ඉල්ලිම් පහක් මුල් කරගෙන රෝහල් සුළු සේවකයෝ අද උදේ වැඩ වර්ජනයක් ඇරඹීම නිසා රෝගීහු දැඩි ලෙස අසරණ වුහ.
තුන්ඩු ලිවීමට සේවකයෝ නැතැයි කියමින් දඹුල්ල රෝහලේ වෛද්‍යවරු බාහිර රෝගී අංශයේ වැඩ නොකළ බව පෙනිනි.
පානදුර රෝහල් සුළු සේවකයෝ 120 ක් පමණ වර්ජනයට එක්වුහ.
දිනයක කිහිපයක නිවාඩුවකින් පසු රෝහලට බෙහෙත් ගැනීමට පැමිණි ජනයාගෙන් බොහෝ රෝහල් පිරී තිබිණි.
නිල ඇඳුම් දීමනා ලබා දෙන ලෙස ද, දින පහේ සතිය ක්‍රියාත්මක කරන ලෙස ද විරාම දින කප්පාදුව නතර කරන ලෙස ද, අනතුරු දීමනා වැඩි කරන ලෙස ද ඉල්ලමින් රට පුරා රෝහල්හි සුළු සේවකයෝ මේ වර්ජනය ඇරැඹූහ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
ඡායාරූප හා වීඩීයෝ දර්ශනය කාංචන කුමාර ආරියදාස
ඡායාරූප රංජිත් රාජපක්ෂ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"තුන්ඩු ලිවීමට සේවකයෝ නැතැයි" කියන්නේ දොස්තරලා අකුරු ලියන්න දන්නේ නැද්ද? (අ)