කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දීර්ඝ කාලීනව නේවාසික ප්‍රතිකාර ලබන දූ දරුවන්ගේ අධ්‍යාපනය දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රාථමික පුහුණු ගුරුවරු කිහිප දෙනකු අද(24) එම රෝහලට අනුයුක්ත කරනු ලැබූහ.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අදහසක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව මෙම ගුරුවරුන්ගේ සේවය ලබාගෙන ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරකට රෝගී දරුවන් 900-1000 පමණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඇතැම් සිසුන් මාස දෙක තුන රෝහලේ ගත කරන නිසා ඔවුන්ගේ පසු බෑමක් ඇති නොවීම සඳහා මේ පියවර ගන්නා බව දොස්තර හේවගේ පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ළමා මනෝ රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය හේමමාලි පෙරේරා මහත්මිය ද ඇතුළු රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ද රෝහල් කාර්ය මණ්ඩලයද මේ යෝජනාවට සහාය දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගිය ටිකේ 7500 කින් ජීවත් වෙන හැටියි විභාග ප්‍රතිපල ගැනයි එහෙම කියන්න ගිහින් ගාගත්තු මඩ කන්දරාව හෝදගන්න පුළුවන් ඔය වගේ තව වැඩ දෙක තුනක් කලොත්. (නදී)
ඇත්තටම අගය කල යුතු හොද වැඩක්....(නු)
හාපෝ ඉස්පිරිතාලෙ ගිහිල්ලවත් බේරෙන්ට බෑ.(නදී)
හොඳ වැඩක්. (නු)
බන්දුල මහත්තයා හොඳ වැඩත් කරනවා පින් පින් (නු)
හොඳ වැඩක් ,පටන් ගත්ත වගේම නොකඩවා කරගෙන යන්න.(නු)
අනේ හරිම ශෝඅක් අපි කැමති මේවගේ වැඩ වලට තමයි..!(නු)
ලෙඩ්ඩු කියා තුන් වේලක්ම බෙහෙත් පෙති ගිල්වලා ලෙඩා යන වචනය දරුවන්ගේ මානසිකත්වයෙන් බැහැරකොට අධ්‍යාපනය ළමා මනස යොමු කරවීම ලෙඩ ඉක්මනින් සුවකිරීමට වටිනා ඖෂධයක් වේවි !(නු)
රෝස පාට ගුරුතුමිය ගැන ටිකක් අවදානය වැඩි වගෙයිද මන්දා! (නි)
අර කිව්වත් වගේ නර්ස් නෝනා මෙතන මක්කෙයි කොරනවා! (නි)
ගොඩක් අගය කලයුතු වැඩක්.සන්තෝසයි මෙවැනි පුවත් දකින්න ලැබීම..(නු)
අගය කළ යුතු ඉතාමත් හොද වැඩක් (නි)
හෙදිය විටෙක ගුරුවරියකි. ඇය ඇයගේ විවේක කාලයේදී කරනා මෙම සේවය අපි අගය කළ යුතුය (නි)
හොද වැඩක් කරාම කව්රුත් හොද කියනවා,දිගටම කරගෙන යන්න කියල ප්‍රර්ථනා කරනවා, වෙලාවට බෙහෙත් ටික දීල ළමයි ඉක්මනට ගෙදර යවන්නත් බලන්න,(නු)
අනේ ඔය ළමයින්ට ඕවා නැතුව බෙහෙත් කරලා ඉක්මණට ගෙදර යවන්න බලන්න (නි)
මමත් බොරැල්ලේ. ආඩම්බර වෙනවා. තෙරුවන් සරණ ඔබ සියලු දෙනාට ! (නි)
බුදුන් 3න් වරක් වැඩියා වගේ නේද ?(නදී)
බොහොම හොද වැඩක්.. මේ ඇමතිවරුන්ටත් ස්තුතියි..!(නු)
ඉතාම හොද අගය කළ යුතු වැඩක්..!(නු)
හරිම හොද වැඩක්.ළමා මනසට දිව්‍ය ඔසුවක් වේවි. (නු)
අගය කිරීමක් ගොඩක් පින් (නු)
දරුවන්ට අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ඕනේ.(නු)
දරුවන්ගේ මනස හොදින් තේරුම්ගත් කෙනෙක් කරන හොද වැඩක් (නි)
උතුම් දෙයක් ආරම්භ කළාට ගොඩක් ස්තුති කරනවා. මගදී නතර කරන්න එපා. (නි)
රෝස පාටට ගොඩක් සැලකිලි වගේ ! (නි)
ගුරුවරු මෙතන උගන්වනවා හරි කියමුකෝ. නර්ස් නෝනා මෙතන මක්කැයි කොරනවා? (නි)
විප්ලවීය වෙනසක් , දියුණු රට වල මේ වහේ වැඩ සටහන් දියත් කරනවා රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාවය සමබර කරන්න. විශේෂයෙන් භාවනා පන්ති වගේ. කොහොම වුණත් දොස්තර මහතාගේ හොද හිතට මගේ උත්තමාචාරය! (නි)