නාදුනන පිරිසක් මාතර මැද්දවත්ත හා වෙලේවත්තේදී රුහුණ සරසවි සිසුන් හයදෙනකුට පහර දී ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
මැද්දවත්තේදී සිසුන් දෙදෙනකුට පොල් පහර වැදී ඇතැයිද වෙලේවත්තේ පහරදීමට බෝතලයක්ද යොදාගෙන ඇතැයිද පොලීසිය කියයි.
තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කළ සිසුන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයටද කළමණාකරණ හා මුල්‍ය පිඨයටද බවද දැනගන්නට ඇත.
පෙර දින ගමේ දෙදෙනකු හා සිසුන් අතර ගැටුමක් හට ගත් බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දැන් නීති පස්සෙ දුවන්නේ? අර එක ඇමතිවරයෙක් කියලා තිබුණේ එයාට පොලිසියත් එපා කියලා (නි)
නාදුනන කණ්ඩායම් නැවතත් ඇවිල්ලද ? (ස)
අනේ මම දන්නේ නෑ රැල්ලට ගහ ගන්නවද කියලා. (ස)
අන්තරේ කට්ටිය වෙන්න ඇති කෙසෙල් ගස් වලට කොටන්න ගිහින් තියෙන්නේ ..ගමේ මිනිස්සුන්ට අන්තරේ පෙන්නන්න බැහැ..සන්ජීවවත් ගෙන්නලා පාර හරස් කරලා උපවාසයක් කරමු ගමේ එව්වන්ට අන්තරේ තරම පෙන්නන්නත් එක්ක.. (ස)
පව් සරසවි බබාල ටික.. මේකට නම් උද්ගෝෂණ කරන්න බැරි වෙයි ඉතින්. (ස)
මැරයන් නිසා දැන් කිසි කෙනෙකුට මොනම දෙයක් වත් කරන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නේ. සිසුන් ගුරුවරුන් ඇතුළු හැම කෙනාම අද මැරයන්ට එක්කෝ පක්ෂ විය යුතුයි නැත්නම් යටත් විය යුතුයි.(ස)
සරසවියේ සිසුන් නිසා අවට ජනතාවගේ ජීවන තත්වය රැකෙනවා. සරසවිය නිසා ප්‍රදේශය දියුණු වෙනවා (නි)
එහෙනම් කලින් දවසේ 'රිටර්න්' එක තමා පැමිණිලා තිබෙන්නේ හැරෙන තැපෑලෙන් (නි)
වරුණ ඔය මෝඩ කතා නවත්තන්න! (නි)
එයාලට හොඳට සළකන්න වෙයි ලෙඩේ සුව කරන්න (නි)
අපිත් කටුබැද්දේ ඉන්න කාලේ මුලින් ගමත් එක්ක වලි. පස්සේ දෙගොල්ලන්ටම තේරුම් ගියා දෙපැත්තේම වටිනාකම්. දැන් ගමත් කොල්ලොත් හොඳින් ඉන්නවා. මේක වෙන්න කලක් ගියා. උනෙත් ගොඩක් ඉස්සර. රුහුනත් කලකින් හරි යාවි. (ස)
කොහොම උනත් අපිට සරසවිය වැදගත්. (ස)
මොකක්හරි නොහොබිනා වැඩක් කරලා ඇති. ඉගෙන ගන්න උනත් පිට ගමකට ගියාම ප්‍රවේසමින් කටයුතු කරන්න ඕන. ගමේ මිනිසුන්ට වැඩක් නැහැ මේගොල්ලන්ගේ තරාතිරම. නොහොබිනා වැඩක් කලොත් හොඳට ගුටි ලැබේවි. පොලීසියෙන් ලැබෙන ගුටිවලට විරුද්දව කතා කල හැකියි. නමුත් ගමෙන් හම්බවන ගුටි වලට කතා කොලොත් තවත් ගුටි තමයි මොකද බෝඩිමෙන් පන්න දානවනේ. (ස)
'කොහොම උනත් අපිට සරසවිය වැදගත්." ගමේ අයට ගම සහ ගමේ මිනිස්සු වැදගත් එමනිසා එය රැකගන්න ඔය කොල්ලන්ට තඩි බාන එක ඒගොල්ලන්ට සුලුදෙයක්. (ස)
බමුණු මෝඩ කතා කියන්න එපා , මොන වරදක් කලත් එකට තමයි නීතිය කියල දෙයක් රටේ තියෙන්නේ.(ස)
අවිශ්ක කියන්නකෝ බලන්න එහෙනම් හොද නුවණක්කාර කතාවක්.(ස)