IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රුසියාවේ සංඝනායක හිමි අක්තපත්‍ර ලබති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශවයේ අනුනායක හා රුසියාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ පල්ලේකන්දේ රතනසාර හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය දවුල්දෙන ඥානිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පල්ලේකන්දේ රතනසාර නාහිමියන් වෙත අක්‍රපතය පිළිගැන්වීය.  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දේශබන්දු කරු ජයසූරිය මහතා රතනසාර නාහිමිහන් වෙත විජිනපත පිළිගැන්වීය.



අදහස් (0)

රුසියාවේ සංඝනායක හිමි අක්තපත්‍ර ලබති

දයාරත්න හේවා එදිරිමාන්න Saturday, 13 July 2013 12:12 PM

ඔබ වහන්සේ අපට ආඩම්බරයක්.අනතිමානී ඔබ රටට මෙන්ම උපන් ගමටත් උසස් සේවයක් කරනවා. ආදී සිස්ය මිත්‍ර සංගමය වෙනුවෙන් ඔබ වහන්සේට දීර්ගායු ප්‍රර්ථනා කරමි.(අ)

:       0       0

නලාක Saturday, 13 July 2013 12:13 PM

අපේ සුබ පැතුම්. කරුණාකර මේ හිමියන් රුසියාවේ වැඩ සිටින පන්සලේ තොරතුරු පල කරන්න. වෙබ් අඩවියක් තිබේද ? ලංකාවේ හාමුදුරුවරු පිතුර වලට ටිබෙට් ලාමල වගේ දත් තිස්දෙකම පෙන්නනේ නැත. (අ)

:       0       0

නන්ද Friday, 12 July 2013 11:11 PM

ඔබ වහන්සේ ඉතා උගත් සහ දක්ෂ , එහෙත් අතිශය නිහතමානි නා හිමි නමක් බව කවුරුත් දන්නවා. තවදුරටත් ආගමික ශාසනික කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගී සුව ඇත වේවා.(නදී)

:       0       0

සෙනෙවිරත්න Saturday, 13 July 2013 01:38 PM

රුසියාවත් අපේ බොදු බලතාය වගේ හිතල මෙන්න අපේ මිනිස්සු අන්‍යාගම්කරනවෝ කියල කැගැහුවෙත් මොකද කරන්නෙ ඒ මිනිසුස් එහෙම කරන්නෙ නැහැ. එහෙම කලොත් හැම රටවලම තිබෙන පන්සල් වහන්නවෙයි. බුදුබණ පිළි නොපදින එකම බෞද්ධ රටඅපේ රට. බුදුන් කිව්වවෙ තමාට තමා උපමා කරන්න කියල සරලව කිව්වොත් තමන් කරන කොට හොඳයි අනෙත් අය කරන කොට ඉවසන්න බැහැ (අ)

:       0       0

සුජාන් Friday, 12 July 2013 11:24 PM

අනේ ඇයි මේ දෙවන පින්තුරේ ඉන්න අපේ හාමුදුරුවරු ඔරවන්නේ ?(නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 13 July 2013 02:45 PM

රුසියන් කාරයෝ ගැන අපේ රටේ අය හරියට දන්නේ නැහැ, හෙළයන්ට ඕනෑම දෙයක් ඉක්මනට අමතක වෙනවා, මීට දශකයකට පෙර ගංගොඩවිල සෝම හිමියන්ව අපවත් කලෙත් ඔය හොඳයි කියන රුසියන් කාරයෝ තමයි. (අ)

:       0       0

නිමල් ලලිතා Saturday, 13 July 2013 02:51 PM

i වන විජයබාහු , දුටු ගැමුණු , මහා පරාක්‍රම බාහු, ගජබාහු වැනි රජ වරු නවගුණ වැල ගැන ගැන හිටියා නම් අද මේ රටේ සිංහල ජාතියත්,බෞද්ධ අයිතියත්, ස්වාමීන් වහන්සේලාත් මේ වන විට නැතිවන්න ඉඩ තිබුණි. පින්වත් උපාසක මහත්වරු සියලු දෙව් මිනිස් සැප කෙලවර නිවන් යන්නකෝ. අපි මේ රටේ සිංහලකම ,බෞද්ධ අයිතිය වෙනුවෙන් කලයුතු ඕනෑම දෙයක් කරනවා. බැරි උනොත් මැරුණු දවසක භුතාත්මයක් බවට පත් වී හෝ එවැනි දේ කිරීමට උත්සහ කරනවා.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 13 July 2013 04:43 AM

ඇහේ ඇන තියාගෙන එක එක දේවල් දිහා බලන්න එපා සුජාන් , මේ හාමුදුරුවෝ බලන හැටි වෙන්නැති.(නදී)

:       0       0

සමරසේකර Saturday, 13 July 2013 05:05 AM

සාධු සාධු සාධු, රුසියාව ජනතාව තුල බුද්ධ ධර්මය ගැන පහන් සිතුවිලි ඇති කිරීමට ඔබ වහන්සේට ශක්තිය හා ධෛයර්ය ලැබේවා.(නදී)

:       0       0

චන්ඩි Saturday, 13 July 2013 05:26 AM

රුසියාවේ ධර්මය අවබෝධ කරපු අය කී දොනක් විතර ඉන්නවද කරුණාකර දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.(නදී)

:       0       0

උපාලි Saturday, 13 July 2013 07:20 AM

අනේ අපේ සෝම හාමුරුවොත් එහාට නේද වැඩම කලේ? දුකයි මතක් වෙනකොට. (නි)

:       0       0

ධම්මසිරි Saturday, 13 July 2013 09:50 AM

ඇයි දිලිසෙන සිවුරු පෙරවන්නේ ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site