(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් අද (02) එම විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට දැඩි උණුසුම් තත්වයක් හටගත්තේය.
විරෝධතාවයට සම්බන්ධ බව කියන සිසුන්ට එම විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීමට හෝ පිටතට ඒමට එහි ආරක්ෂක අංශය ඉඩ ලබා නොදීම ඊට හේතු විය.
මේ හේතුවෙන් මාතර නගරයේ සිට විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ විරෝධතා පා ගමන අවලංගු කිරීමට සිසුන්ට සිදු වී තිබුණි.
එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ද සීරුවෙන් තබා තිබුණි.ඊට අමතරව විශ්ව විද්‍යාලය වටා ද විශේෂ හමුදා ආරක්ෂාවක් යොදවා තිබුණි.
මාතර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් බුද්ධි නිලධාරීන් ද මාතරට කැඳවා තිබූ අතර අමතරව කැරලි මර්ධන අංශ ද ස්ථාන ගත කර තිබුණි.
රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම,උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරියේ අත්තනෝමතික ක්‍රියා කලාපය ඇතුළු සිද්ධීන් කිහිපයකට විරෝධය පල කරමින් ඔවුන් එම විරෝධතා පා ගමන පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
එය අසාර්ථක වු නිසා සිසුහු පිරිසක් අද (02) පස්වරුවේ විශ්ව විද්‍යාලය ඉදිරිපිටට පැමිණ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂෝ දමන පෙරටු ගාමින්ට මෙහෙම තමයි කරන්න ඕන
කෙසේ වෙතත් කොන්ද පන තියෙන උපකුලපතිතුමෙක්. මුන් මේකිලා ඉගෙනගන්න ඇවිල්ලා කරලා තියෙන දේවල්.. තව කිසිම බුරුලක් දෙන්න එපා. විශ්ව විද්‍යාලයේ හැම තැනම කැමරා සවිකරන්න මේ ඉගෙන ගන්න උන්ගෙන් අවසර ගන්න ඕනේ නැහැ. කරන වලත්තකම් අහුවෙන නිසා තමයි ඔය කැමරා වලට අකමැති. මිට පස්සේ ..දෙමව්පියන් ගෙන්වලා ඔය " අහිංසක " දු දරුවන්ගේ අහිංසක වැඩ වීඩියෝ වලින්ම පෙන්විය හැක.
ලංකාවේ විශ්ව විද්‍යාලවල වැඩි වෙලාවක් මිඩංගු කරන්නේ ඉගෙන ගන්න එකට නොවේ දේශපාලන උද්ඝෝෂණ වලට , ඉතින් කොහොමද මේකෙන් පිට වන සිසුන්ගේ ප්‍රමිතිය හොඳ වෙන්නේ ? හොඳ ප්‍රමිතියක් නැති උපාධිධාරීන් ඉන්න රටක් දියුණු වෙන්නේ නැහැනේ ?
අපේ අාර්ථිකය දරුණු ලෙස කඩාවැටිලා.. උසස් අධ්‍යාපනය සඳහා රජයෙන් වියදම් කරන මුදල්වලින් නිසි ඵල ප්‍රයෝජන නොගෙන බොරුවට කාලය නාස්ති කරමින් උද්ඝෝෂණය කිරීම අපේ රටේ ආර්ථිකයට දැරිය නොහැකිය. අපට අවශ්‍ය උගත් ප්‍රමිතියෙන් යුතු උපාධිධාරීන් පිරිසකි. මෙම උද්ඝෝෂණ සිදුවෙන්නේ කිහිප දෙනෙකුගේ වුවමනවටය. අනිත් සිසුන්ට අකමැත්තෙන් හෝ මේවට සහභාගි වෙන්න සිදුවෙනවා. දැන් කරන්න තියෙන එකම දෙය විශ්ව විද්‍යාලය තුළ පාසල්වල මෙන් දේශපාලනය තනිකරම තහනම් කර හමුදා හෝ යොදවා ඉගෙන ගන්න අවශ්‍ය පුද්ගලයන්ට නවකවද, උද්ඝෝෂණ වැනි කරදර වලින් තොරව නිවීහැනහිල්ලේ ඉගෙනීමට අවශ්‍ය වාතාවරණය සැලසීමයි. ජර්මනිය වැනි යුරෝපයේ දියුණු රටවල විශ්ව විද්‍යාල තුල කෘර නවකවද වැනි විකාර නොමැති අතර අධ්‍යාපන කටයුතු හොඳින් සිදුවේ. අන්තිමට උගත් බුද්ධිමත් ප්‍රමිතියෙන් වැඩි උපාධිධාරීන් සමාජයට එක් වෙන අතර ඔවුන් රට ඉදිරියට ගෙන යති...