තිහාරියේ ප්‍රධාන පළතුරු ගොවියකු වන ඒ ඒ පී කරුණාරත්න මහතාගේ තව දෙමාසයකින් නෙළා ගැනීමට තිබූ අක්කර දහයේ රඹුටන් වගාව විෂ රසායනයක් ඉස පුළුස්සා ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.
ඔහුට සිදුවී ඇති පාඩුව රුපියල් ලක්ෂ දහයකට අධිකය.
හිටපු පොලිස් නිලධරයකු වන ඔහු කියනුයේ වත්තේ සිට කිහිප දෙනකු දුවනු දුටු බවයි.
මින් සතියකට පමණ පෙර ඔහුගේ වත්ත මායිමේ ඔයක් අසල කසිප්පු වැටලීමක් සිදු විය.
ඒ සිද්ධිය හා මෙම විනාශය අතර සම්බන්ධයක් තිබිය හැකිදැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් ඔයවගේ කාලකන්නි ඉන්නවද?(නදී)
මේ මිනිස්සුන්ට මිනිස්සු කියලා ඇමතිය යුතුද කියලා දෙවරක් සිතිය යුතුයි. වැරදිකරුවන්ට නීතියේ රැහැනින් ගැලවී පැනයන්න ඉඩ සලසා දීම රටම ආගාදයට ඇද දැමීමකි.රට හා අනාගත පරපුර මේවා ආදර්ශයට අරන් කොතනින් කොහෙට ගිහින් නවතීද? (නි)
අය්යෝ සල්ලි. පව් මනුස්සයා. මෙහෙමත් රටක්. දුප්පතා අනාතයි. (ස)
අශෝබන වැඩ කරන දෙපා සත්තු.(ස)
මෙන්න රටේ ඉහලම අය මැදිහත් වෙලා උපරිම දඩුවම් දිය යුතු වරදක්.ඒත් මොනවා කරන්නද මේක ලංකාව. කරුණාරත්න මහත්මය ඉවසලා ඉවසලා අන්තිමට මිනීමැරුමක් දක්වා ගියපසු මිනීමැරීමේ වරදට කරුණාරත්න මහත්මයා එල්ලුම් ගස් යනතුරු ඉවර නොවෙන සිදුවීමක්. (නි)
රඹුටන් කාලෙට ලේනුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඝන්ටාර,වවුලන්ට රතිඤ්ඤා, අහස්කුරු අරිනවා. අක්කර 10 ක වත්තක් සොරුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට තාවකාලික මුරකුටි දමාගෙන ඒවා රැකගන්නේ.ගම්වල ඊර්ෂ්‍යාකාරයින්ගේ තරම දන්නේ නැද්ද? වැඩේ නම් හෙන ගහන අපරාධයක්! (නි)
මේ මිනිස්සුන්ට ඉපදෙන්න අපායවත් නැතිව යනවා.මේ වගේ කරන පව්කාර වැඩ වලට. (නි)
ධාර්මිකව ජීවත් වෙන කෙනෙකුට කරදර කළ අයට යහපතක් නොවේ (නි)
අන්තිම කැත වැඩක් (නි)
ඉරිසියාකාර මිනිස්සු
බෞද්ධ ආගමේ කියලා තියෙනවා ගස්කොලන් වලටත් ආදරය කරන්න කියලා (නි)
ගොවි මහතා කලින් පොලිස් නිලදාරියෙක්. ඒකයි ප්‍රශ්නය. මෙවැනි අපරාද කරන්නේ දෙපා සත්තු තමයි. "ඒත් ගොවි මහතා කලින් පොලිස් නිලදාරියෙක්" (නි)
මේවා කරන අයට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි (නි)
සත්තු වගේ මිනිස්සු (නි)
හිටපු පොලිස්කාරයෙක් නිසා කමක් නැහැ කියලයි මම කියන්නේ. (නි)
පළිගන්නවා නම් මුහුණට මුහුණ එනු මිස මෙවැනි පහත් වැඩ අනුමත කළ නොහැක (නි)
මෙහෙම අය ඉන්නකොට කොහොමද කෘෂිකාර්මික රටක් දියුණු වෙන්නේ? (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. කවුරුවත් කැමති නැහැ තවත් කෙනක් හොදින් ඉන්නවට. බන අහන බන කියන වැඩිම රට. මොනවා කරන්නද? රටේ වැරැද්ද නෙමෙයි. මිනිසුන්ගේ හැදියාවේ වැරැද්ද. අපරාදේ රඹුටන් වගාව.(නදී)
ගහ කොළ වලිනුත් පලිගන්න තරම් නපුංසකයෝ අපේ රටේ ඉන්නවා එහෙනම්. (නි)
මේ අපරාධය කරපු අය සොයා ඇමරිකාවට යවන්න.මෙවැනි අය සුදුසු එවැනි රටකට විනා ධර්මදිපයකට නොවේ. (නි)
බුදුන්ගේ දේශයේ සිදුවෙන ආශ්චර්යයන්. (නි)
ඊර්ෂ්‍යාකාරයෝ පිරුණු රටක මේවා සාමාන්‍ය දේවල් (නි)
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ,මිනිස්සු මිනිස්සු කිව්වට හැමෝම මිනිසුන් නොවේ. (නි)
දැන් දැන් ලංකාවේ ප්‍රවෘත්ති දැක්කම විශ්වාස කරන්නත් අමාරුයි (නි)
තිරිසන් මිනිස්සු.... (නි)
පලබර ගහක් දෙස වෛරී සිතින් දැකීම සහ ඉවසුම් නොදීම බරපතල පාපයක්. එය කළවුන්ගේ දරුවන්ටත් විඳවන්න වෙනවා (නි)
ගම්වල ඕවා සාමාන්‍ය දේවල් (නි)
තිරිසන් වැඩ (අ)
මොහොමඩ් කව්ද දන්නේ මේක ඔයාලගේ කෙනෙක් කළාද කියලා.(නදී)
මෙලොවදීම සාප දෙන අපරදයක්නේ පව් දෙය්යනේ (අ)
මිනිසත්කම නැති පිරිසක් තමා මෙහෙම දේවල් කරන්නේ. (අ)
කනගාටුවෙන් උනත් ....කියන්ඩ වෙන්නේ සිංහල මිනිස්සු ඔහොමයි...අද කාලේ...නැගිටින්න දෙන්නේ නැ..කකුලෙන් අදිනවා.....ඉස්සර වෙන්න දෙන්නේ නැ පිටට පිහියෙන් අනිනවා....වැරැද්දක් පෙන්නලා දෙන්න බැ....බෙල්ල කපනවා (අ)
නීතියෙන් සමාවක් දෙන්න එපා (නි)
පොලීසියේ අය හැමෝවම සැක කරනවා. දුවනවා දැක්ක පලියට කොමද කියන්නේ විස බෙහෙත් දම්මා කියලා. දිලීරයක්ද කොහේදෝ.(නදී) .