කොළඹ රාජකීය විදුහල සහ ති‍්‍රත්ව විදුහල අතර ජුනි 1 වැනි සෙනසුරාදා පල්ලෙකැලේ ති‍්‍රත්ව විදුහල් රග්බි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත 69 වැනි බ‍්‍රැඞ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදියරේ ආරාධිත අමුත්තා ලෙස ති‍්‍රත්ව විදුහලේ කීර්තිමත් රග්බි නායකයකු රොහාන් මයිකල් සවුජා මහතා සහභාගි වීමට නියමිතය.
බ‍්‍රැඞ්බි ඉතිහාසයේ බිඳිය නොහැකි වාර්තා රැසකට හිමිකම් කියන සවුජා පරපුර වෙනුවෙන් බ‍්‍රැඞ්බි පළිහ පළමු සටනේදීම ති‍්‍රත්ව විදුහලේ නායකයා වූයේ රොහාන්ගේ පියා වන රොබට් සවුජාය. එම ඓතිහාසික තරගයේදී රාජකීය විදුහල් පිලේ නායකයා වූයේ රට සුපතල කී‍්‍රඩකයකු වූ සී. ඞී. එල් ප‍්‍රනාන්දු මහතාය.
සමාරම්භක බ‍්‍රැඞ්බි තරගයේදී රොබට් සවුජාගේ නායකත්වයෙන් යුත් ති‍්‍රත්ව පිල 6 x -3 ක් වශයෙන් ජයග‍්‍රහණය කළ අතර රොබට් සවුජා ‘ති‍්‍රත්ව සිංහ’ ගෞරව සම්මානය හිමිකරගත්තේය. වසර 30 කට පසුව රොබට් සවුජාගේ පුතණුවන් වන රොහාන් මයිකල් සවුජා, 1975 දී ති‍්‍රත්ව පිල මෙහෙයවීය.
එම වසරේදී ගම්පොල සහිරා (64-0), වෙස්ලි විදුහල (59-0), විද්‍යාර්ථ විදුහල (56-0), ආනන්ද විදුහල (46-0), ශාන්ත අන්තෝනි විදුහල (38-0), ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල (14-12), ශාන්ත පීතර විදුහල (8-7) ක් ලෙස පාසල් 7ක් පරාජය කිරීමට සමත් වූ නමුත් වඩාත් වැදගත් බ‍්‍රැඞ්බි පළිහ තරගයේදී පරාජය විය.
කෙසේ වෙතත් පාසල් සත් සමාජික තරගාවලියේදී රාජකීය විදුහල් පිල පරාජය කරමින් පිලිප් බුල්ජෙන්ස් කුසලාන දිනාගැනීමටද රොහාන් සවුජාගේ නායකත්වයෙන් යුත් ති‍්‍රත්ව පිල සමත් විය.
රොබට් සහ රොහාන් යනු රග්බි කී‍්‍රඩාව සඳහා ති‍්‍රත්ව සිංහ සම්මානයෙන් පිදුම් ලත් එකම පිය පුතු යුගළය වෙයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොහාන් බ‍්‍රැඞ්බි තරගයේ ආරාධිත අමුත්තා වෙයි
අංජන Tuesday, 28 May 2013 09:38 PM
ලංකාවේ හොදම රග්බි මැච් එක මේක. ලෝකේ වටේ ඉන්න හැම රාජකීයෙක්ම හා ට්‍රිනිටියන් කෙනෙක්ම මේක බලන්න ආසාවෙන් ඉන්නේ (නි)
අජන්ත Tuesday, 28 May 2013 09:47 PM
සන්තෝසයි