මහරගම පිළිකා රෝහලේ අත්වැසුම් පෙට්ටි නවය හමාරක් මල් ශාලාවකට විකුණා තිබියදී එහි පුද්ගලයකු ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් දෙදහසක් වන මේ පෙට්ටියක් රුපියල් දහසකට විකුණා ඇතැයි ද රෝහලේ සේවකයන් සිව් දෙනකු එම පෙට්ටි මල්ශාලාවට විකුණා ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද රෝහල් හා මිනී පෙට්ටි සාප්පු අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ලෙඩා මැරෙන්න කලින්ම රෝහලේ මරණාසන්න ලෙඩෙක් ඉන්නවා කියල පෙට්ටි සාප්පු කාරයෝ දන්නවා. රෝහල් සාත්තු සේවකයෝ සේල්ස් රෙෆ්ලා වෙලා ලෙඩා බලන්න එනා ඥාතීන්ට අර මල් ශාලාව හොඳයි මේක ලාබයි කියල කියනවා. මොචරියේ මුරකරු ගෙන්න ගන්න ගානක් දෙන්නම ඕනේ. නැත්නම් මිනිය එලියට ගන්න ප්‍රමාද වෙනවා. තව ගොඩක් තියෙනවා. (නදී)
එක සුළු දෙයක් නේ. මොකද අපේ ඉස්පිරිතාල සහ මල් ශාලා වඅඩ කරන්නේ අත් වැසුමි වගේ ඉතාම සමීප මිත්‍රත්වයකින් නේ.(නදී)
මැරෙන්න ඉස්සෙල්ලම 'පෙට්ටි කඩෙන්' ඇඩ්වාන්ස් සමග ඔඩරේ බාරගන්න රෝහල් සේවකයන් ඉන්න රටක 'අත් වැසුම්' ගැන කවර කතාද?(නදී)
ඇයි මේ අයගේ නම් ගම් දාන්නේ නැත්තේ.(නදී)
රෝහල් මල් ශාලා, ලැබ් හා පාමසි එක්ක මාර සම්බන්ධතා තියෙන්නේ.(නදී)
මේ මිනිසුන්ට නම් මේවට පවු ගෙවන්න වෙනවා. මේ ආයතනයට මිනිස්සු හුඟාක් ආධාර කරනවා. මාත් මේ අවුරුද්දේ මුල්ම රුපියල් තිස්දාහක විතර රෝගීන්ට අවශ්‍ය දේවල් වාට්ටු හතරකට බෙදලා දුන්නා. ඉතින් මේ වගේ මිනිසුන්ට මොන දඬුවම්ද දෙන්න ඕනෑ? (නි)
"රෝහලේ අත් වැසුම් - මල් ශාලාවේ" - අපේ පැත්තේ "කුණු ගොඩේ අත් වැසුම් - පුද්ගලික සෞඛ්‍ය සායනේ " බියගම, රතුපස්වල වැනි අත් වැසුම් කම්හල්වලින් ඉවත දමන (අබලි) අත් වැසුම් තෝරා නැවත විකුණන ජාවාරම් කරුවන් මේ වැඩය ගජ රාමෙට කරනවා. බලධාරීන් මේවා සොයා බලන්නේ නැහැ. (නදී)
රජයේ දේපල හොරකම් කර ළග තබාගැනීමට විරුද්ධව මල්ශාලාවේ අයිතිකරු හිරේට යවන්න ඕනෑ (නි)