දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු විභාගයක් පැවැත්වීමට කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට අද (4) අවසර දුන්නේය.
කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා එම අවසරය ලබා දුන්නේ පැමිණිලි පාර්ශ්වය කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි.
නඩු විභාගය ඔක්තෝබර් 11 වැනිදා දක්වා කල් තැබිණි.
2006 දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක්ෂකයා නාරාහේන්පිටදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා හයදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති නැතිනම් නීති හදමුකෝ. ඕවත් වැඩද කිවුවලු (නි)