හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අධිචෝනා ලැබ සිටින තිදෙනකු අතුරුදන්ව ඇති නිසා ඔවුන් නොමැතිව නඩුව විභාග කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට සැප්තැම්බර දෙවැනිදා සාක්කි විභාගයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද නියෝග කළේය.
පලනසාමි සුරේෂ්, සේදියන් තුසේන් සහ ශිවකාන්තන් හෙවත් චැරන් අතුරුදන් සැකකරුවෝය.
ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනවිරත්න සහ ප්‍රගීත් චමින්ද යන සෙසු සෙකකරුවෝ නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග කරනවාද, විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරනවාද යන්න සැප්තැම්බර දෙවැනි දා දැනුම් දෙන ලෙස අධිකරණය විත්තිකරුවන්ට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd