රුහුණ සරසවියේ සිසුන් දෙදෙනකු සරසවිය ඉදිරිපිට මුහුදේ ගිලී මිය බවත්, තවත් සිසුවකු අතුරුදන්ව ඇති බවත් සරසවි ආරංචි කියයි.
පිළියන්ද මාදව හා බණ්ඩාරගම ජයමාල් නම් සිසුන්ගේ සිසුරු සොයා ගත් බවත් ඔවුන් පළමු වැනි වසරේ සිසුන් බවත් සරසවිය කියයි.
දිය වැලකට හසුවුණු සිසුන් හතර දෙනාගෙන් එක් සිසුවකු බේරාගෙන ඇත.
මේ සිසුන් කළමනාකරණ හා සමූල්‍ය පීඨයට අයත් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සම්පත් මේ විදියට අහිමි වෙනකොට..........? (නි)
ඉතා කණගාටුදායක සිද්ධියක්. (නි)
මේ ලාල් වගේ කිසිම විචාරයක් නැති මෝඩ මිනිස්සු මේ රටටත් බරක්.හිතට එන දේ ඔහේ කියවනවා.මේ ගොල්ලෝ මුහුදට බිලි වුණේ පිහිනන්න බැරිකමක් නිසා නෙමෙයි.මේ වාරකන් කාලේ. එතන මුහුද ගොඩක් සැරයි.මෙයාලගේ නොසැළකිල්ල නිසයි මේ අනතුර වුණේ.කිසිම පිහිනුම් ශූරයෙක් දිය සුළියකට අහුවුනොත් ගැලවෙන්නේ නැහැ.කරුණාකරලා හිතලා බලලා අදහස් දාන්න. (නි)
ප්‍රඥාව හා බුද්ධිය පෙර ආත්මයේ සිට රැගෙන එන දෙයක්. බුදුන් වහන්සේ ස්වකීය ප්‍රඥාව සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා වර්ධනය කර ගත් එකක්. උගත්කම මේ ආත්මභාවයේ පොත්පත් පරිශීලනය කර ලබා ගන්නා දැනුමක්. දැනුම නැත්නම් උගත්කම බබලන්නේ බුද්ධිය ඇත්නම් පමණි. බුද්ධිමත් උගත් දරුවන් හා බුද්ධිය නැති උගත් දරුවන් සමාජයේ කොතරම් නම් සිටිනවාද. ඒ නිසා උගතුන් හා බුද්ධිමතුන් අතර වෙනස වටහා ගන්න. (නි)
සිසුන්ට නිවන් සුව පතමි (නි)
තලල්ලේ අපේ යාළුවෙකුත් මුහුදේ ගියා. දින හතරකින් තමයි ලැබුණේ (නි)
අනේ දරුවනේ පරිස්සමින් වැඩකරපල්ලා. (අ)
මේ දරුවන් හදපු දෙමාපියන්ගේ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? (නි)
අකාලයේ අප අතරින් වියෝ වූ රුහුණු සරසවියේ සහෝදරවරුන් වෙනුවෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසර සහෝදරත්වයේ සාතිශය සංවේගය.(නදී)
අනේ පව් කොල්ලෝ ටික. අපිට නම් රැග් කියලා උත්තමයෝ කියලා දුන්නේ ඔවැනි දේවල් වලින් මිදිලා සමාජය ගැට ගහ ගන්නේ කොහොමද කියන පණිවිඩය දරාගැනීම සමග සතුට. ඒත් අද .. (නි)
අද ඉන්න සමහර කොල්ලන්ට ගහකට නගින්න ,පීනන්න ,හරියට බල්ලෙකුට වදින්න ගහන්න බැහැ.හදිස්සියකට වයර් එකක් සම්බන්ධ කරලා බල්බ් එකක් දාගන්න දැනුමක් නැහැ.උසස් පෙළට දැනුම තිබුණාට සමාජගතවීමට අවශ්‍ය සාමාන්‍ය දැනීම මදි. මේත් අද අධ්‍යාපන ක්‍රමයේ අතුරු ප්‍රතිපලයක් තමා. (නි)
පාසල් ළමුන්ට පිහිනීම උගන්වන්න ඕනෑ. මේ ශීත රටවල් වල පාසල්වල දරුවන්ට පවා පාසලෙන් පිහිණුම් තටාක වල රැගෙන ගොස් පිහිනීම පුරුදු කරනවා. (නි)
කොල්ලෝ තුන්දෙනා ගැන දුකයි.අන්තරේ ඉන්න අය ටිකක් හින්දා කැම්පස් කොල්ලන්ට පොදුවේ බැන්නට අපි දන්නවා මේ ඉන්නේ බොහොම අමාරුවෙන් වියහියදම් දරාගෙන ඉගෙන ගන්න දුප්පත් අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ කියලා.මේ සිසුන් තුන් දෙනාට නිවන් සුව පතනවා (නි)
මෝඩකම සහ තරුණ ගාය.... කණගාටුයි. මොනවා කරන්නද? (නි)
ඔතන මුදේ ගිලිලා දැන් ගොඩක් දෙනෙක් මැරිලා තියනවා. අනික මොලේ හොද නැද්ද දන්නේ නැහැ පොල්හේන තියෙද්දී ඔතන නාන්න යන්නේ. (අ)
මගේ පුතා ෆ්රන්චෙස්කොගේ යාලුවෙකුත් ඔතන ඉන්නවා .එයාගේ අම්ම කොහොම දරාගන්නද ,අපි සියලුදෙනාම කණගාටුව පලකරනවා රෝමෙයේ සිට .(අ)
උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නේ දෙකක්. එතැන මුහුදේ නාන්න සුදුසු තැනක් ද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වුනානම් මේක වෙන්නේ නෑ. කරුමයක් තිබේනම් වලක්වන්නත් බෑ. (අ)
ලාල් කොල්ලෝ උගත් කොල්ලෝ එක්ක මොක්කක් හරි තරහවක් හිතේ තියනවා වගේ ඔයාට නැහැ නේද (අ)
ඔය විශ්ව විද්‍යාලේ සාගර විද්‍යා පිඨයක් තිබෙනවා. අඩුම තරමේ මුහුදේ නාන්න බැරි තැන් ගැන බෝඩ් ගහලාවත් දැම්මා නම් හොඳයි. (නි)
රුහුණ විශ්ව විද්‍යාලේ සාගර විද්‍යා පීඨ පිහිනුම්/ජිවිත ආරක්ෂා පාඨමාලාවකුත් තිබෙනවා. ළමයි ඒ පාඨමාලාව මග අරිනවා. (නි)
අම්මලා තාත්තලා කොළඹට එව්වේ ඉගෙනගන්න. මොන එකකට මුදේ නාන්න ගියද? (නි)
කැම්පස් කොල්ලෝ ගොඩක් ඔය වගේ දේවල් කරන්නේ බීලා වෙරි මරගාතෙන්. මේ ගොල්ලොත් හිටියේ බීලද? (නි)
කණගාටුදායකයි. මම හිතනවා මෙතන මීට කලිනුත් අය මියගියා නම් දැන්වීම් පුවරු සවි කළයුතුව තිබුනා. මෙතන මුහුදේ නෑම තහනම් කියලා. මේ ළමයින් පළමු වසරේ අය. මුහුදේ තිබෙන අනතුරුදායකකම ගැන හරි අවබෝධයක් නොතිබුනා වෙන්න පුළුවන්. තවත් මෙවැනි දේවල් නොවෙන්න කටයුතු කළ යුතුයි. (නි)
මෙච්චර ප්‍රශ්න තියේද්දී ඇයි ඉජිප්තුව ගැන මත විමසන්නේ.(නදී)
බුද්ධිය තිබුනට මොළය නැහැ. ඒකයි මේ ..! (නි)
විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ රටේ අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමත් තරුණ කොට්ඨාශයකි.මේවාගේ මෝඩ වැඩ නිසා මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න වෙන එක කොතරම් අභාග්‍ය සම්පන්නද?හැමදාම කියනවා නොදන්නා ස්ථානවල නාන්න යන්න එපා කියලා. කෝ ඉතින් අහනවද? (නි)
කොල්ලෝ කියන්නේ ඔහොම තමා. ඒත් එයාලා ගැන කව්රුත් සොදිසියෙන් ඉදලා නැහැ. මොන එකකට මුහුදේ නාන්න ගියාද? කණගාටුයි. මොනවා කරන්නද? මේ සිසුන් තුන් දෙනාට නිවන් සුව පතනවා (නි)
වර්තමාන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නේ එක්තරා විදිහක ගැඹුරු මුහුදක්. දැන් දැන් ඒ මුහුදේ මිනී කන මෝරුත් ගැවසෙනවා. සමහර විට මේ ශිෂ්‍යයන්ට හිතුනද දන්නේ නැහැ අධ්‍යයාපන මෝරුන්ට අහුවෙලා ගිලෙනවාට වඩා මෙහෙම ගිලිලා මැරෙන එක හොඳයි කියලා. මොකද විභාග සමත් වුනා කියලා රස්සාවක්වත් ලැබෙන එකක්යැ? (නි)