පරිපුරක වෛද්‍ය සේවකයෝ අද උතුර හා උතුරු මැද හා නැගෙනහිර වැඩ වර්ජනයක් ඇරැඹුහ.
මේ නිසා එක්ස්රේ , සීටී ස්කෑන් භෞත චිකිස්තක හා බෙහෙත් නිකුත් කිරීම ඇතුළු රසායනාගාර සේවා නතර කිරීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
උසස්වීම් පමා කෙරෙතියිද තම ආචාර්යවරුන්ගේ සේවය ස්ථිර නොකරතියි ද කියන වර්ජකයෝ ඇතැම් ප්‍රබල සංගම්හි බලපෑමට යටත් වී තම ඉල්ලීම් නොදෙතියි ද පවසති.
වෙනත් දිස්ත්‍රික්වලද කඩින් කඩ වර්ජනය කරන බව රජයේ ඖෂධවේදීන්ගේ ප්‍රධාන ලේකම් අජිත් පී තිලකරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් පරිපාලනය තමන් යටතට ගැනීමට වෛද්‍යවරු දරන උත්සාහය නිසා තමයි මේ දේවල් වෙන්නේ. අහිංසක රෝගීන්ගේ ජීවිත වලට තනිකරම වෛද්‍යවරු වගකිවයුතුයි. (දී)
කට්ටියක් රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා අනෙත් පැත්ත බලන්නත් කලින් මෙයාලත් පටන් අරන් මනුෂ්‍ය ජීවිතයක අගය නොදන්නා මෝඩයෝ. අනේ ප්‍රේමදාස මහත්තයා හිටියා නම්.(නදී)
කට්ටියක් ඉවර වෙන කොට තව කට්ටියක් පටන් ගන්නවා. අනේ මන්දා අපේ රටට මොනව වෙලාද කියල. (ස)
උසස්වීම් දෙනවා ඉහලම ගිහින් නවතින්න. ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටිය නම්.මුලදීම ඕවා මොකක් හෝ ක්‍රමයකින් නැවැත්තුවේ නැති එකේ වැරැද්ද තමා. (ස)
මේ වර්ජනය කරන අයගේ පවුල් වල අයට ලෙඩදුක් හැදෙන්නේ නැද්ද දන්නේ නැහැ (දී)
හේරත් ඔබ හරි, මේ වෙලාවේ මේ අය එක්කෙනෙක් හදිසියේ ලෙඩ වුනොත් කොහාටද දන්නේ නැහැ ගෙනියන්නේ. (දී)
හේරත්, ප්‍රසාදිනී ඔබල හරි, හැබෑ මේ අය අමුතුවෙන් ලෙඩ වෙන්න ඕනේ නෑ. නැත්නම් ඔයවගේ වැඩ කරයිද (දී)