මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට තමා සුදුසු බවත් පක්ෂ විසින් එම තනතුර දැරීමට ඉල්ලීමක් කළහොත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධරයෙන් ඉවත් වී එම ඇමැති ධුරය භාර ගැනීමට සුදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා එසැණ කළ විමසීමකදී පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහ ඇමැති ධුරය සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ සුදුසු දේශපාලනඥයින් සිටියද තමා අත්දැකීම් රාශියක් ඇති අයකු ලෙස ඒ තනතුරට සුදුසු බවත් මෙවර පළාත් සභා මැතිවරණය එක්සත් ජනතා නිදහස් සංවිධානය ජයග්‍රහණය කරන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහණ දිසානායක මහ ඇමැතිකමට එක පයින්
ධම්ම Tuesday, 10 September 2013 02:32 PM
පළාත් සභා එපායැයි ජන මතයක් ගොඩ නැගෙමින් තිබියදීත් දේශපාලකයින් මහා ඇමැතිකමට මේ තරම් කැමති ඇයි? (දී)
උපාලි Tuesday, 10 September 2013 02:26 PM
ඔය චන්දෙට ඉල්ලන ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් ඔය ටිකම කියයි නේද? (දී)
අමිල කටුනායක Tuesday, 10 September 2013 07:38 PM
ඊළගට මනාප අරගෙන ඇති කෙනත් පූර්ණ සහය එක පයින්ම දෙයි (නි)
වරුණ Tuesday, 10 September 2013 02:39 PM
හැමෝගෙම හීනේ ඕක තමා පළාතේ ලොක්ක වෙලා ඉක්මනින් පෝසතෙක් වෙන්නයි.අන්තිමට මලත් මමයි මහා ඇමති කියල ගෙදර යනවා (දී)
රනා Tuesday, 10 September 2013 02:41 PM
මටත් සුදුසුකම් තියෙනවා. මොකද මම කතිර කීයක් ගහල තියෙනවද .... (දී)
රෝහණ Wednesday, 11 September 2013 10:05 AM
හැම කෙනාම කියන්නේ තමා වැඩ දන්නවා කියල තමයි ඔව් ඔව් වැඩ දන්නවා.එහෙනම් ඔය උප ඇමති කම දාල ඇවිත් මහා ඇමති වෙලා තවත් ටිකක් රටෙන් කන්න ඡන්දෙ ඉල්ලන්න තිබුනනේ.(නදී)
මිනිපෙ Tuesday, 10 September 2013 08:59 PM
ඇමතිතුමනි, අනේ මන්දා අහන්නත් මොකද්ද වගේ,තරහ ගන්න එපා ඇහුවට, "ජනාදිපති" කම එහෙම කොහොමද?(නදී)
ලුම්බිණි Tuesday, 10 September 2013 03:44 PM
අද ඉන්න දේශපාලකයන් බැලුවම කවුද නුසුදුසු මහා ඇමතිකම් වලට. පුළුවන් නම් පෙන්නන්න එක නුසුදුස්සෙක් මේ ලංකාවේ. (ස)
තබුක් සිල්වා Tuesday, 10 September 2013 04:20 PM
අනුන්ට වඩා තමන් උස්සස්ය යන ඇගිම ඇති කර ගැනීම නම් පුද්ගලයකුට තිබිය ඇහැකි ලොකුම ලෙඩක් තමයි (දී)
ප්‍රනාන්දු Tuesday, 10 September 2013 04:22 PM
මේදේ ඔය කෑ ගහන කට්ටියට දෙන්න එපා . පොඩි පක්ෂයකට චන්ද්දේ දීල පොඩි එකෙක්ට මොන්ටෙරෝ එකක් අරන් දෙමු. (දී)
ලීල් ගුණවර්ධන Tuesday, 10 September 2013 10:57 PM
බල ලෝභීකම කොහේ ගෙනියන්නද? (නි)
ලලිත් Tuesday, 10 September 2013 11:48 PM
මේකේ දක්වන ප්‍රතිචාර මැතිවරණ වලදීත් දක්වන්න පුළුවන් නම් අපට හෙටක් තිබේවි. එහෙම නැතිවුණොත් මේ උදවිය සදාකාලේම බලයේ ඉන්න තැනට මීළඟ ඡන්දෙන් පස්සේ වැඩ කරනු ඇත.මෙය තේරුම් අරගෙන සියලු දෙනාම මෙවර පළාත් සභාවලදී විරුද්ධ පක්ෂයක අයෙකුට ඡන්දෙ පමණක් දෙන්න කිසිම මනාපයක් ලකුණු නොකර. අන්න ඒක පමණි මේ වගේ බලයට පොරකන අයට දියයුතු හොඳම පිළිතුර (නි)
පද්මේ Tuesday, 10 September 2013 05:57 PM
මම මින්පසු ඡන්දය දෙන්නේ ළමා සහ කාන්තා හිංසනයට එරෙහි කෙනෙකුටයි. අපි ලංකාදීප පත්‍රයේ කොතරම් ළමයින්ට වෙන අපරාධ ගැන කියවනවද. (නි)
එරංග සම්පත් Tuesday, 10 September 2013 06:10 PM
ඔය මතුවෙන්නේ කුමන උත්සාහයක මූලික කරුණුද කියලා අපි දන්නවා (නි)
රන්ජිත් Wednesday, 11 September 2013 05:42 AM
නියෝජ්‍ය ඇමතිකමට වඩා ප්‍රධාන ඇමතිකම හොදයි. (නි)