයට හැමෝම උදවු කරන්න ඕනෑ රටකට හරියන්න නම්. (නි)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ..(නදී)...
වලහා ගස් නැග්ගේ, විරෝධයක් පෑමට වෙන්න නොහැකිද? (නි)
මෙහි සරසි සොයුරියට අපහාස කරමින් අදහස් පළ කර ඇති ඉන්දු මා නොවන බව කරුණාවෙන් සළකන්න (නි)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත .(නදී)
ඔබ සැමට බොහොම පින් අගේ ඇති වැඩක් ඉතාමත් අනර්ගයි.(නදී)
මම හිතන්නේ මේ වලහා පිරිමි සතෙක් (නි)
ගොඩක් පින් අහිංසක සතුන් බේරා ගත්තට.(නදී)
උතුම් පින්කමක්. මේ සියලුම මහත්වරුන්ට පින් සිදුවේවා! (නදී)
බොහොම පින් සිදුවන වැඩක්. අද කලේ මිනිසුන්ට කරදරයක් ආවත් සහයට කවුරුත් යන්නේ නැහැ. එහෙත් සතෙකුගේ ජීවිතයක වටිනාකම දන්න සත්ගුණවත් මිනිසුන් තවමත් ඉන්නවා. (නි)
කපා කොටා මනුස්ස ඝාතන කරන යුගයක., මෙවන් තිරිසන් සතෙක් (භයානක)බේරා ගත් ඔබ සැමට මගේ ප්‍රණාමය.....!!! පින් සිදු වේවා!!!!(නදී)
සිත නිවන මේ පුවත ලබාදුන් එසැණටත්, ජනක ද සිල්වා සොයුරාටත් මගේ ආචාරය. මට ප්‍රශ්නය අර නියම රජ කොල්ලෝ දෙන්නා (පාලිත සහ සංජය) නොහිටියා නම් කොහොමද මෙයාව බිමට ගන්නේ කියන එකයි. බැරිවෙලාවත් නිර්වින්දන බෙහෙත වැදිලා වලහා බිමට ඇදගෙන වැටුනා නම්? දෙපාර්තමේන්තුවේ මෙවැනි සතුන් බේරා ගන්න ක්‍රමයක් නැද්ද? දැල් වැනි දෙයක්වත් දීලා නැද්ද? (නි)
අහිංසක වලහා බේරාගත් දොස්තර මහතා ඇතුළු සැමදෙනාටම නිරෝගී සුවය සැනසීම ලැබේවා! ඔබ සැමදෙනාට තෙරුවන් සරණ වේවා! (නි)
සාරසී, ඔයාගේ දෙවන ප්‍රාර්ථනාවෙ තිබෙන මෛත්‍රිය පළමු ප්‍රාර්ථනාවෙ නැහැ නේද? හැමෝම එක එක විදියේ වැරදි කරනවානේ. සමහර විට නොදැනුවත්කමට වෙන්න ඇති. සමහර විට හේන පාලු කරන සතුන්ගෙන් බේරාගන්න වෙන්න ඇති. කැලෑ ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සුන්ට අපිට වගේ පරිසරවේදියෝ සත්ව හිතකාමියෝ වෙන්න අමාරුයි. ඒ අයට ජීවත් වීමත් කැලෑව සහ කැලෑ සත්තු සමග කරන සටනක්. සියලු සත්වයෝ නිදුක් වේවා කියලා පතන්න... (නි)
ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)
වලහාගේ නොකිවු රහස තමයි, " මාරක අපලයක් ගෙවුණා..උගුල්කාරයොත් සුවපත් වෙත්වා. මට නිදහසේ කැලේට යන්න පාර පෙන්වූ ඔබ සැමට පින් සිදුවේවා! එහෙනම් මම ගිහින් එන්නම්. සැමට තෙරුවන් සරණයි"!... කියා (නි)
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන් ..... (නි)
මනුෂ්‍යාගේ ශ්‍රේෂ්ඨ බවත් උතුම් කමත් තමා මේ ඔප්පුකර තිබෙන්නේ. රුදුරු සතෙකුට උවත් කරුණාව දැක්වීම උතුම් මානුෂිය ගුණාංගයක්. ලාංකික ජනතාව මේ සතුන් හට දක්වන ආදරය, ගෞරවය, කරුණාව, තමන්ගේම සහෝදර ජනතාවටත් දක්වනවා නම්, "ලංකා මාතාව" මොන තරම් නම් ආඩම්බර වේවිද??? (අ)
අහිංසක සතුන් මරා මස් කරන කුරිරු මිනිසුන් සිටින සමාජයක මහත්වරුනේ, ඔබලාගේ ක්‍රියාව අති විශිෂ්ටයි. ඔබලාට අපගේ උත්තමාචාරය. (නි)
ගොඩක් සතුටුයි. අපේ මනුස්සකමින් පිරි සැමට බොහොම පින්. (නි)
බුදු බණ කිව්වාත් නිරන්තරේ බුදු බණ ඇසුවාත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ... බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති ගතියක් අපි හට ඇතිවද මන්දා මේ තරමට බුදු බණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා... සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය නැවුම් ලොවක් මත සිහසුන බන්ඳා එක ඉර හඳ යට හිනැහෙන දවසක් යලි කවදාවත් නේවිද මන්දා..... (පද රචනය: රඹුක්කන සිද්ධාර්ථ හිමි) (නදී)
අනේ අක්කියේ...අහිංසක වලස්සු මහා දවාලෙත් පාරේ යනවා...බලාගෙනයි..ප්‍රවේසමින්..දොස්තරලා හැම තැනම නෑ. (නදී)
පින් සිදු වේවා! (නි)
උතුම් ක්‍රියාවක් කර ඇත්තේ. මේ සැමට මගේ උත්තමාචාරය! (නි)
යාල වනොද්‍යානයේ ඩොක්ටර් ධර්ම කීර්ති මහතා ප්‍රධාන කාර්ය මණ්ඩලය සහ ඊට සහායවූ ගමේ තරුණයින් දෙදෙනාටත්, මෙවැනි දුර්ලභ වාර්තාවක් සෙයාරූ සමග ඉදිරිපත් කල ජනක් ද සිල්වා මහතාටත් බෙහෙවින්ම ස්තුතියි. විශ්‍රාමික වන නිලධාරියෙක් ලෙස වන ජීවී නිලධාරීන්ගේ මෙම විශිෂ්ට සේවය ඉතා අගය කරනවා.(නදි)
මේ පශු වෛදද්‍ය තුමාගේ අයියල අක්කල නංගිලා ඔක්කොම උපාධි ධාරීන් කියල පසු ගිය දා පත්තර වල තිබ්බ මතකද? ඉන් පස් දෙනෙක්ම වෛදද්‍ය වරුන්. (අ)
ඔබ තුමාට ගොඩක් පින් ! (නදී)
වලහ රහස නොකිය ගියාට උගුල අටවපු නොමිනිහගේ ගඳ ඉවට තියාගෙනයි ගියේ කියල වලහ කිව්වලු.ළඟදීම මැන්ට වැඩේ දෙන්නන ආයෙත් එනවලු. (අ)
වලහා කිව්වේ කැලෑ පාලුවන්ගෙන් රට බේරා දෙන්න කියලයි. (නදී)
පව් අප්පා..මට මගේ පොඩි කාලේ මතක් උන මේ වලහව දැකලා (අ)
ඔබලාට පින් සිදු වේවා .....(අ)
ඉන්දු කී දෙයට පුංචි එකතු කිරීමක්...සියලු වලසුන් මෙන්ම සියලු ගවයන්,එළුවන්, ඌරන්,කුකුලන්, මත්ස්‍යයන් මෙන්ම වන අලින්ද නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියන්න කිව්වොත් බොහෝ අය කියාවි ඒක ප්‍රායෝගික නැහැ කියා. හැකි හැම විටම ජීවත් වීමේ අයිතිය අනිත් අයට දෙන්න. මෙම සත් ක්‍රියාවත් එවැනියි. (මම නිර්මාංශ ආහාරයෙන් පමණක් යැපෙන කෙනෙක් නොවන බවත් කිව යුතුයි.) (නදී)
මට බය ගස් නැගලා උපවාස කරන මිනිසුන්ටත් අපේ පොලිසිය මේ විදියට කරයිද දන්නේ නැහැ කියලා. ඒ නිසා ගස් නගින්නේ බලාගෙන (නි)
මස් වැද්දන්ට හොද පාඩමක් (නදී)
ලංකාවෙත් මෙහෙම දේවල් වෙනවා කියල අහන්නත් ආසයි. වන ජීවී කාර්යාංශය ඔවුන්ගේ වැඩේ නියමට කලා බොහොම අගෙයි (නදී)
ඉන්දු-ලන්ඩන් - මිනිස්සු සත්තුන්ගේ කැලවල් මැදට ගිහින් පැල් අටවා ගත්තම සත්තු පලිද? පදිංචි වෙන්න ඕනේ සැලැස්මක් ආණ්ඩුව හදන්න ඕනේ. (නදී)
ධර්මකීර්ති මහත්තයෝ, ඔබතුමාට සහ නීර්භීතව ඉදිරිපත් වූ තරුණයන් දෙදෙනාත් වනජීවී එකේ සියලු දෙනාටත් ලාංකිකයන් වශයෙන් අපෙන් සුබ පැතුම්...! ඔබතුමාගේ විසිවසරක සේවයේ යාල වනයේ ඉතිරිව සිටි අන්තිම වලස් පැටියත් බේරුනා.ඔබලාට පින් සිදු වේවා! (නි)
තව ටික කාලයයි ඔය සත්තු අපිට දකින්න ලැබෙන්නේ. එහෙම නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. (නදී)
සතාව සුවපත් කර දිවි ගලවා දුන් සියලු දෙනාටම ආත්මයෙන් ආත්මයට පින් ලැබෙනවා. (අ)
බැරි වෙලාවත් වලහ වැටුන නම් මහත්තුරුන්ගේ රස්සාවත් නැති වෙයි. අපේ නිර්බිත තරුණයන්ට ගෞරවය සහ සිර්ෂ ප්‍රණාමය. ඔවුන්ට වනජීවී එකෙන් රැකියා ලබා දුන්නොත් වඩා හොදයි.(නදී)
අපේ රටේ ඉන්නේ මොනවාගේ අයද තිරිසන්නු ද අනේ (අ)
ඉතාමත් විශිෂ්ට ප්‍රවෘත්ති වටිනාකමක් ඇති දසුන් පෙළක්. 1-2-4-5-6-7-8-9 (විශේෂයි)-10 පින්තුර වල ප්‍රවෘත්ති වටිනාකම ඉහලයි. තරගයකදී ඉහලම සම්මානයක් ලබාගත හැකි බවට ඉවක් දැනෙනවා. ජනකට, වනජීවී සහෝදර නිලධාරීන්ට මෙන්ම අන් අයට ද ප්‍රණාමය පල කරමි. (දිල්)
අටවපු උගුලට යලි හසුවන්නේ .......... අපිමයි මිනිසුනේ ......... (අ)
උගුල් අටවන අයට නම් හොදක් වෙන්න එපා (නි)
අහිංසක සතුන්ට උගුල් අටවන මිනිසාට තොන්ඩුව වැටේවා. බේරා ගත්ත අය නිරෝගී සුවයෙන් ගොඩක් කල් ජීවත් වේවා. ඒ වගේම කැපවීමක් ඇති වන ජීවී අයට පඩි වැඩි උනොත් හොඳ නේද. ඔවුන් එතකොට හොඳින් සතුන් සහ ගහ කොළ බලා ගනීවි. (දිල්)
ඔබේ වැඩ ඉතා වැදගත්
හොඳ රැකියාවක් මහත්තය ......
මේ සතා බේරාගත් සහ ඒ සදහා වෙහෙසුණු සියලු දෙනාටම පින්. හැබැයි අහන්න තිබුනා මොන ඉල්ලීමක් දිනගන්නද ගහට නැග්ගේ කියලා? තමාගේ උපවාසය සාර්ථකද අසාර්ථකද කියලා? මොකද අපි පුරුදුකරපු දේවල් නේ මේ. (නි)