ගම්පහ මහ රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කරනු ලැබ සිටියදී මවක බිහි කළ නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුදත් කේ ධර්මරත්න මහතා කියයි. මියගිය දරුවන්ගේ පියා වන යුද සෙබළ චාමර පි‍්‍රයන්ත මහතා ගම්පහ පොලීසියට පැමිණිලි කර ඇත්තේ වෛද්‍යවරුන්ගේ වරදින් තම නිවුන් දරුවන් දෙදෙන මිය ගිය බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ලොකු අපරාදයක්
මේ කියන කතාව ඇත්ත.ගොඩක් දොස්තරලා ඉගෙන ගන්න කල් ජනතාවගේ පැත්තේ.ඒත් පස්සේ ජනතාව දිහා බලන්නේ අමුතුම කෝණයකින්
පරීක්ෂණයෙන් වෙන දේ ආයි අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ
මමනම් සමහරවිට මරාගෙන මැරෙන්නත් ඉඩ තියෙනවා මේ වගේ වෙලාවට
ලංකාවේ MBBS දොස්තරලා වෙන්නේ ලංකාවෙන් එලියට අඩියක් තියල නැති ලින් ගෙම්බන්. මීට වඩා කාර්යක්ෂම ප්‍රවීන සේවයක් තම සේවාදායකයන්ට ගෞරවාන්විතව ලබාදෙන දොස්තරලා ලොව ඕනෑම රටක ඉන්නවා. මම ඉන්න දිහා දොස්තරලා අපට සලකන්නේ යාළුවන්ට වගේ. පරීක්ෂණයට විනාඩි 20 ක් වත් වෙන් කරනවා, ලංකාවේ වගේ විනාඩියට 20 ක් බලන්න දගලන්නේ නෑ. ඒ වගේම රෝගය ගැන ප්‍රතිකාර ගැන හොදින් විග්‍රහ කරනවා. එකපාරටම සැර බෙහෙත් දෙන්නේ නෑ. බොහොම හොදට රෝගියා ගැන පර්යේෂණ වාර්තා තියාගෙන අධ්‍යයනය කරනවා, පසුවිපරම් කරනවා. ඊ-මේල් එකක් වුණත් යවල විස්තර දැනගන්න පුළුවන් . දොස්තර ඊ-මේල් කරනවා අවශ්‍ය බෙහෙත්, විස්තර උපදෙස් කාර්යක්ෂමව දෙනවා. කොටින්ම කියනවනම් උපන්දින කාඩුත් එවනවා. මෙහෙ MD වෙන්නත් වසර 8 ක් විතර ගතවෙනවා, ඒ අයට මහජන සම්බන්දතා ගැන වෙනම මනා පුහුණුවක් දෙනවා. මෙහෙ අයත් එක්ක බලනකොට ලංකාවේ සමහර MBBS කියන්නේ (මේසන් බාස් බදාම සප්ලයි ) වත් දෝ කියල මට සැකයි! අනේ අපේ දොස්තරලත් මෙහෙම හොද පුහුණුව ලද අය තබා මනුස්සයෙකුට හොදින් කතා පොජ්ජ මන්දෝ කරන්නවත් දැනුම් පොජ්ජ ඇති හිත පොජ්ජලා උනොත් හොදටෝම ඇති! නැත්නම් රටම කම්බස්!
මොකද අනෙ මෙ ඔක්කොම එම්.බී.බී.එස් ස්‍රිලන්කාට බනින්නෙ?ඔය සිද්දි ඔහොම තමයි අපිත් මනුස්සයොනෙ.වෑරදිම් කා අතිනුත් වෙනව.එ උනාට ඔය දෙමව්පියන්ට තව දරුවො එකට දාහක් හදාගන්න පුලුවන්නෙ.මෙකට ඔච්චර නහින්න ඔනෙද? කොල්ලා 2012-07-07 21:26:18 තාම මේ පිලීබද හොයා බලා වාර්තාවක් දී නොමැති නිසා රෝහලට කෙලින්ම ඇගිල්ල දික් කරන එක වැරදියි-හොද කොලු පෑටියා
අනේ ගම්පහ ඉස්පිරිතාලේ ඔය වෙනි දේවල් වෙන එක ගෙන පුදුම වෙන්න දෙයක් නැහැ . කලිනුත් ඔහොම දේ වෙලා තියෙනවා . එයාල ලෙඩ්ඩු ගෙන වෙඩි තෙකීමක් නැහැ . ඔක්කොම නොවේ සමහර අය . ලෙඩ ගොඩක් අමාරුවෙන් කෙගේහුවත් , වේදනාවෙන් එබරුනත් සමහර දොස්තරු නර්ස්ල ගණන් ගන්නේ නෙහෙ . මෙයාල දන්නේ නෙහෙ කොහොමද ඔය තැනට ගියේ කියල . අවිහිංසක ජනතාවට සේවය කරන්න බෙදිලා ඉන්න අය ජොබ් එක ගත්තම හරිම උඩගුයි ආඩම්බරයි . තැන ගෙන පවුල ගෙන හිතනවා මිසක් අනෙක් රෝගීන් ගෙන හිතනවා අසයි . නමුත් රත්රන් දොස්තරු නර්ස්ල ඉන්නවා . බොහොම අඩුයි . මුලික හේතුව පවුල් පරිසරය . මොනාවුනත් ලෙඩ්ඩු ගෙන පරිකෂාවෙන් ඉන්න ඕනි . හෙම කිල්ලටම වැඩ ලොකුයි නොසේලකිල්ල .
මගේ පළමු දරුවත් ලැබුනේ ආණ්ඩුවේ කොළඹ ප්‍රසිද්දම කාන්තා රෝහලේ නියමිත දිනට රෝහලට ලෙඩාව ඇතුලත් කලා එත් හැරිලා නැති දරුවා එලෙසෙම එලියට ගැනීමේ වරදින් අවුරුදු 8 ක් වන දරුවා තාම කතා නොකරයි. කිසිම දෙයක් තේරෙන්නේ නැති විශේෂඥ වෛද්‍ය වරු එයට හේතුව උපතේදී උන දෙය බව පිලි ගනී සැත්කමකින් දරුවා ලබුනිනම් නොර්මල් දරුවෙක් බව විශේෂඥ වෛද්‍ය වරුත් පිලි ගනී මෙන්න ලංකාවේ එම්.බී.බී.එස් ලගේ ආශ්චර්ය
ඔය දොස්තරලට විරුද්දව ලියන්නේ බලාගෙන ....අකත් එති හෙට ඉදල උද්ගෝෂණ කරන්න .හැබැයි චැනෙල් කරනවා ....
සොදුර, ඔය වගේ දේවල් ගොඩක් වෙනවා ඉස්පිරිතාලවල. මගේ මල්ලි 2011 මාර්තු මාසයේ රාගම ඉස්පිරිතලේදී මරුන. හේතුව නර්ස් කෙනෙක්ගේ නොසැලකිල්ල. මම කියන්නේ මේ වගේ දේවල් වලට උපරිම දඩුවම් දෙන්න ඕනේ. අනෙත් අයවත් බේරෙයි නේ
ලංකාදීපේ කොමෙන්ට් වලින් සබැ මාධ්‍ය නිදහස පිළිබිඹු වේ !
මේ රටේ ඔයදෙවල් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ලෙඩ්ඩු ගැන කිසිම තැකීමක් නැහැ. අද ඉස්සර හිටිය වගෙ දෙවිවරු වගේ වෛද්‍යවරු, දෙවිවරු වගේ රෝහල් කාර්ය මණ්ඩලයේ අය අඩුයි. මෙයාල සල්ලි ගැන විතරයි හිතන්නේ. මීට අවුරුදු කිහිපයකට පෙර මගේ තාත්තට අමාරු වෙලා රාත්‍රී හිඟුරක්ගොඩ ඉස්පිරිතාලේ නතරකලාමත් මේ අය සතපහකට ගණන්ගත්තෙ නැහැ. මොනතරම් අමාරු ලෙඩෙක් ආවත් මේ අය හොඳටම නිදි. මගේ තාත්තට අමාරුයි පොළොන්නරුවට හරි මාරු කරලා දෙන්න කියල විටින් විට ගිහිල්ල මේ අයව නැගිටවල ආයාචනා කරලා මම කිව්වා. එත් අච්චර අමාරු ලෙඩාව පහුවෙනිදා උදේ 7.30 වෙනකන් පොළොන්නරුවට යැව්වේ නැහැ. අපේ තාත්ත නිසි ප්‍රතිකාරයක් නැතුව එදා අපිව සදහටම දාල ගියා. අදටත් මට ඉස්පිරිතාලවල ඉන්න මේවගේ මිනිස්සු ගැන තියෙන්න පුදුමාකාර කළකිරීමක්. එදා හරියට බෙහෙත් කළානම් අදත් අපේ තාත්ත අපිත් එක්ක සතුටින් ඉන්නවා.
දොස්තරලා විතරක් නෙවෙයි ,ලංකාවේ ඉස්පිරිතාල වල ඉහල ඉදල පහලටම යනකම් වෙන දෙය කව්රුත් දන්නවා .මෙයාල හැම තිස්සෙම අහිසක මිනිස්සු ඇපයට අරගෙන පඩි වැඩි කර ගන්නවා .
ගම්පහ රෝහලේ ටට්ට්වය ඖරුදු 10 ක 15 ක ඉදල ඔයටත්වය තමයි කව්රු හරි මැදිහත් වෙලා විසදුමක් දුන්නොත් බොහොම පින්
ලංකාවෙ ඉන්න දොස්තරල සමරක්ගෙ ඔලුව උදුමවාගෙන ඉන්නෙ...
ඉස්පිරිතාල තියෙන්නේ සේවකයන්ටද ..? ලෙඩ්ඩුන්ටද..?
උරු වරිගේ රන්හාමි ඔය කියන සේවේ ගන්න ඇමෙරිකාවේදී කීයක් ගෙවනවද කියලත් මෙහෙ අයට කිව්වොත් හොදැයි. පවුලකට මාසෙට රුපියල් ලක්ෂ 2 ක් විතර! අපේ රටේ සල්ලි වලින් ඉගෙනගන පිටරට වලට කබුරන ගමන් තව මෙහෙ ඉන්න යන්තම් ඉතුරු වෙලා ඉන්න අයට බනින්නත් එනවා! මේකේ ඉන්න වුන් වැරදි වැරදි හරි අපිට වැඩ කරනවා ...!
අහිසක මිනිස්සු අමාරුවේ දාල අසාදාරන විදියට ගන්න පඩියෙන් කවද හරි පටිසන් දෙවි ...
මහසෙන් , අනේ පල යන්න කාඩ්බෝඩ් දේශප්‍රේමියෝ, ඇමෙරිකාවේ වැඩ කලාම තමයි උබලට උගෙනගත්තු සල්ලි මතක් වෙන්නේ, රටට කෙලින්ම ඩොලර් එවන, දහදුක් විදලා ඉගෙනගන්න දැනුම රටට ගෙන එන අපි අපි පිටරට වලට කබුරනවා! මැදපෙරදිග ගිහින් තුට්ටුවක් ඔයන් එන අය ඔබ මහා වීරයෝ ! ඕකම තමයි හේනේ! ගොය්යෝ අපි විතරක් නොවෙයි ඔබ ඉගෙනගත්තේ අපේ සල්ලි වලින් තමයි, අපි දැන් ඩොලර් දහස් ගණන් ලංකාවට එවනවා, දැනුම ගෙනෙනවා , ඔබ මොනවද කරන්නේ? යමක් පෙන්නේල දුන්නම ඉගෙන ගෙන හැදෙන්න බලහන් තප්පුලන්නේ නැතුව. අනුන්ට ඉරිසියා කරන්න එපා! මම කිව්වා ඔය සේවය ගන්න මට යන්නේ පව්ලටම රු 50,000 මාසෙටම, මෙහෙ රජයේ රෝහලකින් නම් රු. 20,000 විතර යයි නමුත් සේවය ඉස්තරම්. මම කියන්නේ මේවා ආදර්ශයට ගෙන අපේ සෞක්‍ය සේවය නැවත සකස් කරන්න ඕන කියන එකයි, අපේ මේ වගේ අය හැමදාම බටහිරට බනිනවා නමුත් ඉස මුදුනින් අනුකරණය කරන්න හදන්නේ බටහිරයි, බටහිර සමාජ ක්‍රමයයි , බටහිර අධ්‍යාපනයයි.
අපේ සමහර අය සිතන් ඉන්නේ ලංකාවේ තරම් හොද දොස්තරලා ලෝකේ කොහේවත් නැහැ කියල . එහෙම කියන්නේ පිටරටකට අඩියක් වත් පය නොතියපු අයයි . අපි ඉන්න රටේ රෝහලකට ගියාම මේ දොස්තරලද වැඩකරන සේවකයදො කියල සොයාගන්නත් අමාරුයි . ඔක්කොම එක හා සමානයි. ලංකාවේ දොස්තරල වගේ ඔලුව ඉදිමිලා නැහැ . අපේ රටේ රෝහලකට ගියාම දොස්තරල ඉන්නේ න්‍ර්ස් නෝනලා පිරි වරා ගෙන . ලෙඩෙකුට බෙහෙතක් ලියන්නේ ලඟ ඉන්න අනිත් දොස්තරලත් එක්ක ඕපදූප කතාකර ගෙනයි . ලෙඩාව සත පහකට මායිම් කරන්නේ නැහැ .අඩුම ගානේ ලෙඩේ ගැනවත් අහල දැන ගන්න බැහැ . ලංකාවේ දොස්තරල භරිම අහංකාරයි .අපේ රටේ මොන තැනකට ගියත් සැමතැනම එකයි . දුප්පත් අහිංසක මිනිසුන්ව කිසිම කෙනෙක් ගනන් ගන්නේ නැහැ .සල්ලි වලට ඕනම දෙයක් ගන්න පුලුවන් .
අනේ බෝල ඌරුවරිගේ ඌරෝ, ඔහේට 50,000 සුළු දෙයක් උනාට මෙහෙ ඉන්නේ අපිට ඒ ගාන මැරෙනකම් බෙහෙත් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔහේලා ඩොලර් දහස් ගානෙන් ලංකාවට එවන හැටි අපි දන්නවා. ඔහේලා පවුල් පිටින් එහෙ ඉන්නවනම් මෙහෙ ඩොලර් එවන්නේ කාටද? 50,000 මාසෙට ගෙවල ඉන්ෂුවරන්ස් අරගෙන ඉන්නවනම් ඔහේ හම්බ කරන ගාන හිතාගන්න පුළුවන්. මේ අය තමයි ලංකාවට බැන බැන ලංකාවට ආපු වෙලේ ඉදන් දත් පුරවගන්නයි පොඩි ශල්‍යකර්ම කර ගන්නයි දුවන්නේ. එහෙම එකේ ලංකාවට දහස් ගණන් එවන එක කියනවා කොන්දේ බැදපු චීන්නුන්ට. හිතාගෙන ඉන්නේ ඇමෙරිකවට ගියේ මෙයා විතරයි කියලා. මැද පෙරදිග ඉන්න අය හැම සතේම එවන්නේ මෙහෙට. නිකම් අපිට බබා පාර්ට් දාන්න එපා. එහෙට කඹුරනවා නම් කට වහගෙන හිටපන්
මෙහේ විතරක් නෙමෙයි මුලු ලංකාවෙම දොස්තරලා එකයි.ඒත් 100ක් ගත්තොත් එක් කෙනෙක් විතර ඉන්නවා හොද අය
ගම්පහ රෝහලට යනවට වඩා හොදයි ගෙදරම බබා හම්බුවෙන එක
ඔහොම දොස්තරලට බැනගෙන යන්නකෝ. හෙට පත්තරේ ප්‍රවෘත්තියක් ගියොත් කාගෙහරි කැපිච්ච අතක් බද්ධ කළා කියලා, සේරම අමතකයි. එතකොට වෛද්‍ය වරුන්ට පින් දෙන්න කටවල් මදි. දෙවිවරු, බුදුවරු, සේරම උපමා ඉවරයි. මේවට ප්‍රතිචාර දාන්න රුපියල් පහක්වත් අය කරනවා නම් මෙහෙම හිතුමනාපෙට වැල්වටාරම් ලියන්නේ නැහැ...
හරිම දුකයි. පවු ළමයි දෙන්නයි දෙමවුපියොයි......
අනේ මහසෙන් පැගිරියෝ, ඔය ඉරිසියාව අඩු කොරගනින්! මම මෙහෙ හිටියත් හැම වසරකම ලොකු බද්දක් අඩු නොකර ලංකාවේ ආණ්ඩුවට ගෙවනවා. අපි මෙහෙ ලංකාව පන්සල් 8 ක් භික්ෂුන් වහන්සේලා 60 නමක් අපි අමාරුවෙන් උපයන මුදලින් නඩත්තු කරනවා. පසුගිය වසරේ ලේ දන් දීල ඒවා මෙහෙ ඉස්පිරිතාල වලට විකුණලා ලැබිච්ච මුදල ලංකාවට එව්වා ලංකාවේ දුප්පත් ළමයි ඉන්න පළාතක පුස්තකාලයක් හදන්න. ඔන්න අපි කරන වැඩ. යුද්දේ කාලේ මෙහෙ පාරවල් පුරා සිංහ කොඩි අරගෙන ලංකාවට ජය පතමින් මෙහෙ අය දැනුවත් කරන්න අපි උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවා. මේවා මන් කියන්නේ අනෙක් අයටත් දැනගැනීම පිණිසයි. මෙහෙ හොද, ඉගෙනගෙන හැදෙන්න තියෙන දේවල් බොහොමයි. එකක් තමයි මෙහෙ මිනිසුන්ගේ අධික උත්සාහය, වීර්යය, ආත්ම විශ්වාසය, දැනුමට උගතාට මුල් තැන දීම, දේශපාලන ඇගිලි ගැසීම් නැතිවීම, පුද්ගලවාදය නැතිවීම, අපි ඒවා ගන්නේ නෑ! අපි අරන් තියෙන්නේ හිපොප් , පාතාලය, නිල් චිත්‍රපටි, මත්කුඩු, රියලිටි ෂෝ වගේ නොවැදගත් දේවල් විතරයි. ඒවා හිස් මුදුනින් අරගෙන ඇමෙරිකන් කාරයෝ වෙන්න වගේ කැඩිච්ච සිංහලින් ඇමෙරිකන් තුච්ච සංස්කෘතිය වපුරනවා, ලමයින්ට සිංහල වෙනුවට ඉංග්‍රීසි ගාවන්න නටනවා, ජාත්‍යන්තර පාසල් වලට දාගන්න පොරකනවා, නමුත් වැඩක් කරන්න ගියාම ඇමෙරිකන් කාරයෝ වගේ දැනුමට, ඉන්ද්‍රිය ගෝචර ඥානයට, ආත්ම විශ්වාසයට මුල් තැන නොදී කේන්දර, නැකත්, ග්‍රහ පිහිට පතනවා. ඔන්න ඕකයි මම දකින තිත්ත ඇත්ත, ඕක තේරුම් ගිය දාට අපිටත් පුළුවන් ඇමෙරිකාව පරද්දන්ට. හැබැයි ඒකට අපේ දැනුම් පද්දතියක් ඕන, මෙහෙ දැනුම ධනය පුළුවන් තරම් ලංකාවට ගෙන එන්න ඕන.
රන්හාමි හරි...අර කිව්වත් වගේ මහසෙන් ඉරිසියාවට කියන කතා ඕව. එයටත් රට පනින්න වීස එකක් දුන්නොත් මිනිහව හොයා ගන්න බැරි වෙයි! රන්හාමි ලාංකිකයෙක් විදිහට ඔබ ගැන ආඩම්බරයි. දෙමල ඩයස්පෝරාවට ගහන්න අපිට ශක්තිමත් සිංහල ඩයස්පෝරාවක් බටහිර රටවල් වල ඕන. එකට මද පෙරදිග ගිහින් බෑ. බටහිර රටවල ඉන්න උගත් ලාංකිකයන් වැඩිකරගන්න ඕන. බලන්න අද ඉස්රයලය බලවත් වෙලා තියෙන්නේ ඇමෙරිකාවේ ඉන්න යුදෙව් බලය නිසා. ඇමෙරිකාවේ දේශපාලනය වෙනස්කරන්ට පවා ඔව්න් බලවත්. කොටි කැනඩා රජය නටවන හැටි පේනවා නේද? බටහිර ඉන්න ලාංකිකයන්ට බනින්නේ හුදු ඉරිසියවටම තමයි. ඔව්න් නිසා තමයි ලංකාවට ප්‍රතිලාබ ගොඩක් එන්නේ. වැලි කතරින් එන ඩිනර් වලට වැඩ වැඩි වටිනාකමක් එයට ලැබිය යුතුයි. මොකද ඩිනර් ගෙන්න ගොහින් මෙහෙ පවුල් ජීවිත විනාස වෙනවා , නොයෙක් හිරිහැර වලට ලක්වෙනවා, ලංකාව ගැන පහත වහල් ආකල්පයක් හැදෙනවා. අපි වැඩි වැඩියෙන් උගතුන් බිහිකර ඔව්න් බටහිරට යවා අපේ හඩ සහ බලය ශක්තිමත් කාල යුතුයි.
මහසෙන් ඔබ වැරදියි, රටට වැඩක් කරන ලාංකිකයන්ට ඔහොම කියන්නේ ඔබේ දැනුම මදි නිසා, අත්දැකීම් මදි නිසා. ඕක හරියට අර google වර්ජනය කරමු වගේ වැඩක් හැබැයි i -phone එකෙන් mp3 download කරන කනේ ගහගෙන ඉන්නවා ! ලංකාවේ ඇගලුම් 70% යවන්නේ ඇමෙරිකාවට. උන් එපා කිව්වොත් අපේ ලක්ස ගණනක් මහපාරට වැටෙනවා, විදෙස විනිමය රටට එන හැටි ඔබ දන්නේ නෑ වගේ . ටිකක් කල්පනාවෙන් වැඩ කරමු.
දැන් ඔය පරීක්ෂණය කරට පස්සේ අර මෙරිච්ච ළමයි දෙන්නට පන එනවද ? මේවා වෙන්න කලින් ඒවා නොවන්න වගබලාගන්න ඕන .
සාධාරණ පරීක්ෂණයක් කලත් . අපරාධයක් වෙලා ඉවරයි නේ .තුවාලයේ වේදනාව තුවාලය තියන කෙනාට විතරයි .
මට නම් දැන් ඔය වැඩිදුර පරීක්ෂණය පවත්වනවා කියන බොරුව අහල ඇතිවෙලා තියෙන්නෙ.. ඒත් පරීක්ෂණ පවත්වල කරපු කිසිම දෙයක් නොමැත.. පව් ඒ අම්මයි තාත්තයි..
අනෙ පව් දරුවො දෙන්න..
කොච්චර පරීක්ෂණ කළත් ආයෙ ජීවිත දෙකට පණ දෙන්න බැහැ... අම්මගෙ සහ තාත්තගෙ හිත හදන්න තමයි ඒ පරීක්ෂණ.. මගේත් කණගාටුව..
ගම්පහ රෝහලේ සේවාව දැකල තියෙන නිසා මේ පිලිබඳ පුදුම වන්නේ නැහැ .
මේවට කව්ද දැන් උද්ගෝෂණ තියන්නේ
ගම්පහ මහා රෝහලේ අය ගැන නම් කියන්න තියෙනේ එක දෙයයි ඒ නම් ඒ අය අන්තිමයි
තාම මේ පිලීබද හොයා බලා වාර්තාවක් දී නොමැති නිසා රෝහලට කෙලින්ම ඇගිල්ල දික් කරන එක වැරදියි
ලංකාවෙ වැඩියෙම ඉන්න දොස්තරලා ඔහොම තමයි..
මේක සිදුවෙලා තියෙන්නෙ වෛද්‍යවරැන්ගෙ වරදින් කියලා තිබුණට තාම මේ ගැන පරීක්ෂණ පවත්වනවානේ.. මේකෙන් ජනතාව මුලාවෙනවා...
මේ අද්දැකීමම මට තියෙනවා ගම්පහ ඉස්පිරිතාලේදී. කණගාටු දායක අවස්ථාවක්
දොස්තරලා දෙවියෝලු දෙවියනි ඔබ කොහිද
දොස්තරලගේ හිට රෝහලෙන් චැනල් එකට දරුවෝ මව්තුරුලෙන් දෙව්මව්තුරුලට
මමත් 2011දී මෙවැනි සිදුවීමකට මුහුණ දුන්නා. ගොඩක් සෞඛ්‍ය නිලධාරීන් මේ රෝහලේ හරිම අපරික්ෂාකාරී සහ ආත්මාර්තකාමීයි.. මේගොල්ල හරියට කාක්කො වගෙයි.. මේගොල්ලන්ට අමතකවෙලා තියෙන්නෙ ජනතාවගෙ මුදල්වලින් ඉගනගත්තෙ කියලා.. දෙවි පිහිටයි ශ්‍රී ලංකාවට..
සිදුවීම කෙජජනකයි .පරීක්සනවලින් දරු දෙන්නගේ පන අපසුගන්නත් අම්ම තාත්තගේ හිත හදන්නත් බැහැ වෛද්‍යවරුන්ගේ වරදක්නම් මින්මතු මෙවැනි දේවල් සිදුනොවන්න වගබලාගන්න .දෙවිවරුවන් වැනි වෛද්‍ය වරු අප රටේ ඉන්නවා
රජයෝ රෝහල්වල මහජනතාවට සැලකීම බොහොම අඩුයි. විශේෂයෙන් දරුවො ප්‍රසූත කිරීමේදී බොහොම පහත් විදියටයි සලකන්නේ
කවුද මේවට වග කියන්නේ? අහිංසක දෙමාපියන්ටයි වේදනාව?
දොස්තරලා අද සමාජයට සේවයකට වැඩිය සමාජයට රටට බරක් වෙලා ඉවරයි. සල්ලි පස්සේ දුවන කළුකඩ මුදලාලිලා වගේ වෙලා. පොඩ්ඩ ඇත්නම් අසරණ රෝගීන්ගේ ජීවිත බිල්ලට තියල තමන්ගේ පොඩි මුදල් වාසි වලට වැඩවර්ජන කරනවා. මේ අයට ලොකු පැදියක්, විසල දීමන ගොන්නක්, වාහන බලපත්‍ර, වාහන වලට තෙල්, දුරකථන පරිතොසික ඔක්කොම ලැබෙනවා, ඒවා ඔක්කොම අරගෙන පෞද්ගලික සේවාවන් ගජරාමෙට කොරනවා.
ලංකාවේ ඉන්නේ දොස්තර මුදලාලිලා, හැම එකම තම වාසියට අටවාගෙන. මේක වෙනස් කරන්න ඕන, මේ අයට විරුද්ධව නඩු දන්නා ඕන. වෙන රටකනම් දොස්තර බෙහෙතක් වරද්දුවොත් නඩු දාල. පේනවනේ මයිකල් ජැක්සොන් මලයි කියල දොස්තරව ගස් යැව්වා. මමත් දොස්තර කෙනෙක්, ඒ උනාට මම තාම දුක් වෙනවා මට වාස්තු විද්‍යාව හදාරන්න බැරිවෙච්චි එකට, ඊට අවශ්‍ය නිර්මාණ හැකියාව මට තිබ්බේ නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ මුදලින් මම ඉගෙන ගත්තේ, සල්ලි වලට බෙහෙත් දීල මට නය කාරයෙක් වෙන්න බැහැනේ. හවසට ඕනෑම කෙනෙක් අවොත් මම පරීක්ෂා කරන්නේ නොමිලේ , එක සේවයක් නිසා. දැන් අලුතින් විශ්ව විද්‍යාලයෙන් පිටවෙන බොහෝ දෙනෙක් සිහින මවන්නේ ඉක්මනට පුද්ගලික චනෙල් එකක් ගෙන හම්බ කරන්න, ලැබෙන පරිතොසික වැඩි කරගන්න. මොකක්දෝ හීනමනෙකින් හා මුදල් කෑදරකම නම් රෝගයෙන් පෙළෙනවා. මේ අයට මිනිස්සු පෙනෙන්නේ සල්ලි උනන යන්ත්‍ර වගේ,
නොදියුණු ඉස්පිරිතාල වල වැඩි මුදලට බෙහෙත් දෙන මහා රාජකීය ලීලාවෙන් වැජබෙන ටයි දාගත් ලක්ශ්යකපති දොස්තරලා ටිකකුයි, අසරණ ලෙඩ්ඩු ටිකකුයි විතරක් ඉතුරුවෙයි.
පොඩ්ඩ බැරිඋනාම වැඩවර්ජන කරනවා ඉල්ලීම් දිනාගන්නවා මෙවටකට නැහැ පව් අහිංසක අම්මට කොචර දුක ඇතිද .
මේ ඔක්කොම දොස්තරලා ලංකාවේ විශ්වවිද්‍යාලවල අය. පුද්ගලික විශ්වවිද්‍යාලවල අය නෙවෙයි
පව් ඒ අසරණ අම්මයි තාත්තයි. ඇත්තටම දුකයි ඔබ ගැන
2011 ජූනි 17 වැනිදා මම අනතුරකට ලක්වූනා ගම්පහට කිට්ටුව මාකෙවිට හරියෙදි.. මාව ගම්පහ රෝහලට අතුලත් කළා.. මගේ කකුලට මැහුම් 24ක් සමග පැය තුනක සැත්කමකක් සිදු කළා.. මෙය සිදුවෙලා මාස තුනකට පසු මගෙ කකුල රිදෙන්න ගත්තා... මම ස්කෑන් පරීක්ෂණයක් කළා.. බලනකොට අනතුර සිදුවෙන වෙලාවෙ මම ඇදගෙන හිටපු කලිසමේ කෑල්ලක් කකුලෙ මාස 3ක් තිබිලා.. ගම්පහ රෝහලේ කාර්යමණ්ඩලය හරිම දුර්වලයි..
දොස්තර පාලිත කන්නංගර ඔබ වගේ තිහන අය ලංකාවට නැති එක අවාසනාවක්..
මේ රෝහල නම් අන්තිමයි.අපිටත් දෙයක් වුණා.දෙවියන්ට පින් සිදු වෙන්න අපිට සල්ලි තිබුණා.හැබැයි ඒ දේ වෙන කාටහරි වුණානම් වෙන දේ හිතා ගන්න වත් බෑ
මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි.මෙ මොනව උනත් ලන්කාවෙ දොස්තරල තමයි නොම්මර1.මෙහෙම කොච්චර මෑරුනත් කොච්චර වෑරදි උනත්mbbs-ශ්‍රීලංකා තමයි 1.මෙක ජනතාව හොදට කටපාඩම් කරාගන්න ඔනෙ.ඔයගොල්ලන්ගෙ දරුවන්ටත් කියල දෙන්න ඔනෙ.ඔය මාලබෙ උන්වගෙ නෙමෙ.කො මෙ දෙශහි හිතෛශියෝ ටික??? mbbs-ශ්‍රීලංකා වෙනුවෙන් කතාකරන්නකො.