දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කළැයි කියන සැකකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා ඉදිරිපත් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.
එම ඝාතනයට තවත් සැකකරුවකු සම්බන්ධ යැයි ඔහු කීවේය.
පලන සාමි සුරේෂ්, හෙට්ටිආරච්චිගේ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනවිරත්න, ප්‍රදීප් චමින්ද, සිවකාන්තන් විවේකනන්දන් හෙවත් චරන්, ෆේබියන් රොයිෂ්ටන් ටුසේන්ඩ් සැකකරුවෝ වෙති.
සිවකාන්තන් විවේකානන්දන් හා ෆේබියන් රොයිෂ්ටන් ටුසේන්ඩ්ට වරෙන්තු නිකුත් කැරිණි.
සෙසු සැකකරුවෝ රිමාන්ඩ් කරනු ලැබූහ.
රවිරාජ් මහතා 2006 දී නාරාහේන්පිට මැනින් ටවුමේ ඔහුගේ නිවස සමීපයේ දී වෙඩි තබා මරා දැමිණි.
පැමිණිල්ල දෙසැම්බර් අට වැනි දා ට කල් තැබිණි.
රහස් පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)