වැටුප් විෂමතා ඉවත් කිරීම,රුපියල් දහදාහක රාජකාරී බාධා හා ප්‍රවාහන දීමනාවන් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් හයකට විසදුම් ඉල්ලා හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (27) පැවැත්වු හා හෙට පැවැත්වීමට නියමිතව තිබු දීප ව්‍යාප්ත වැඩ වර්ජනය වලකාලමින් කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (27) වාරණ නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය දින 14 ක කාලයක් බලපාන පරිදි නිකුත් කැර ඇති අතර මෙය ගොනු කරනු ලැබුයේ හෘද රෝගියකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය
උදෑසන වැඩවර්ජනය ඇරැඹිමත් සමග රෝහල් සේවා ද අඩපණ විය.කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සදහා පැමිණෙන පිරිසට රෝහල් නිර්දේශ මත ඔසු සල් මගින් නොමිලේ බෙහෙත් නිකුත් කළේය.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන නතර වෙන්න ඕනෑ මුළු ලංකාවේම හැම ක්ෂේත්‍රයකම. රටේ අාර්ථියකයට තමයි මේවා බලපාන්නේ. (නි)
පොඩි මිනිහට තමයි මේ හැමදෙයින්ම කරදර (නි)
කවුරු මොනවා කිවුවත් හෙද නිලධාරීන් වෙන මහන්සිය කවුරුවත් හරියට දන්නේ නැහැ (නි)
අනේ පවු අසරණ මිනිස්සු. සල්ලි තිබෙන අයට නෙමෙයි මේකෙන් කරදර වෙන්නේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඕනෑ තමයි.අත්‍යාවශ්‍ය සේවා කරන අය මීට වඩා රටේ මිනිස්සු ගැන හිතන්න ඕනෑ. (නි)
දැන් මොකද කරන්නේ? අධිකරණ නියෝගයටත් එරෙහි වෙනවද? වර්ජනය අත්හිටවනවද? උභතෝකෝටික ප්‍රශ්න කියන්නේ ඔන්න ඕවටයි. (නි)
මාගේ පුද්ගලික අදහස නම් අපි වර්ජනය කරන්නේ මොකටද ඒ රස්සාව හොඳ නැතිනම් හොඳ වැටුප් ගෙවන රක්සාවකට යන්න නේ තියෙන්නේ. අනෙක් අතට රජය සෞඛ්‍ය සේවාව නොකඩවා පවත්වා ගනිමින් මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුය. (ස)
මැද පන්තියේ නැතිනම් මැද මට්ටමේ හිඟන රජයේ සේවකයාට හරි වැටුපක් නොදෙමින්, විශ්‍රාමිකයාගේ හිඟ වැටුප නොගෙවමින්, ඓස්චර්යයට දේශපාලකයෝ සහ ඔවුන්ගේ ගැත්තන් පමණක් යමින් මගුල් කනකොට වර්ජනය නොකර මොකද කරන්නේ. (නදී)
වර්ජනය නොකර ඉල්ලීම් දිනාගන්නේ කොහොමද .(නදී)
සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවයක්. (ස)
වැඩ වර්ජන කළවිට රෝගීන් අපහසුතාවයට පත් වෙනවා තමයි, හැබැයි එය වෘත්තිය අයිතියක්, එහෙම නොවෙන තත්වයට රජය වගබලා ගන්න ඕනෑ (නි)