නඩරාජා රවිරාජ් දෙමළ සන්ධාන මන්ත්‍රී කොළඹ ඇල්විටිගල මහල් නිවාස අසල දී 2006 දී මරා දැමීයැයි හත් දෙනකුට එරෙහි නඩුව සැකකරුවන් තිදෙනකු නොමැතිව ලබන ජනවාරි හතර වැනි දා විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරොෂා ප්‍රනාන්දු මහත්මිය අද නියෝග කළාය.
සැමී සුරේෂ්, ශිවකාන්ත් විවේකානන්දන් හා ෆේබියන් රොයිස්ටන් ටුසේන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
නීතිපති උපදෙස් අනුව නාලක මතකදීර හා අරුණ ශාන්ත නඩුවෙන් මුදා හරිනු ලැබූහ.
ප්‍රසාද් හෙට්ටිආරච්චි, ගාමිණී සෙනවිරත්න, ප්‍රදීප් චමින්ද සහ සම්පත් මුණසිංහ සෙසු සැකකරුවෝ ය.
සැකකරුවන් අතර හිටපු නාවික හමුදා සාමාජිකයෝ තිදෙනෙක් ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd