
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
හබරාදූව ,තල්පේ ප්‍රදේශයේ පිහිටි ආයතනයක් තුළ දී රුසියන් ජාතිකයෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන රුසියන් ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරික්ෂණ පරීක්ෂණ පවත්වාගෙන යයි.
තුවාල ලැබූ තිස් නව හැවිරිදි රුසියානු ජාතිකයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවහබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගැනීමට සොයන රුසියන් ජාතිකයින් හතර දෙනා සහ පහරකෑමට ලක්වූ රුසියන් ජාතිකයා රුසියන් රූබල් ශ්‍රී ලංකාවේ මුදල් වලට මාරු කිරීමේ නිරතව සිට ඇති අය යැයිපොලිසිය සඳහන් කරයි.
එම මුදල් හුවමාරුවේදී ඇති වූ බව කියන බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
තමන්ට පහරදුන් රුසියානු ජාතිකයින් හතර දෙනා තමන් සතුව තිබූ රුපියල්3,800,000මුදලක් ද ලබාගත් බවපොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්තියේ මාතෘකාව පාඨකයින් නොමග යවන සුලුය. ලංකාදීපය මීට වඩා සැලකිලිමත් විය යුතුය.