පොලිසිය අමානුෂික ලෙස පහර නොදෙන බවත්, එලෙස දෙනවා නම් එය අනුමත නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් මගින් සාක්කි සොයා ගැනීමේ ක්‍රමය අතහැර දැන් පොලිසිය සිදු කරන්නේ සාක්කි සොයා ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක එසේ ප්‍රකාශ කළ ද කොටදෙනියාව සිදුවීමේ දී පොලිසිය ගම්වැසියන් නිරපරාදේ අත්අඩංගුවට ගත් බවට මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් පහර දීම් ගැන මාධ්‍ය සාකච්ඡාව අවසන් කර සුළු වේලාවක් යද්දී විරෝධතා පැවැත් වූ අන්තරේ සිසු සිසුවියන්ට පොලිස් ප්‍රහාරයක් එල්ල විය. සිසුවියන්ට ද එළව එළවා පහර දුන් බව අන්තරය කියයි.
පසුගිය දිනවල පළවූ පොලිස් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයින්ට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම් පිළිඹද වාර්තා වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා පසුගිය වසර 10 ක කාලයේදී පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු පිළිබද වාර්තාවක් ලබාගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කීය.
එම වාර්තාවට අනුව 2011 වසරින් පසු සමස්තයක් වශයෙන් පොලිස් නිලධාරීන්ට අධිකරණය හමුවේ පවරා ඇති නඩු වල අඩුවක් දක්නට ඇතැයිද ඒ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු පිළිඹද විස්තර.
| වර්ෂය | වාර්තාවූ නඩු සංඛ්‍යාව | පොලිස් නිලධාරීන් වරදකරුවන් වූ වන්දි ගෙවීමට නියෝග ලබාදී ඇති නඩු සංඛ්‍යාව | පොලිස් නිලධාරීන් නිදහස්වූ නඩු සංඛ්‍යාව | දැනට විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව |
| 2006 | 27 | 04 | 19 | 04 |
| 2007 | 47 | 05 | 38 | 04 |
| 2008 | 48 | 01 | 44 | 03 |
| 2009 | 33 | 01 | 23 | 09 |
| 2010 | 43 | 01 | 26 | 16 |
| 2011 | 90 | - | 12 | 78 |
| 2012 | 37 | - | 12 | 25 |
| 2013 | 16 | - | 08 | 08 |
| 2014 | 30 | - | 08 | 22 |
| 2015.10.25 වන දිනට | 22 | - | - | 22 |
(වීඩියෝ ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිසුන්ව කන්න පනින දේශපාලකයෝ (ම)
හරිම සාධාරන ගැහිල්ලක් (බ)
ඔබට ප්‍රණාමය. (ර)
මේ ළමයි හැසිරෙන්නේ චන්ඩින් වගෙයි. පාර හරස් කරගෙන හෝ වාහන තදබදයක් ඇතිකිරීම හරිද ? පාර්ක් එකට ගිහින් උපවාස උද්ගෝෂණ කරන්න බැරිද ? ලංකාවේ ළමයින්ට මස් රාත්තලම ඕනේ. වෙන රටවල ළමයින්ට මේවට වෙලාවක් නේ. මොකද ඔවුන් රජයෙන් යැපෙන්න නෑ. පාට් ටයිම් ජොබ් කරන ගමන් තමයි ඉගෙන ගන්නේ. ඔවුන් හැම එකකටම රජයට බැන බැන ඉන්නේ නෑ. (බ) එත් මෙහෙම ගඅහන්න එපා. වෙන ක්‍රමයක් යොදන්න.
නිකන් උගන්නනකොට එ්කේ අගයක් නැහැ. ගෙවලා ඉගෙනගන්න ගියානම් ඔය උද්ඝෝෂණ මුකුත් නැහැ යස අගේට පාඩම් ටික කර කර ඉඳීවි. (බ)
ඔබට ස්තූතියි මහත්මයාණෙනි! (නි)
රුවන් වැකියක්ම තමයි. (ර)
ඔබතුමාගේ ප්‍රකාශයට අපේ ප්‍රණාමය! (නි)
අසරණ අහිංසක මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්න (නි)
වචනයේ සැබෑ අර්ථයෙන්ම මහත්මයෙක්. ඔබ වැන්නන් පොලිසියට අවශ්‍යම මොහොතක්.(ම)