රුහුණු සරසවිය ඉදිරිපිට කහ ඉර මතදී බසයක හැපුණු සිසුවියන් තිදෙනකු මාතර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
එම සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ එම සිසුන් බසයේ හැපෙනුදුටු තවත් සිසුවියක සිහිසුන්වීම නිසා රෝහල් ගත කළ බව ද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්ද්ගලික බස් රථයක් වෙන්න ඇති.එයාල කහ ඉරිවත් මනුස්සයෝවත් ගැන හිතන්නේ නැහැ. සල්ලි ,සල්ලි, කවද ඔය පාඩම් ඉගන ගනීවිද ? (ස)
හේරත් ඔබත් මේ මගීන්ගේ හෝ පාරේ යන අයගේ ජීවිත ගැන හිතන්නේ නැති බස් රියදුරෙක්ද. නැතිනම් එයාලට පන්දම අල්ලගෙන පිනට බස් එකේ යන එක්කෙනෙක්ද? (ස)
ලංකාවේ රියදුරන්ටම බැන බැන ඉඳලා වැඩක් නැහැ. එයාලගේ දුර්වලකම් ගැන මුළු ලංකාවම දන්නවා . ඒ හන්දා තමනුත් පරිස්සමෙන් පාර මාරුවෙන්න ඕනෑ. රියැදුර ගැන විශ්වාසයක් නැතිව තියෙද්දිත් වාහනේ ඈතින් එනවා පෙනී පෙනී පාර මාරුවෙන්න එපා. කහ ඉර උඩදී ප්‍රමුඛත්වය තියෙන්නේ පදිකයට කියන එක තමයි නීතිය. නමුත් ඒ නීතිය රියැදුරා අකුරටම පිළිපදිනවා කියන විශ්වාසය තියාගන්නේ නැතුව ප්‍රවේශමෙන් පාර පනින එක තමයි හොඳම දෙය . අපේ රියදුරන්ට මේ නීති හුරුවෙන්න තව කලක් යයි . (නි)
කහ ඉරෙන් මම නම් යන්නේ ටිකක් දුවලා වගේ. ඒ මගේ ජීවිතයට මම ආදරය කරන නිසා. හැමෝම තම තමන් ගැන වගේම අන් අය ගැනත් හිතුවොත් ජීවිත ආරක්ෂා වීම ඉබේම වේවි. (නි)
සමාජයතුළ මානව ක්‍රියාකාරිත්වයේ විෂමතා පිලිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයක විද්‍යාත්මක ප්‍රායෝගිකත්වය අත්දුටු සිසුවියන්ට ඉක්මන් සුවය පතමු.(නදී)
ලංකාවේ බස් රියදුරන්ට මුල ඉදලා ලයිසන් දෙන්න වෙලා. දඬුවම් වැඩි කරන්න ඕනෑ මේවට. (නි)
ඒ බස් රථයේ රියදුරාවත් එලෙසින්ම බස් එකකින් හප්පන එක තමයි දිය හැකි සුදුසුම දඬුවම. හැබයි නීතිය කාරුණික වැඩි නිසා එහෙම දඬුවම් නැහැ.(නදී)
අපේ රටේ නීතියේ දුර්වලකම තමයි මුල. කහ ඉරේදී වේගය අවම කළ යුතු බව නොදන්නා රියදුරන් කවුරුද? (නි)
මග මරුවට මරුව පෙනෙන නීති පනවන තුරු පාරේ ගමන් කරන අහිංසකයන් බේර ගන්න ලැබෙන්නේ නැහැ. නීති පනවන අයත් මහා පාරේ යන්නේ මරුවා පස්සෙන් පන්නන්න සේ වේගයෙන් නිසා බැවින් කවදාවත් එවැනි නීති එන්නෙත් නැහැ.(ස)
මේ අවිනීත රියැදුරා අල්ලලද? (නි)
අනේ ඉතින් ඒ දෙන්නා කහ කහ කහ ඉර උඩ යන්ට ඇති.අපි විශ්වවිද්‍යාලේ වැඩ කාරයෝ කියල හිතාගෙන. දැන් ඉතින් විඳවන්න. බස් කාරයෝ මෙතැනින් මාරු වෙන්නේ පන බයෙන්.(ස)
ලංකාවේ සරසවි සිසුන්ට පොඩ්ඩක් මොලය අඩු.මතකනේ කැලණියේදී සිදුවුණු දේ . අන්තිමට පාරට විදුලි සංඥා දමන්න සිදුවුණා. මෙහෙටත් එහෙම කරන්න.(නදී)
දික්වැල්ල මාතර පාර හොදට විමර්ශනය කරල බලන්න. එතකොට වැටහේවි මේකෙ මාර්ග සලකුනු දාල තියෙන්නෙ බූරුවෙක් කියලා. මොකද බහුතරයක් කහ ඉරි තියෙන්නෙ නොපෙනෙන වංගුවල බස් හෝල්ට් තියෙන්නෙ කහ ඉරිවල එක උදාහරනයක් තලල්ල.(නදී)
බස් එක ගිනි තිබ්බ කියල ආරංචියක් නැත.පොඩි වෙනසක් තියනවා මෙතන. (ස)
නංගිලා දෙන්න ෆෝන් දෙකකුත් කනේ ගහගෙන බර කතාවකුත් දා ගෙන යද්දී බස් එකක් තියා කෝච්චියක් ආවත් පෙනෙයිද? අපිත් දැකල තියෙනවා ඔය කැම්පස් නංගිලා පාර පනින හැටි ඔහොම. (ස)
මේකත් ෂුවර් එකට ආණ්ඩුවේ වැඩක් කියලා හෙට අනිද්දා කට්ටිය පාරට බහීවි.. (නි)
එකනේ සරසවියට මොන්ටිසොරිය කියන්නෙ. කහ ඉරේ උනත් ජීවිතය අපේ නිසා හොඳට දෙපැත්ත බලල යන්න ඕනි. සමහරු වාහනේ ළඟම පෙනී පෙනී කහ ඉරට යනවා. රියදුරු කියා මොනවා කරන්නද. (ස)
කහ ඉර තියෙන්නේ මගීන්ට මාරුවෙන්න. මාරුවෙන අයත් දෙපැත්ත බලලා මාරුවෙන්නෙ නැතුව තමන්ට ලියලා දුන්නා වගේ යද්දා ඉරණම ලියලා දුන්නා කියලා හිතාගන්න.අනික අපේ රියදුරු මහත්තුරුන්ටත් දැන් ටිකක් රේල් පාරවල් කහ ඉරවල් පේනවා මදි? (නි)