රතුපස්වල කම්හළකින් ළිං වතුරට ඇසිඩ් එක් වී ඇතැයි කියමින් ඊට පිළියම් ඉල්ලා පසුගිය බ්‍රහස්පතින්දා වැලිවේරියේ සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ඇතැම් බෙහෙත් ඔසු සැල් වලින් මිලට ගැනීමට තමන්ට සිදු වි ඇතැයි ඥාතීහු කියති.
තුවාලකරුවනට අවශ්‍ය බෙහෙත් රෝහල සතුව නොමැති නිසා මෙසේ පිටතින් රැගෙන ඒමට සිදුව ඇතැයිද ඔවුහු පවසති.ගම්පහ රෝහලේ බරපතල තුවාල ලබන ඩෙරික් ප්‍රේමතිලක මහතාට අවශ්‍ය බෙහෙත් සදහා දින දෙකකදී රුපියල් දහසක් පමණ වියදම් වු බව ඔහුගේ බිරිය වන නයනා වජිරා මහත්මිය අප සමග කිවාය.
තම සැමියා පාපැදියේ ගොස් මාළු වෙළෙදාමේ යෙදෙන්නෙකු බවත් පුද්ගලිකව ඖෂධ ලබා දිමට තමන්ට පුළුවන්කමක් නැතැයිද ඇය අපට පැවසීය.
මේ පිළිබදව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ගන්නා ඥාතින්ගෙන් විමසු විට කියා සිටියේ තම රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රෝහලේ ඉල්ලිම මත පිටතින් ලබා දුන් බවත් ඒ සදහා විශාල මුදලක් වැය වු බවත් කීය.
ඔවුහු තමාට වියදම් වු බිල්පත් හා ඖෂධ එම අවස්ථාවේ රෝහලේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාටද පෙන්වන ලදි. මේ පිළිබදව අදහස් දැක්වු මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ මීට පෙර දින රෝහලට පැමිණි අමාත්‍යවරයකු රෝගීන්ට අවශ්‍ය සියලුම පහසුකම් සපයන බවට පුරසාරම් දෙඩු බවය. ජලය ඉල්ලා වෙඩි පහර කෑ ජනයාට අවශ්‍ය බෙහෙත් ටික ලබා දීමට පවා මේ රජය අසමත් වි ඇතැයිද මන්ත්‍රීවරයා කීය.
මේ පිළිබදව ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුගත් ධර්මරත්න මහතා කියා සිටියේ අවශ්‍ය බෙහෙත් ඇති තරම් රෝහලේ ඇති බවයි.වෛද්‍යවරුන් නිර්දේශ කරන විශේෂ බෙහෙතක් හැර අවශ්‍ය සියලුම බෙහෙත් රෝහල සතුව ඇති බවද ඖෂධ නැති බව කියන කතාව බොරුවක් බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න සමහර දොස්තරවරුත් දේශපාලනයට යටයි (නි)
අනේ මන්දා, දැන් කාවද අපි විශ්වාස කරන්නේ? (නි)
නැවතත් ඡන්දය ඉල්ලගෙන්න ආවහම දෙන්නකෝ (නි)
මේක මෙහෙට පමණක් නොවෙයි, මුළු ලංකාවේම රෝහල් වලට බෙහෙත් නැහැ (නි)
මෙම රාජකාරි සදහා ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුව වහාම පත්කර ගනිමු! (නි)
මමත් ඉන්නෙ ගම්පහට කිට්ටුව. මමත් ගිය මාසෙ 19,20,21 ගම්පහ ඉස්පිරිතාලෙ නැවතිලා හිටියා. මම හිටපු වාට්ටුවෙ හැම ලෙඩාටම මොනවහරි දෙයක් ෆාමසියෙන් ගේන්න ලියලා දුන්නා. ගම්පහ රෝහලේ බෙහෙත් නැහැ කියන කාරණය අපි නම් දන්න දෙයක්. මේ වගේ සිද්ධි වලින් මේවා රටම දැනගන්න එක හොඳයි. (නි)
නිවාඩුවකටවත් දැන් නම් ලංකාවට ඒමට නොසිතෙන තරම් කළකිරීමකුයි, බයකුයි දුකකුයි හිතට දැනෙනවා මගේ. ලංකාවේ තියන දෙපලත් විකුණලා දමලා පිටරටකම ඉන්න හිතෙනවා. මේවා දකින විට පත්තරෙත් බැලීම නවත්තලා හිටිය දිනක් දෙකක් , හිතේ දුකට. අපි කොපමණ අසරණ මිනිස්සුද කියලා හිතුනා (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනයයි,නොමිලයේ ලබාදුන් සෞඛ්‍ය සේවාවයි නැහැ කියලා මගේ පුංචි පුතත් දන්නවා (නි)
මගේ තාත්තත් හිටියා ගම්පහ රෝහලේ. සිලින්ජරය පවා ගෙනාවේ ෆාමසියෙන්. (නි)
වෛද්‍ය අදිකාරී කියන්නේ අමුලික බොරු රෝහලට එන රෝගීන්ට පිටතින් බෙහෙත් ගෙන්න කොච්චර තුන්ඩු දෙනවාද දොස්තරලා. දවසක් පළාත් සෞක්‍ය ඇමති ආවා රෝහලට වෛද්‍ය අදිකාරී කාර්යමණ්ඩලයේ සියලුදෙනාටම කීව රෝහලේ අඩුපාඩු කිසිවක් ඇමතිට කියන්න එපා කියල
රෝහලේ බෙහෙත් ඇත්තේ රෝහලේ හිතවතුන්ට විතරක් වෙන්න ඇති. මගේ බිරිඳ ගිය අවුරුද්දේ කරාපිටියේ රෝහලේ මාස එකහා මාරක් හිටිය, රෝහලේ කිසිම වටිනා බෙහෙතක් හෝ එන්නතක් තිබුනේ නෑ, දවසකට රුපියල් 9,000 දාහකට වැඩිය ගියා බෙහෙත් වලට, ඔක්කොම ටෙස්ට් පිටින් ගත්තේ, ඒවාට රුපියල් ලක්ෂ එකහමාරකට වඩා ගියා, දුප්පත් අහිංසක කෙනෙක් කොහොම කරන්නද? (දී)
ගම්පහ රෝහලට එන අය දන්නවා. මම එතනින් දරුවා පාසල් එක්ක යනවා, මගෙන් උදව් ඉල්ලලා තියෙනවා ගොඩක් අහිංසක රෝගීන් ෆමසි ලගදි, මගේ දරුවාගේ ලෙඩකට රෝහලට ගියා, බෙහෙත් කවුළු ලගට ගියාම කියනවා පිටින් ගන්න කියල (දී)
දැන් ඉතින් ඔය මිනී තුන කන්න . ඔය ටිකනේ ඕන වෙලා තිබුනේ..
මානව හිමිකම් සන්විධානයවත් රට තුල නොතිබුනානම් සුන්. (දී)
තිරිසන් සමාජය ......... මට වෙන දෙයක් කියන්න හිතට එන්නේ නැහැ. කියලා වැඩකුත් නැහැ (නි)
අද හැම රෝහලකටම ගියහම බෙහෙත් නැහැ තමා. (නි)
මේ නීල් රණා කියන්නේ මානසික රෝගියෙක්. මෙයා හැමතැනම මෝඩ අදහස් පලකරනවා. (නි)
මමත් රාගම රෝහලට ගියාම ඔය පිළිතුරම තමා ලැබුනේ (නි)
ඒ ගැන කියලා වැඩක් නැහැ (නි)
උපදින මතු ආත්මයකවත් මේ වගේ මිනිසුන් සිටින රටක නුඋපදින්නට පෙරුම් පුරන්න පුතේ (දී)
ඇත්ත කතාව නම් ලංකාවේ හැම රෝහලකම බෙහෙත් නැහැ. (නි)
බටහිර රෝහල් ඇතිකරන්න පෙර මේ රටේ පාරම්පරික වෙදදුරෝ පඬුරු ඇතුව හෝ නැතුව බුලත් හුරුල්ලක් දීලා වැන්දේ නැතිනම් කැලෙන් හොයාගන්න බෙහෙත් තියෙන කසායක්වත් ලියලා දුන්නේ නැහැ. දැන් රජයේ රෝහල් නඩත්තු කරනවා මදිවට දොස්තරලට හා වෛද්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නත්, බෙහෙත් වලට මුදල් ගෙවන්නත් සිදුවෙලා තිබෙන්නේ රටවැසියන්ට. කිසිදාක රජයේ රෝහලකින් බෙහෙත් නොගන්නා විශාල ජනතාවකට අනවශ්‍ය ලෙස මේ බරපැන දරන්නට සිදුවීම අසාධාරණයි. (නි)
පව් අර වෛද්‍ය අදිකාරී කියන මනුස්සයත් ජීවත් වෙන්න ආස ඇතිනේ,ඇත්ත කියන්න ගිහින් පරලොව යන්න තමයි එතුමාට වෙන්නේ,මරණ භය කියන දැනීම එතුමාටත් පොදුයිනේ,හැබැයි ලෙඩ්ඩු දන්නවා රෝහලේ තියෙන්නේ පෙනඩෝල් විතරයි කියල (දී)
ලැබෙන ආධාර ලොකු තැන්වල ඉදන්ම හොරා කනවා. දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් ටිකවත් නැහැ. මෙන්න ලංකාවේ ඇත්ත තත්වය. (නි)
කෝ? කවුරුවත් මේවා ගැන බලන්නේ නැද්ද ? (නි)
මිනිස්සු බොරු කියන්නේ නැහැ. (නි)