රොෂාන් රණවනගේ අලූත්ම පෙම්වතිය වන්නේ ඇයයි. හැබැයි ඒ සැබෑවටනම් නොවෙයි. අරුණි රාජපක්ෂ නමැති සුරූපී ඇය මෙලෙස රොෂාන්ගෙ පෙම්වතිය වී සිටින්නේ තිරගත වන ‘‘සුපර් සික්ස්’’ චිත‍්‍රපටය වෙනුවෙනි. එහි ෂෙරීන් සහ අරවින්ද යන පෙම්වතුන් යුවළ ලෙස රඟපාන මේ දෙදෙනා සැබෑ ජීවිතයේදී මොනවගේ දෙදෙනෙක්ද? මුහුණට මුහුණ කළ මේ පිළිසඳර මගින් ඔබට ඒ ගැන දැනගත හැකි වේවි. අරුණි ඔබ රොෂාන් ගැන කොහොමද හිතන්නේ? රොෂාන් සෑහෙන කාලයක ඉඳලාම මගේ හොඳ යාළුවෙක්. කොහොමද ඒ යාළුකම ඇතිවුණේ? නිරූපණ ක්ෂේත‍්‍රයේදී තමයි මුලින්ම හමුවුණේ. බොහොම අවබෝධයෙන් වැඩ කරන, හරිම තැන්පත් චරිතයක්. මේ යාළුකම ඇති වී අවුරුදු පහකට වඩා වැඩියි. මුලින්ම ජීබීස්ලාට විලාසිතා දැක්මකට පෙනී සිටියා. ඉන්පසු දිල්ලියේ පැවැත් වූ විලාසිතා දැක්මකට ගියාම අපි ගොඩක් මිතුරු වුණා. රොෂාන්. අරුණි ගැන ඔබ හිතන්නෙ කොහොමද? මොකක් හරි වැඩක් කරන්න ගියාම ටිකක් අදිමදි කරනවා. ඒ වගේම ඉල්ලීම් ගොඩාක් කරන කෙනෙක්. කොහොම වුණත් අන්තිමට කරන දේ හරියට නිවැරදිව හොඳට කරන කෙනෙක්. බොරුවට ඉල්ලීම් දානකොට සමහර වෙලාවට අපට කේන්තිත් යනවා. අරුණිව මුලින්ම දැකපු දවසේ ඔබට මොනවගේ හැඟීමක්ද ඇය ගැන ඇතිවුණේ? අස්ලම්ගෙ විලාසිතා දැක්මකදී තමයි මුලින්ම දැක්කෙ. ලස්සන ගෑනු ළමයෙක්, අලූත් ළමයෙක්. කවුද මෙයා කියලා හිතුවා. පොඩි ආඩම්බරකමකින් හිටියෙ. මාත් එහෙම ලෙහෙසියෙන් කතා කරන කෙනෙක් නෙවෙයි. මමත් මගේ පාඩුවෙ හිටියා. අරුණි, රොෂාන්ව මුහුණට මුහුණ පළමු වතාවට මුණ ගැසුනු දවසේ ඔහු ගැන ඔබට ඇති වූ හැගීම? ඉස්සෙල්ලම නම් මම දැක්කෙ රූපවාහිනියෙන්. එතකොට එයා ජනප‍්‍රිය නළුවෙක්. මෙයා එක්ක නිරූපණ කටයුතුවල යෙදෙන අවස්ථාවක රොෂාන්. රොෂාන් කියලා නරඹන්නන් කෑගහන්න පටන් ගත්තා. ඒ ප‍්‍රතිචාර නිසා මටත් පොඩි ප‍්‍රබෝධයක් ඇතිවුණේ. අරුණි ඔබට රොෂාන් ගැන සැබෑවට ආදරණීය හැඟීමක් ඇතිවෙලා නැද්ද? මේ චරිතය රඟපෑමේදී ආදරණීය හැඟීමෙන් තමයි රඟපෑවේ. රොෂාන් ඒ කතාව ඇත්තද? රඟපානකොට, ඒ චරිතය වෙනුවෙන් ආදරණීය හැඟීමක් ඇතිවෙනවා තමයි. චරිතය සාර්ථක වෙන්නෙ එතකොටයි. අරුණි මොන විදියට ඉන්නවටද? රොෂාන් ඔබ කැමති? හිනාවෙලා ප‍්‍රබෝධයෙන් ඉන්නවට කැමතියි. අරුණි, රොෂාන් මොන විදියට ඉන්නවටද ඔබ කැමති? අපෝ මෙයා කා එක්කවත් ආවාට ගියාට හිනාවෙන්නෙ නැහැ. හැබැයි ඉතිං අපි කැමති එයා හිනාවෙලා ඉන්නවාටයි. අරුණි මොන විදියටද ඇඳලා ඉන්නවටද රොෂාන් ඔබ කැමති? මේ අද ඡුායාරූපවලට පෙනී සිටින විදිය හොඳයි. රොෂාන්ට මොන වගේ විලාසිතාවක් ගැලපෙනවා කියලද අරුණි ඔබ හිතන්නෙ? සුපර්මෑන් ලෝගෝ එක නැතිව ඕනෑ ඇඳුමක් රොෂාන්ට ගැලපෙනවා. රොෂාන් අරුණි වෙතින් දකින අකමැතිම දේ මොකක්ද? චිත‍්‍රපටිය රූගත කරන කාලයේදී එක-එක නීති-රීති වැඩියි. මට අද නටන්න බැහැ. මෙහෙම කරන්න බැහැ, ඒ කොටස කරන්න බෑ. ඔය වගේ අදි-මදි කිරීම් එමටයි. අරුණි ඔබට මොනවද කියන්න තියෙන්නෙ ඒ ගැන? සුපර්සික්ස් නැටුම් පුහුණුවීම් කරද්දි සමහර දවස්වල මෙයා ආවෙ නැහැ. ඒ වගේ දේවල් කරාම අපි අපහසුතාවයට පත්වුණා. රොෂාන් අරුණිව වඩාත් ආදරණීය විදියට ඔබ දැකපු මුල් අවස්ථාව මතකද? අද මේ කළ ඡායාරූප ගැනීමේ අවස්ථාවේදී තමයි. අරුණි ඔබට රොෂාන්ව ඒ විදියට දැනුණු අවස්ථාවක් තියෙනවද? මෙයා ඉතින් කොහොමත් හරිම රොමෑන්ටික් (ආදරණීයයි) ඇත්තම කියන්න ඔය දෙන්නට හිතුණොත් ඇත්තටම පෙම්වතුන් වෙන්න ඕනෑ කියලා? අරුණි. එහෙම හිතෙන එකක් නැහැ. අපි යාළුවොනෙ. රොෂාන්. එහෙම හිතුණොත් ඉතිං මම අරුණිගෙන් ඒ ගැන කෙළින්ම අහනවා. අරුණි එතකොට ඔබ ඊට දක්වන ප‍්‍රතිචාරය මොන වගේ වේවිද? අනිවාර්යෙන් ඒ ගැන සළකා බලන්න වෙනවා. හැබැයි මම නම් ඉස්සෙල්ලා ඒ ගැන අහන්න යන්නෙ නෑ. අරුණි මෙතෙක් ඔබගෙ සිත්ගත් කඩවසම් කෙනා කවුද? රොෂාන් ඉදිරියේ එය කියන්න පුළුවනිද? පුළුවනි. ම්ම්...ම්... මෙතෙක් මගේ සිත්ගත් කඩවසම් කෙනා අර්ජුන් මේපාල්. (බොලිවුඞ් නළු) මගේ සිත්ගත් නළුවා එයා. රොෂාන් ඔබගේ සිත්ගත් සුරූපිණිය කවුද? එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි. ඒත් දීපිකා පදුකෝන්ට තරමක විශේෂත්වයක් තියෙනවා. බොලිවුඞ් තිරයේ රොෂාන්ට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්, අරුණි ඔබ එයාට වඩාත් ගැලපෙන නිළිය ලෙස නම් කරන්නෙ කවුද? මෙයා ආසයි කිව්ව නිසා, දීපිකා පාදුකෝන් නම් කරන්න කැමතියි. ඒ අවස්ථාව අරුණිට ලැබුණොත්? රොෂාන් ඔබ කවුද ඇයට යෝජනා කරන්නෙ? අර්ජුන් මේපාල්ව හොයලා දෙමු. ඒ අතරේ දීපිකා පදුකෝන් රොෂාන්ට විවාහ යෝජනාවක් කළොත්? අපි රොෂාන්ගෙන් අහපු ඒ ප‍්‍රශ්නයට උත්තර දුන්නේ අරුණියි. දෙකක් නැහැ මෙයා ඒ යෝජනාව බාර ගනීවි. නමුත් රොෂාන් නම් කිව්වෙ කැමති නැහැ කියලයි. හරි එතකොට අර්ජුන් මේපාල් ඔබට යෝජනාවක් ගෙනාවොත්? අර්ජුන් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. පවුල් කඩන්න හොඳ නැහැ. අරුණි සහ රොෂාන් මේ ආදරණීය පිළිසඳර නිමකලේ ඒ විදියටයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අරුණි ඔබට මොනවද කියන්න තියෙන්නෙ ඒ ගැන....?" අනේ මන්දා
මේ දෙන්නම තාත්වික රංගනශිල්පීන් නෙමෙයි.. ලස්සන විතරයි...
මේ ඇටිකිච්චාට නම් ඇත්තටම පිස්සුද මන්දා
මම ඇටිකිච්චාගේ ප්‍රතිචාර වලට කැමතියි
"අරුණි ඔබ රොෂාන් ගැන කොහොමද හිතන්නේ....?" මෝල්ගස් ගිලපු කිඹූලෙක් වගේද?
"අරුණි, රොෂාන් මොන විදියට ඉන්නවටද ඔබ කැමති....?" රගපාන්නේ නැතුව ඉන්නවට
මොකක් ඇන්දත් වදුරා වදුරමයි
ඇත්තටම ඔබට 70 දශකයේ නලුවෙක්ගේ දස්කම් සමග කරට කර තරග කරන්න පුලුවන්ද?
වෙන වැඩක් නැත්නම් හොදයි මේවා
මේවා කියවන අපිටයි පිස්සු
අටකිච්ච් නියමයි නියමයි ...
හරි හරි ඇටකිච්ච තමයි නළුව.. ඔහොම යං..
ලකී 2012-07-06 17:35:56 "ඇත්තටම ඔබට 70 දශකයේ නලුවෙක්ගේ දස්කම් සමග කරට කර තරග කරන්න පුලුවන්ද......?" මොකෝ බැරි ? අයි , කරත්තෙක බෙන්දොත් !
"ඒ අවස්ථාව අරුණිට ලැබුණොත්? රොෂාන් ඔබ කවුද ඇයට යෝජනා කරන්නෙ.....?" MGR (එම්.ජේ.රාමචන්ද්‍රන්)
එටකිච්ච මල්ලි හරි .....මටනම් මේ දෙන්නම මෙලෝ රහක් නැ
පූජාට මොකද වුණේ?
අන්තිම ප්‍රශ්න ටික දැක්කම අපිට ලැජ්ජත් හිතෙනවා.අහන්න වෙන ප්‍රශ්න තිබුණෙම නැද්ද?
රොෂාන් තාම බැදලා නැති එක හොදට ගියා.
අරුණි ලස්සනයිද?
මෙයා හිතන් ඉන්නේ මෙයා හරි ලස්සනයි කියලා....
නංගි, ඔයාගේ කවුරුහරි uk වල ඉන්නවද?
එක චිත්‍රපටියක රගපෑවා කියලා අති දක්ෂ රංගන ශිල්පීන් කියලා හීන මවා ගන්න එපා
'අරුණි මොන විදියට ඉන්නවටද? රොෂාන් ඔබ කැමති........?" පාන් භාගයක් කාලා සද්ද නැතුව ඉන්නවට
සුපර් සික්ස්ම තමයි. ෆිල්ම් එකට ගිය වාර්තාගත වියදමේ තරම ඇදුම් වලින්ම පේනවා
චතුරිකා-පිලපිටියත් ඔහොම හිටිය මතකද? (ස)
අපේ පැත්තේ රිලව් මීට හොදට නටනවා..
එයා රඟපාන්න පුළුවන් කියලා හිතන් හිටියට මට එහෙම හිතෙන් නෑනේ....
පුටුව තියෙන්නේ වාඩිවෙන්න. සයනයට ගියානම් කොහොම හිටීවිද ?
රොෂාන් දාගෙන ඉන්නේ ලේඩීස් සන්ග්ලාස් එකක් නේද?
පුටුවල වඩිවෙලා පුරුද්දක් තියනවයැ ඔය වයසට....
අහවලා පෙම්වතියන් ඇසුරු කරන කෙනෙක් නෙමෙයි කියලයි කනින් කොනින් ආරංචි ඇවිල්ලා තියෙන්නේ
මොළේ තරම පේනවා
සුපිරි කපල් එක. සුභ පැතුම්!
සුභ මංගල දිවියකට ආසිරි!
මම හිතන්නේ දෙන්නා ගැලෙපෙනවා කියලා
දෙදෙනාටම සුභ පැතුම්!
නළු නිළි කියන වචන දෙකේ තේරුම දන්නවද ??
ඔබ දෙදෙනාටම සුභ පතනවා
"ඒ අතරේ දීපිකා පදුකෝන් රොෂාන්ට විවාහ යෝජනාවක් කළොත්?.. ඉර බස්නාහිරින් පායයි....
"හරි එතකොට අර්ජුන් මේපාල් ඔබට යෝජනාවක් ගෙනාවොත්...?" එයාගේ නෝනා එයාව මානසික රෝහලකට අරන් යාවි
මේ කොල්ලන්ට පිස්සු..
මෙයාල තමයි රටේ අනාගත පරපුර වනසන්නේ.
සීනි බෝල නළු නිළියෝ..
ස්කුබි ඩුබි ඩු එකේ ස්කුබි හොද නළුවෙක් දැන් ඉන්න අයට වඩා.....
නළුවෝ නෙමෙයි එළුවෝයි ...... ඉන්නේ වැඩිහරිය.
නැති වැරදි හොයන මිනිසුනේ.. තමන්ගෙ වැරදි හදාගෙන අනිත් අය දෙස පිරිසිදුව බලන්න. රොෂාන් රණවක හොද නළුවෙක්. මම දෙපලටම සුභ පතමි...!!
වැදගත් ප්‍රශ්න තිබුණේ නැද්ද අහන්න.
කමල් 2012-07-05 14:40:54 "නැති වැරදි හොයන මිනිසුනේ.. තමන්ගෙ වැරදි හදාගෙන අනිත් අය දෙස පිරිසිදුව බලන්න. රොෂාන් රණවක හොද නළුවෙක්. මම දෙපලටම සුභ පතමි...!!" මෙතන දෙපලක් නැත.. ඒකවත් දන්නෙ නැතිවද මේ කමෙන්ට් දාල තියෙන්නෙ....
"බොලිවුඞ් තිරයේ රොෂාන්ට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්, අරුණි ඔබ එයාට වඩාත් ගැලපෙන නිළිය ලෙස නම් කරන්නෙ කවුද?..." ජයලලිතා