2006 වසරේ සිදු වූ බව කියන ඇමෙරිකා ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට රතු වරෙන්තු නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළාය.
උදයංග විරතුංග තවමත් සැකකරුවකු ලෙස නම් කර නැති හෙයින් ඔහුට රතු වරෙන්තු නිකුත් කිරීමට නීතිමට ප්‍රතිපාදන නැතැයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
ඔහු දැන් සිටින ලිපිනයක් සොයාගෙන එම ලිපිනයට නොතීසි යවන ලෙස ද නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ නම් රතු ඒවා ඕන නෑ, සුදු වැන් එකෙන් වැඩේ දෙන්නේ..(බ)
ඇණ ගන්න එක හොදම එකෙන් ඇණ ගන්නවා, දැක්කහම දුකත් හිතෙනවා (බ)
මුහුණු පොතේ ලිපිනය ට තමයි යවන්න වෙන්නේ (බ)
මොන යානාවකින් හරි ගහල යුද්දේ දිනුවනේ . ඉරිසියාකාර කුහක මිනිසුන්ට නම් ලොකු ප්‍රශ්නයක් ? (බ)
සැකකරුවකු ලෙස නම් කර නැති හෙයින් ඔහුට රතු වරෙන්තු නිකුත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැත , නමුත් රතු වරෙන්තු නැතුව අත්අඩංගුවට ගෙන සැකකරුවෙකු කරන්නත් බැහැ, නයි කයි ද රෝස පාන් කිවලු (බ)
දැන් මේ ආණ්ඩුවට අවුරුද්දකුත් මාස 8ක්. කපුටෝ ජරා ගොඩවල් අවුස්සනවා වගේ අවුස්සනවා විතරයි. කිසිම කෙනෙකුව අධිකරණයෙන් වැරදි කරුවකු කරන්න බැරි වුණා (බ)
මෙයාට රජයෙන් විදේශ ගමන් බලපත්‍රයකුත් නිකුත් කරලා තියනවනේ. ආයිත් මොනවට රතු වරෙන්තු? (අ)