‘පදික වේදිකාවේ සිටි මිනිහකු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ කාරය ළඟට ගොස් ඔහුට වෙඩි තිබ්බා. ඔහු ගමන් මල්ලෙන් තුවක්කුව එළියට ගෙන පසුපස ආසනයේ සිටි පුද්ගලයාටයි වෙඩි තැබුවේ.‘ ඇන්ජලෝ රෝයි නම් සාක්කිකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේදී සාක්කි දෙමින් කීවේය.

‘‘මේ සිද්ධීය මා පොලිසියේ 119ට දැන්වුවා. පාරේ ගිය ගුවන් හමුදා ජිප් රියකටත් කිව්වා. නාරාහේන්පිට පොලිස් ගරාජය අසල සිටි කොස්තාපල්වරයකුටත් කිව්වා. තුවක්කුකරුවා ආවේ මෝටර් සයිකලයක පිටුපස ආසනයේ. මෝටර් සයිකලයේ නොම්මරයත් පොලිසියට දුන්නා.

පලන සාමි සුරේෂ්, ප්‍රසාද් හෙට්ටිආරච්චි, ගාමිණී සෙනෙවිරත්න, ප්‍රදීප් චමින්ද, සිවකාන්ත් විවේකානන්ද, ෆාබියන් රොයිස්ටන් ටුසේන්ට් සහ සම්පත් මුණසිංහ යන අය රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටිති.