ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශවයේ අනුනායක හා රුසියාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ පල්ලේකන්දේ රතනසාර හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය දවුල්දෙන ඥානිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පල්ලේකන්දේ රතනසාර නාහිමියන් වෙත අක්‍රපතය පිළිගැන්වීය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දේශබන්දු කරු ජයසූරිය මහතා රතනසාර නාහිමිහන් වෙත විජිනපත පිළිගැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ අපට ආඩම්බරයක්.අනතිමානී ඔබ රටට මෙන්ම උපන් ගමටත් උසස් සේවයක් කරනවා. ආදී සිස්ය මිත්‍ර සංගමය වෙනුවෙන් ඔබ වහන්සේට දීර්ගායු ප්‍රර්ථනා කරමි.(අ)
අපේ සුබ පැතුම්. කරුණාකර මේ හිමියන් රුසියාවේ වැඩ සිටින පන්සලේ තොරතුරු පල කරන්න. වෙබ් අඩවියක් තිබේද ? ලංකාවේ හාමුදුරුවරු පිතුර වලට ටිබෙට් ලාමල වගේ දත් තිස්දෙකම පෙන්නනේ නැත. (අ)
ඔබ වහන්සේ ඉතා උගත් සහ දක්ෂ , එහෙත් අතිශය නිහතමානි නා හිමි නමක් බව කවුරුත් දන්නවා. තවදුරටත් ආගමික ශාසනික කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගී සුව ඇත වේවා.(නදී)
රුසියාවත් අපේ බොදු බලතාය වගේ හිතල මෙන්න අපේ මිනිස්සු අන්‍යාගම්කරනවෝ කියල කැගැහුවෙත් මොකද කරන්නෙ ඒ මිනිසුස් එහෙම කරන්නෙ නැහැ. එහෙම කලොත් හැම රටවලම තිබෙන පන්සල් වහන්නවෙයි. බුදුබණ පිළි නොපදින එකම බෞද්ධ රටඅපේ රට. බුදුන් කිව්වවෙ තමාට තමා උපමා කරන්න කියල සරලව කිව්වොත් තමන් කරන කොට හොඳයි අනෙත් අය කරන කොට ඉවසන්න බැහැ (අ)
අනේ ඇයි මේ දෙවන පින්තුරේ ඉන්න අපේ හාමුදුරුවරු ඔරවන්නේ ?(නදී)
රුසියන් කාරයෝ ගැන අපේ රටේ අය හරියට දන්නේ නැහැ, හෙළයන්ට ඕනෑම දෙයක් ඉක්මනට අමතක වෙනවා, මීට දශකයකට පෙර ගංගොඩවිල සෝම හිමියන්ව අපවත් කලෙත් ඔය හොඳයි කියන රුසියන් කාරයෝ තමයි. (අ)
i වන විජයබාහු , දුටු ගැමුණු , මහා පරාක්‍රම බාහු, ගජබාහු වැනි රජ වරු නවගුණ වැල ගැන ගැන හිටියා නම් අද මේ රටේ සිංහල ජාතියත්,බෞද්ධ අයිතියත්, ස්වාමීන් වහන්සේලාත් මේ වන විට නැතිවන්න ඉඩ තිබුණි. පින්වත් උපාසක මහත්වරු සියලු දෙව් මිනිස් සැප කෙලවර නිවන් යන්නකෝ. අපි මේ රටේ සිංහලකම ,බෞද්ධ අයිතිය වෙනුවෙන් කලයුතු ඕනෑම දෙයක් කරනවා. බැරි උනොත් මැරුණු දවසක භුතාත්මයක් බවට පත් වී හෝ එවැනි දේ කිරීමට උත්සහ කරනවා.(නදී)
ඇහේ ඇන තියාගෙන එක එක දේවල් දිහා බලන්න එපා සුජාන් , මේ හාමුදුරුවෝ බලන හැටි වෙන්නැති.(නදී)
සාධු සාධු සාධු, රුසියාව ජනතාව තුල බුද්ධ ධර්මය ගැන පහන් සිතුවිලි ඇති කිරීමට ඔබ වහන්සේට ශක්තිය හා ධෛයර්ය ලැබේවා.(නදී)
රුසියාවේ ධර්මය අවබෝධ කරපු අය කී දොනක් විතර ඉන්නවද කරුණාකර දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.(නදී)
අනේ අපේ සෝම හාමුරුවොත් එහාට නේද වැඩම කලේ? දුකයි මතක් වෙනකොට. (නි)
ඇයි දිලිසෙන සිවුරු පෙරවන්නේ ? (ස)