හම්බන්තොට අද විචිත්‍රවත් විය.රටවල් 169 ක ජාතික ධජ ලෙළ දුන්නේය.ඒ ධජ යටින් අනාගත නායක නායිකාවෝ ගමන් කළහ.
ඔවුන්ගේ එඩිය හා උද්යෝගය කැපී පෙනිණි.තරුණ ශක්තිය හා බලය මේ යැයි පෙන්වමින් හම්බන්තොටට ලොව සිව් දෙසින් ඇදී ආ තරුණ කැළ පිළිගැනීමට ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ හා මුස්ලිම් සම්ප්‍රදායික නැටුම,ගැයුම හා බෙරය පමණක් නොව සිනහව ද එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර? (ස)
චෝගම් එකට මොකද වුණේ? අපි නොදන්නා දෙයක් ඇත්නම් කියන්නකෝ. (නි)
හරිම ලස්සනයි (නි)
කීර්ති, ඔයාගේ නමින් වැඩක් වෙන්නේ නැහැ ඔවැනි මොට්ට කතා කිවුවොත්. චෝගම් එකේ පසු ප්‍රතිපල ගැන ඔබ නොදන්නවා වුණාට බුද්ධිමත් ජනතාව හොඳින් දන්නවා. කටට ආපු දේ කියන පුරුද්ද වෙනුවට යමක් අධ්‍යයනය කර ලියන්න. (නි)
කීර්ති" මම නම් මේවට ඊර්ෂියා කරන්නේ නැහැ. නමුත් මෙතන ප්‍රශ්නේ මේවා උතුරට නැගෙනහිරට රජරටට සබරගමුවට කන්ද උඩරටට අඩුම ගානේ වයඹට වත් නැහැ.කීර්ති" පුළුවන් නම් මේක විතරක් පොඩ්ඩක් මට පහදල දෙන්න ඇයි සියලු දේ හම්බතොටට විතරක්.? (ස)
ගිහාන් බුද්ධිමතාණනි, ඔබ තුමා නොදන්නවාට චොගම් එකේ වැඩිම ප්‍රසිද්ධියක් ලැබුනෙ එංගලන්තේ අගමැති ඩේවිඩ් කැමරන්ට. ඔහු නිර්දය විදියට ලංකාව විවෙචනය කලා, ඒ ඇර කිසිම ජාත්‍යන්තර මාධ්‍යයක උප ප්‍රධාන සිරස්තලයක්වත් ලංකාවට වාසි වෙන්න ගියෙ නැති බව කවුරුත් දන්නවා. ඒකට විදම් කල සල්ලි වලින් රටට වැදගත් දෙයක් කරන්න තිබුන.(ස)
ලෝක තාරුණ්‍යයේ දිදුලන හෙට දවස (දී)
කීර්ති නොදන්නවට චෝගම් හින්ද නේද කෝටි ගානක බෙන්ස් ගෙනාවෙ ලංකාවට, කොලඹ පාරවල් වලට ගල් ඇල්ලුවෙ, හම්බන්තොට කැලේ සම්මන්ත්‍රණශාලා හැදුවෙ, සත්තු වත්තෙ සත්තුටික බත්තරමුල්ලෙ කබරගොයින්ට කන්න දුන්නෙ, කොළබ බල්ලො අල්ලන් ගිහින් බණ්ඩාරගම පැත්තෙ පාරවල් වලට අතඇරියෙ ඒ ටිකම මදැ (ස)
මට හරිම ආඩම්බරියි මගේ සතුට කියා නොහැක (ස)
ඔදවැඩිල ඉවර වෙනකොට අලියා ගිල්ල දිවුල වගෙ තමයි. චෝගම් දැක්කෙ නැතෙයි. (ස)
මට නොපෙනෙන හින්දයි අහන්නේ මේ එකම සලකුනකවත් ඇයි ලංකාවේ ජාතික කොඩිය නැත්තේ (දී)