ඉතිහාසය, පුරා විද්‍යාව, බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය පිිළිබඳ පඬිවරයකු වූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර (80) අභාවප‍්‍රාප්ත විය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාස මහාචාර්යවරයා විය. ඔහු පාලි, සංස්කෘත, සිංහල හා ඉංග‍්‍රිසි මැනැවින් හැසිර විය හැකි උගතෙකි .කවියෙකි. චිත‍්‍රශිල්පියෙකි. අභිලේඛන විශාරදයෙකි. සම්මානනීය ලේඛකයෙකි. පර්යේෂණ ග‍්‍රන්ථ රැසක කර්තෘවරයෙකි. තුන්දරු පියෙකි. මහඇදුරු රෝහණධීර බෙලිඅත්තේ පල්ලත්තරදී 1931.01.21 වැනි දා උපන්නේය. පල්ලත්තර සිංහල මිශ‍්‍ර පාසලෙන් උගෙන 1944 දී පුහුණු ගුරුවරයෙක් විය. මහගම සේකර ඔහුගේ සමකාලිනයෙකි. 1958 ශාස්ත‍්‍රවේ දී උපාධිය දිනා ගත්තේය. 1960 දී පාලි හා සංස්කෘත ඇතුළත් ලන්ඩන් බී.ඒ උපාධිය ද 1960 විදුදය සරසවියේ ශාස්ත‍්‍රවේදී උපාධිය ද හිමිකැර ගත්තේය. වසර 35ක් ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයයේ මහාචාර්යවරයකු ලෙස සේවය කෙළේය. මහාචාර්ය රෝහණධීර සිංහල විශ්ව කෝෂය බිහි කිරීමටත් ඉමහත් සේවයක් කෙළේය. 1978 දී ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව සම්පාදනය කිරීමට ද දායක වූ ඔහු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී දේශපාලය ද කෙළේය. දේහය බත්තරමුල්ල සුභූතිපුර නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු බදාදා (31) බොරැල්ල කනත්තේ දී සිදු කිරිමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
91
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රෝහණධීර සමුගනී