රුහුණට විශ්ව විද්‍යාලයක් ලබාදීමට මුල්වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් (91) මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් මේ මස 12වැනිදා උදේ 10ට රුහුණු විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
රුහුණු විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ 5වැනි ජාතික මහා සමුළුවට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සිදු කෙරේ.
ප්‍රඥාභිෂේක ගුරු උපහාර වැඩසටහන ද මෙවරත් පැවැත්වෙන බව රුහුණු විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ ලේකම් අතුල ගජසිංහගේ මහතා පවසයි.
මේ සඳහා සහභාගී වන ලෙස රුහුණු විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගෙන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරයි.
මේ පිළිබඳ විස්තර 071 8210761 සහ 071 8063620 යන දුරකථන අංකවලින් විමසා දැනගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්.රුහුණ විශ්ෂයෙන් මාතරට විශාල සේවයක් කරපු කෙනෙක් තමා රොනී (බ)