අවුරුදු 50ක් 60ක් රසායනික පොහොරවලට හුරු පුරුදු වූ රටක් ලෙහෙසියෙන් ඉන් මුදා ගැනීම පහසු නැතැයිද වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමෙන් පමණක් වැඩක් නැතැයිද ඊට හේතු සොයා බැලිය යුතු යැයිද අප අමාරුවෙන් හෝ කාබනික පොහොරවලට හුරු පුරුදු විය යුතු යැයිද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක ජාතික පාසලේ පැවැති ජාත්‍යන්තර වකුගඩු දින උත්සවය අමතමින් පැවසීය.
පොළොන්නරුවේ ගොවියා ඉස්තරම්ම රසායනික පොහොර ඉල්ලන්නේත් තව තැනක ගොවියා සල්ලි එපා පොහොර දියව් යනුවෙන් ඉල්ලන්නේත් රසායනික පොහොර පාවිච්චි කිරීමේ මානසිකත්වය නිසා යැයිද ජනපති කීවේය.
‘අද ලෝකයේ සංවර්ධනයවූ රටවල් වල රසායනික පොහොර, වල් නාශක, කෘමි නාශක සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. රසායනික පොහොර භාවිතා කරන ලෙස විදේශ රාජ්‍යයන් වල සිටි විශේෂඥයන් මීට අවුරුදු 50ට 60ට පෙර උපදෙස් දුන්නත් ඔවුන්ම අද කියා සිටින්නේ එයින් බැහැරවන ලෙසයි. සංවර්ධනය වූ රටවල ජනතාව දියර කිරි භාවිතා කරනවා. ලෝකයේ කිරිපිටි භාවිතා කරන රටවල් තිබෙන්නේ 20කට වඩා අඩුවෙන්. එහෙත් වඩාත්ම පිටි කිරි භාවිත කරන රටක් විදියට අපේ රට ලෝකයේ කිරිපිටි සමාගම්වල කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. අපි ගමේ කිරි ගොවියාගේ ජීවන තත්ත්වය වර්ධනය කරන්න ඕනෑ. ගමේ පිටිසර ගොවියාගේ සිට දීප ව්‍යාප්තව දියර කිරි භාවිතය වර්ධනය කරන්න ඕනෑ‘ යැයිද ජනපති එහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයට ඡන්දය දුන් අයත් හොයාගන්න අමාරුයි දැන් (නි)
ඔය සුරංගනා කතා කියන ඇත්තෝ හැමෝම මේ අවාසනාවන්ත තත්ත්වයට ජනතාවට අඩු වැඩි වශයෙන් උත්තර බඳින්න සුදුසුම හෝරාව තමයි මේ එළඹී ඇත්තේ. (නි)
නමුත් අපි කොහොම හරි රසායනික පොහොර ප්‍රස්නෙන් මිදෙන්න ඕනි මේ තුලින් ගොඩනැගෙන අතුරු ප්‍රතිපල වලට රජයක් හැටියට වගකියන්න වෙනවා. (ර)
දියර කිරිවලට ජනතාව හුරු කිරීමත් කාබනික පොහොර වලට ගොවියා හුරුකරනවාටත් වඩා අපහසු වෙනවා ඇත. පහසු මිලකට දියර කිරි ලබා ගැනීමේ හැකියාවක්ද පැවතිය යුතුය. (ර)
මේ කතාව ඇත්ත (නි)
ගරු ජනනායකතුමනි, නීතිය තිබෙන්නේ හුරුවට උඩීන්. නීති පනවන්න. ජනතාව ගරුකරයි (නි)
ඔය දේ ඇත්ත බව හැම දෙනාම දන්නවා, කාබනික පොහොර ලබා දෙන්න තියෙන වැඩ පිළිවෙලක් තියෙන්න ඕන, නගරවල කුණු වලින් මේ දේ කරන්න පුළුවන්, එතකොට නගරවල කුණු ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනවා, දෙසිය ආයෝජකයන්ට දිරි දීමන. බැංකු ණය ලබා දීල යම් ව්‍යාපාරයක් ආණ්ඩුවෙන් පටන් ගන්න ඕන, එවිට විදේශ විනිමය ඉතුරු කරගන්න ලැබේවි (බ)
ජනාධිපතිගේ කතාවේ ඇත්තක් තිබෙනවා. (නි)
මොකක්ද මේ වැඩේ තේරුම? ගොවියට පොහොර සහනාධාර දෙනවා, ඊටපස්සේ ගොවියා භූගත ජලයත් විනාශ කරමින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් වී නිෂ්පාදනය කරනවා. ඊටපස්සේ අස්වනු නෙලන කාලයට ගොවියා ආරක්ෂා කරන්න කිය කියා රජය විසින් මැදිහත්වෙලා වී මිලදී අරගෙන ගබඩා කුලියට හෝ අරගෙන ගබඩා කරගන්නවා. සහල් සැමදාම ගිනි ගණන්. මේ ගොවියන්ගෙන් කොටසකට බැරිද වී වවන්නේ නැතුව එළවලු හෝ වෙනයම් භෝගයක් කාබනික පොහොර යොදා වගාකරන්න? (නි)
කාබනික පොහොර වගාව පමණක් කළ යුතු බවට නීති පැනවිය යුතුය. (ම)
ශ්‍රී ලංකා ,යු එන් පී එකට ඡන්දෙ දීලා පුරුදු අය එකෙන් මුදවා ගන්නත් අමාරුයි. (ර)
අගමැතිතුමා ප්‍රකාශයක් කළානේ අපි දියයුත්තේ ජනතාවට ඕනෑ දේ නොව ජනතාවට සුදුසු දේ කියලා. ඒ අනුව ක්‍රියා කරන්න. (නි)
ගරු ජනාධිපතිතුමනි, කාබනික පොහොර නිෂ්පාදනය මිල අධිකයි. පොහොර සහනාධාර දෙගුණකොට ගොවි උපකරණ නාමික මිලකට කුලියට ගතහැකි මධ්‍යස්ථාන පිහිටුවන්න. බීජ නොමිලේ ලබා දෙන්න (නි)
ගරු ජනාධිපතිතුමනි, මන්ත්‍රී වාහන පර්මිට් අහෝසිකර එම මුදලින් පොහොර සහනාධාරය ගොවියාටම කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීමට ප්‍රමාණවත් ලෙස වැඩිකරන්න. රටම නිරෝගී ජාතියක් වේවි. (නි)
කාබනික පොහොර විශාල වශයෙන් හදන්න අමාරුයි. ඵලදාව රසායනික පොහොර වලට වඩා අඩුයි. ඉන්න ජනගහණයට කන්න දෙන්න රටින් ගෙනෙන්න තමයි වෙන්නේ. (නි)
ගරු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තු නොපැමිණෙන මන්ත්‍රීවරුන්ගේ පඩියෙන් 20%ක් නොපැමිණෙන දිනකට කපා හරින්න. (නි)
සම්පත්, වට පිට බලන්න. එතකොට දැනෙයි බොහොමයක් යහපාලනෙට ඡන්දෙ දුන් අය තමයි කියල යහපාලනේ වැරදි අදින්නේ. වැඩේ කියන්නේ යහපාලනේට ඡන්දෙ දුන්න අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ආණ්ඩුවේ වැරදි කතා නොකර ඉන්න නිවට දීන අවස්ථාවාදී අය නොවේ. (බ)
මොනවා කතාකළත් මහින්දගෙන් කතාව ඉවරවෙන තරමට මහින්ද මහත්තය ජනප්‍රිය වෙලා.(බ)
අපේ අය හැමදාම ඉල්ලගෙන කන දීන මානසිකත්වයෙන් ඉන්නේ. රේඩියෝ අහන්නේ සල්ලි දෙනවා නම්. නොමිලේ දෙනවා නම් ඕනෑ කුණුගොඩක් ගන්නවා. (නි)
කතාව ඇත්ත, අමාරුයි ජනාධිපතිතුමනි. පුරුද්ද අත්හරින්න අමාරුයි. (නි)
කන බොන දේවල් වල මිල පහළ හෙළීමට ජනාධිපතිතුමන්ට ශක්තිය වාසනාව උදාවේවා! (නි)
කාබනික පොහොර මිල අධිකයි. පොහොර සහනාධාරය වැඩිකරන්න. (නි)
කොම්පෝස්ට් පොහොර මෙන් 20 ගුණයකින් වැඩි දියර කොම්පෝස්ට් කුණුකසළ යොදා ජීවවායු නිපදවීම මඟින් ලබාගැනීමට පරිසර, බලශක්ති, කෘෂිකර්ම අමාත්‍යංශ එකම වැඩපිළිවෙලකට යායුතුය (නි)
ගොවියෝ මොඩයි කියල කියනවනම් ඔයා බත් කන්නත් එපා (කෞ)
ඒක නම් ඇත්ත. පුරුද්ද අතාරින්න අමාරුයි.(හේ)
ගොවියන් යනු මෝඩයන් නොවේ. ගොවියාට අවශ්‍ය දේ තිරණය කරන්න තරම් දැනුමක් ඔවුන් සතුව ඇත. (නි)
අපේ ගමේ දැන් වී ගොවිතැන් කරන එක ඇත ඇරල. කුඹුරු පාලු වෙලා. කිරි හරක් ලබා දුන්න නම් හොද උපදෙසුත් දුන්නොත් හොඳයි (කෞ)
අලුත් පක්ෂ හදමින්, ගහමරා ගනිමින් බලය ලබා ගැනීමට විවිධ පිරිස් උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොවේ. ඔවුන්ගේ බැංකු ගිණුම් තරකර ගැනීමටය. (කෞ)
ඔබතුමා අන්තිමට කියපු කිරි සහ වී එළවලු ගොවිතැන තමියි අපේ ලොකුම ශක්තිය .. ඔබට ජය (ම)
මේ කියන විදිහට ඡන්ද කාලෙට ඡන්දදායකයා පුදුම බුද්ධිමත්. ඡන්දෙන් පස්සේ ඒ මිනිස්සු මෝඩ වෙනවා. එහෙම වෙලා නොසුදුසු දේ ඉල්ලනවා. මෝඩ මිනිස්සු ඉල්ලන දේ පැත්තකට දාලා උගතුන්, විද්වතුන්ගේ උපදෙස් අනුව ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ කියලයි මේ කියන්නේ. හැබැයි ඉතින් පොහොර ගැන විතරයි. අනිත් දේවල් කරනකොට එහෙම කරන්න බැහැ. මොකද හැමට කලින් පක්ෂය දිනවන්න එපායැ. (නි)
එ්කත් හරියට මහින්ද අතහරින්න බැරි ශ්‍රී ලංකාකාරයෝ වගේ. (නි)
ඔය "මෝඩ" ගොවියන්ගේ ඡන්දෙන් තමයි ඔය එක එක පක්ෂ බලයට එන්නේ. ඉතින් ඒ අයගේ තේරීම් ගැන හිතාගන්න පුළුවන්නේ. ඕක තමයි ඇත්ත. (නි)
අලුත් පක්ෂ හදමින්, ගහමරා ගනිමින් බලය ලබා ගැනීමට විවිධ පිරිස් උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොවේ. ඔවුන්ගේ බැංකු ගිණුම් තරකර ගැනීමටය. වෙනත් රටවල දේශපාලකයන් සිය දේපල මුදල් ජනතාව වෙනුවෙන් කැපකරයි. බණ්ඩාරනායක, ඩි. එස්. වැනි මහත්වරුන් එවැන්නෝය. (නි)