ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක ලෙස රොෂාන් ගුණවර්ධන මහතා අද (12) වැඩ භාරගත්තේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ. මහ සඟරුවනේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ, කතෝලික පූජකතුමන්ලාගේ ආශිර්වාදයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරුණි.
වැලිසර මහභාගේ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා, කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගනිමින් මෙරට පෞද්ගලික සමාගම් රැසක ඉහළ කළමණාකාරීත්වය දරමින් තම වෘත්තීය සුදුසුකම් ඔප මට්ටම් කරගැනීමට සමත්වූ ගුණවර්ධන මහතා දේශීය, විදේශීය ආයතන රාශියක වෘත්තීය පරිචය ලබමින් තම වෘත්තීය දැනුම තව තවත් පුළුල් කර ගැනීමට සමත් විය..
2008 වසරේදී රාජ්‍ය සේවයට එක්වන ඒ මහතා පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ධූරය දරමින් ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීමේ හැකියාව පිළිබඳ පර්යේෂණ සිදු කර ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට සමත් විය. පසුව ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සහ තෙල් සංස්ථාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක තනතුරු මෙන්ම සභාපති ඇතුළු විධායක ශ්‍රේණියේ තනතුරු ගණනක් හෙබවීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ මහජන මුදල් රුපියල් මිලියන ගණනක් වියදම් කරලා පටන් ගත්ත ප්ලාස්ටික් ඉන්ධන ව්‍යාපෘතියට මොකද වුනේ?(ම)
සුබ පැතුම්: ආයතනයේ දියුණුවට සහ රටේ සුභසිද්දියට කටයුතු කිරීමට හැකි වේවා. (ස)
පත් වීම් දෙන විට හෝ ලබන විට මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. වැඩක් හරියට පටන් ගන්නේ කවදාද? ජනතාවට අවශ්‍ය වැඩ පටන් අරගෙන දූෂණයෙන්, වංචාවෙන් තොරව එය සාර්ථකව නිමවනවා දැකීමයි . (ස)
කෝ අනේ ප්ලාස්ටික් වලින් හදපු ඉන්ධන? (ස)
සුදුස්සන් මෙවැනි තනතුරු වලට පත්කිරීම ප්‍රශංසනීයයි. (නි)
වැඩ වලට වැඩිය සද්දේ වැඩියි. (ස)
සුබ පැතුම්! නිවැරදි තීරණ ගැනීමට හැකිවේවා! (නි)
සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
මගේ සුබ පැතුම්! රටට ආදරේ ඔබට මෙවැනි තනතුරක් ලැබීම ගැන සතුටුවෙමි (නි)
ඔබ වැනි නිලධාරීන් රටට සම්පතක් (නි)