ශ්රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක ලෙස රොෂාන් ගුණවර්ධන මහතා අද (12) වැඩ භාරගත්තේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ. මහ සඟරුවනේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ, කතෝලික පූජකතුමන්ලාගේ ආශිර්වාදයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරුණි.
වැලිසර මහභාගේ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා, කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගනිමින් මෙරට පෞද්ගලික සමාගම් රැසක ඉහළ කළමණාකාරීත්වය දරමින් තම වෘත්තීය සුදුසුකම් ඔප මට්ටම් කරගැනීමට සමත්වූ ගුණවර්ධන මහතා දේශීය, විදේශීය ආයතන රාශියක වෘත්තීය පරිචය ලබමින් තම වෘත්තීය දැනුම තව තවත් පුළුල් කර ගැනීමට සමත් විය..
2008 වසරේදී රාජ්‍ය සේවයට එක්වන ඒ මහතා පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ධූරය දරමින් ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීමේ හැකියාව පිළිබඳ පර්යේෂණ සිදු කර ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට සමත් විය. පසුව ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සහ තෙල් සංස්ථාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක තනතුරු මෙන්ම සභාපති ඇතුළු විධායක ශ්‍රේණියේ තනතුරු ගණනක් හෙබවීය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොෂාන් ගුණවර්ධනට නව තනතුරක්
දහම් Friday, 13 November 2015 03:44 AM
ඒ කාලේ මහජන මුදල් රුපියල් මිලියන ගණනක් වියදම් කරලා පටන් ගත්ත ප්ලාස්ටික් ඉන්ධන ව්‍යාපෘතියට මොකද වුනේ?(ම)
පරාක්‍රම Friday, 13 November 2015 04:11 AM
සුබ පැතුම්: ආයතනයේ දියුණුවට සහ රටේ සුභසිද්දියට කටයුතු කිරීමට හැකි වේවා. (ස)
කැප්පෙටිපොල Friday, 13 November 2015 05:42 AM
පත් වීම් දෙන විට හෝ ලබන විට මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. වැඩක් හරියට පටන් ගන්නේ කවදාද? ජනතාවට අවශ්‍ය වැඩ පටන් අරගෙන දූෂණයෙන්, වංචාවෙන් තොරව එය සාර්ථකව නිමවනවා දැකීමයි . (ස)
ධර්මසිරි Friday, 13 November 2015 05:57 AM
කෝ අනේ ප්ලාස්ටික් වලින් හදපු ඉන්ධන? (ස)
ලියොන් ගුණවර්ධන Thursday, 12 November 2015 07:42 PM
සුදුස්සන් මෙවැනි තනතුරු වලට පත්කිරීම ප්‍රශංසනීයයි. (නි)
සංජීව Friday, 13 November 2015 09:14 AM
වැඩ වලට වැඩිය සද්දේ වැඩියි. (ස)
ඇන්ජලෝ Thursday, 12 November 2015 10:25 PM
සුබ පැතුම්! නිවැරදි තීරණ ගැනීමට හැකිවේවා! (නි)
අතුල Friday, 13 November 2015 12:57 AM
සුබ පැතුම්! (නි)
ඉෂාණි Friday, 13 November 2015 02:19 AM
සුබ පැතුම්! (නි)
ධර්මවංශ Friday, 13 November 2015 02:49 AM
මගේ සුබ පැතුම්! රටට ආදරේ ඔබට මෙවැනි තනතුරක් ලැබීම ගැන සතුටුවෙමි (නි)
කුලරත්න Friday, 13 November 2015 03:26 AM
ඔබ වැනි නිලධාරීන් රටට සම්පතක් (නි)