IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන

 (ජේ.කේ.එල්. චාමින්ද)

 මහනුවර ජාතික රෝහලේ  සේවයේ නියුතු  සෞඛ්‍ය රියදුරෙකු   ඉකුත් වසර  පහමාරක කාලය තුලදි  (2018 සිට 2023 ජුලි 31)  කිසිදු  රාජකාරියක් ඉටුකර නොතිබුනද  එම කාලයට අදාළ  වැටුප් ලෙස රුපියල්  විසිහත්ලක්ෂ,තිස්දෙදහස්,නමසියහතලිස්හතරක  (2,732,944)   මුදලක්  ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 මෙම කාලය තුල රෝහල් බලධාරින් විසින්  මෙකි සෞඛ්‍ය රියදුරු වෙත  කිසිදු  රාජකාරියක්  පවරා නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. මේ සම්බන්දයෙන් පුර්ණ ස්වාධින විමර්ශනයක් සිදුකර  වගකිවයුතු පර්ශවයන් සම්බන්දයෙන්  ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය  මගින් නිර්දේශ කොට ඇත.

 මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා  විසින් විගණනයට  සදහන් කොට ඇත්තේ  විගණන නිරික්ෂණ සමග එකගවන බවය. මෙම රියදුරා විසින්  ලබාගෙන තිබු වැටුප් රහිත නිවාඩු ගණනය කර  දින 57ක් සදහා රුපියල් 90,380ක මුදලක් හා 2023 වර්ෂයේ මාස තුනක වැටුපෙන් අයකරගෙන ඇති බවත්  2023 දෙසැම්බර් හා 2024 ජනවාරි  මස වැටුපෙන් වැටුප් රහිත නිවාඩු  දින 47ක් සදහා රුපියල්  75811  ක මුදලක්  අයකරගෙන ඇති බව ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත.



අදහස් (4)

රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන

Lalindhra Monday, 18 November 2024 10:27 AM

නිකං ඉදන්? නිකං ඉදන් නෙමේ ඔය මනුස්සයා කවුරු හරි දේශපාලකයෙක් ගාව වැඩ කල ලකුනු නේ ඔය තියෙන්නෙ. දේශපාලකයා මිනිහව වැඩ වලට ඈතට යවපුවාම නිවාඩු දානවා එකනේ නෝ පේත් ගිහින් තියෙන්නෙ. සෞඛ්‍ය නිසා කෙහෙලිය වෙන්නත් පුලුවන්.

:       0       105

de silva Monday, 18 November 2024 10:28 AM

රියදුරාට වැටුප් ගෙවීම අනුමත කල නිලධාරියාගෙන් එම මුදල නඩු පවරා රජයට ගත්ත නම් ප්‍රශ්නේ විසදෙනවා නේ , එහෙම දඩුවමක් දුන්නොත් ඉදිරියට නිලධාරියෝ වගකීමක් ඇතුව රාජකාරි කිරීමට පෙලබේවි , විසදුම සරලය

:       1       88

dasun Monday, 18 November 2024 12:03 PM

අපේ රටේ වැටුපට රැකියා කරන රියැදුරන්ගෙන් 80%ක්ම හොරු බව කිරිගහට ඇන්නා වගේ කියන්න පුළුවන්. විශේෂයෙන්ම තම වාහනයට ඉන්ධන ලබාගැනීමේදී. කොයි ආකාරයට ඒ සඳහා ක්‍රමවේදය සැලසුවත් හොරකම් කරන එක කරනවා තමයි...

:       0       22

Frencisco Monday, 18 November 2024 01:42 PM

අදාල අමාත්‍යාංශයේ ලේකම් තමයි අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිළධාරි වෙන්නේ. ඔහුගේ අනුදැනුම ඇතුව තමයි සේවකයෙකුට ඔහොම හැංගිලා ඉන්න පුළුවන් වෙන්නේ අමාත්‍යාංශයේ ලේකම් කෙනෙකුට වැටුපට අමතරව විශේෂ දීමනාවක් දෙන්නේ මෙහෙම වැඩ කරන්නම තමයි...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 312 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site