මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නව රජයේ මංගල අයවැය සිකුරාදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ කාර්ය සඳහා දැන් සිටම ලක ලෑස්ති වෙයි. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග , නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් සමඟ අමාත්‍යවරයා අමාත්‍යාංශයේ දී අද (18) අයවැය සකසද්දී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්දපෝෂණය රටෙන් අතුගා දමන, නිසි පෝෂණයෙන් යුතු ජනතාවක් බිහිකරන, 60% කින්වත් ආහාර මිල පහත හෙළන අයවැයක් පිළිබද බලාපොරොත්තුවෙන් මුළු රටම රජය දෙස දෑස් දල්වා බලා සිටි. කිරිපිටි මිල නම් 75% කින්වත් අඩුවෙන්න ඕනෑ. රටේ කිරි පරිභෝජනය කිසිසේත්ම සුවදායී දිවි පැවැත්මකට ප්‍රමාණවත් නැහැ. (නි)
රජයෙන් මන්ත්‍රීලට දෙන වාහන පර්මිට් එක නැවැත්තුවොත් බොහොම පහසුවෙන් කිරි පැකට් එකකට රුපියල් 100 ක සහනයක් රජයෙන් දෙන්න පුළුවන්. ඒ වගේම දේශීය ගොවියා රැකගන්නට දේශීය කිරි ගොවියාට රුපියල් 300 ක සහනයක් දෙන්නත් පුළුවන්. රටේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළට ගෙනඒමට, මන්දපෝෂණය රටෙන් අතුගා දැමීමට රජය හැකි ඉක්මනින් ක්‍රියාත්මක වියයුතුයි. (නි)
කිසිම රටක අපේ රටේ වගේ කෑමබීම වලින් ලොකු බදු අය කරන්නේ නැහැ. ඈත පළාත්වල මිනිස්සු විඳින දුක ගොඩක් අය දන්නේ නැහැ. (නි)
රජය අපෙන් බදු ගන්නේ නැතුව දේශීය ගොවියා රකින්න ඔවුන්ට කිලෝ එකට අවම මිලක් යටතේ සහනයක් දෙනවා නම්, පරිප්පු කිලෝ එකක් රුපියල් 100 ක් වගේ මුදලකට දෙන්න පුලුවන්. අල කිලෝ එකක් රුපියල් 20 ක් වගේ මුදලකට දෙන්න පුලුවන්. මේ වගේ නිතරම ආහාරයට ගැනෙන අත්‍යාවශ්‍ය ආහාර මිල අනිවාර්යයෙන්ම අඩු වියයුතුයි. (නි)
ගරු අගමැතිතුමනි, සමබර ආහාර වේලකට අවශ්‍යයි ආහාර පිරමීඩයට අයත් ආහාරවල මිල බාගෙට බාගයක් අඩු කරලා දෙන්න. රට දියුණු කරන්න නම් ඉස්සෙල්ලම නිරෝගී ජාතියක් බිහි කරලා ඉන්න. (රේ)
අජිත්,මමත් ඔබ සමඟයි (නි)