ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඒ පී ජි කිත්සිරි මහතා අද (09) වැඩභාර ගත්තේය.
කිත්සිරි මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 30 ක සේවාකාලයක් ඇති විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.
සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ සමූපකාර සමිති රෙජිස්ටාර්, සමූපකාර හා වෙළද අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා වැඩබලන ලේකම් ලෙස ද ඔහු සේවය කළේය.
පොළොන්නරුව, මැදිරිගිරිය, දිවුලංකඩවල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබදව විශේෂ උපාධියක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරන පිළිබද පශ්චාත් උපාධි ආයතනයෙන් කළමණාකරණය පිලිබඳ පශ්චාත් උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනයෙන් තොරුතුරු තාක්ෂණ පිළිබද පශ්චාත් උපාධිය ද දිනා ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන්ගේ ලේකම් කිත්සිරි