
(ගයාන් සූරියආරච්චි)
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'සාන් සුද්දා' නැමැත්තා මල්ලත්තාවල ප්‍රදේශයේදී අද (3) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සැකකරු මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා තිබූ බව පොලිසිය පවසයි.
‘සාන් සුද්දා‘ නැමැති සැකකරුට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු 5 ක් පමණ පවතින බව පොලිසිය පවසයි.
වැල්ලවාය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා කළ විශේෂ වැටලීමකදී සැකකරු වැල්ලවාය බුදුමැදුර හන්දිය අසල සිටිනු දැක ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට යාමේදී නිලධාරීන් කළ වෙඩි තැබීමකදී සැකකරුගේ කකුල ප්‍රදේශයට එම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණි.
අනතුරුව තුවාල ලැබූ සැකකරු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ආරක්ෂාව යටතේ මොනරාගල රෝහලට මාරුකර යවා තිබුණි.
එහිදී සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මොනරාගල කොට්ටාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. කරුණාතිලක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
978
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහලෙන් පැන්න ’සාන් සුද්දා’ යළි අල්ලයි
Eri Claud Tuesday, 03 June 2025 09:25 PM
පොලිස් නිලධාරීන් එහි සිටියදී ඔහු පැන යන්නේ කෙසේද? පොලිසිය නිදාගෙන සිටියාද නැත්නම් ඔවුන් ඒ අවස්ථාවේ එහි සිටියේ නැද්ද?