
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර රුසියාව ඉරානයට පැහැදිලිව සහාය ලබාදුන් බවත් ඉදිරියේදී රුසියාව සහ ඉරානය අතර සබඳතා තවත් තරකර ගැනීමට බලාපොරොත්තු වන බවත් ක්‍රෙම්ලින මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද (24) ප්‍රකාශ කළේය.
ඇවිලෙන ගින්නට පිදුරු දමමින් රුසියාව සහ ඉරානය අතර සබඳතාව පළුදු කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ ගන්නා බවත් එයට රුසියාව ඉඩ නොතබන බවත් පෙස්කොව් පැවැසුවේය.
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ අවස්ථාවේ ඉරාන - ඊශ්‍රායල අර්බුදයේදී රුසියාව කටයුතු කළ ආකාරය පිළිබඳ ප්‍රසාදය පළ කළ බවද පෙස්කොව් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් හිටගෙන උඩ බලන් ඉඳලා හරියනවාද? උදව් නොකර, අර චීනේ, පාකිස්තානයට උදව් කළා වගේ උදව් කරන්න තිබුණානේ ඉරානෙට?
රුසියාවට ජයවේවා. පුටින් දිනේවා...!