IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රාවණා බලයට තහනමක්

කොළඹ කොටුවේ අධිකරණ බල ප්‍රදේශයේ කිසිම මාර්ගයක් අවහිර වන සේ බදාදා (12) උද්ඝෝෂණ හෝ විරෝධතා පැවැත්වීම් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

නීතී විද්‍යාලයයට සිසුන් බදවා ගැනීමේ ක්‍රමයට විරෝධය දක්වා රාවණා බලය බදාදා (12) අරලියගහ මැඳුර අසල  උද්ඝෝෂණයක් කරන්නට යතියි කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැන්වීය. එය වළක්වන ලෙස ද ඉල්ලා  සිටියේය.

රාවණා බලයේ මහලේකම් ඉත්තෑපානේ සද්ධාතිස්ස  හිමි හා නීතී විද්‍යාලයයේ රුක්මාල් ධර්මකිර්ති ඇතුළු ක්‍රියාකාරීන් සිව් දෙනකුට ද බ්‍රහස්පතින්දා (13)  අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කැරිණි.

 

 



අදහස් (0)

රාවණා බලයට තහනමක්

පනික්කියා Tuesday, 11 March 2014 03:52 PM

අන්න හරි! රට ලජ්ජා කරවන ලෝකය හිනස්සන වැඩ වලට ඉඩ දෙන්න එපා. (දී)

:       0       0

සාලි Wednesday, 12 March 2014 10:18 AM

අසාධාරණයට ලක් උණු අයනේ ඒකේ වේදනාව දන්නේ. 2012 නීති ප්‍ර වේශය විභාග වංචාවෙන් පස්සේ ඒ ළමයි ගිය අවුරුද්දේ මාර්තු මාසේ වෙනකන් පාඩම් කරනකන් ඉඳල සිලබස් වෙනස් කරන්න තීරණය කළා. ඊට පස්සේ ඒ ළමයි අලුත් සිලබස් එකට සුදානම් වෙනකොට ආයෙම ඒක වෙනස් කරා. තරගකාරී විභාගයකට සුදානම් වෙන ළමයෙක් කොච්චර අපහසුතාවට පත් වෙනවද ? ඒ සිලබස් එකෙන් ආයෙම මේකට මාරු වෙලා පණදාගෙන පාඩම් කරලා විබාගෙට ගියාම පේපර් එකේ 50% විතර නීතිඥයින්ගෙන් අහන්න ඕන ප්‍රශ්න ඒ තරම් අමාරුයි. එච්චර අමාරු පේපර් එකකට ලියලා 225 අතරට ආවමත් ලෝ කොලේජ් එකට යන්න බැරි උනාම ඒ ළමයි කොච්චර අසරණද ? එයාලගේ අසාධාරණේ කියන්න බලධාරියෝ ලඟට ගියාම විසඳුමකුත් නැත්නම් උද්ගෝෂණ නොකර වෙන මොනවා කරන්නද ? (නදී)

:       0       0

විජේසිංහ Tuesday, 11 March 2014 04:23 PM

ඇත්තටම කතා කරලා ඔය ප්‍රශ්න විසදන්න බැරිද ? ආණ්ඩුවේ සිංහල බෞද්ධයෝ නැද්ද ? (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 11 March 2014 04:32 PM

මමනම් හිතන්නේ හොඳයි (අ)

:       0       0

නුවන්ගි Tuesday, 11 March 2014 06:24 PM

රටකට ගිය කල රාවනා රජුත් ගාව ගෙන (දී)

:       0       0

මුදිත Tuesday, 11 March 2014 09:08 PM

අපේ උතුම් අධි රාවන උතුමන්ට ගරහන්න එපා (දී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 11 March 2014 09:48 PM

මිනිස්සුන්ගේ උද්ගෝෂණ කිරීමේ සාදාරන අයිතියට ඉඩ දෙන්න ඕන,අද ක්‍රියාත්මක පොලිස් නිතිය හොද නැහැ, නීති විද්‍යාලයේ මෙවර සිසුන් බදවාගනිමේදී ලොකු වංචාවක් අසාධාරණයක් සිදු වුණා, රාවණ බලයේ වැඩ සමග මා එකග නොවුනත් ඔවුන්ගේ උද්ගෝෂණ කිරීමේ අයිතියට ඉඩ දිය යුතුයි , (අ)

:       0       0

රණා Wednesday, 12 March 2014 03:30 AM

මිනිසුනට අසාධාරනයක් වූවානම් අධිකරණයට යා හැකිය. උද්ඝෝෂණ වලදී වන්නේ තමන්ගේ මතය හරි හෝ වැරදි හෝ වේවා එය කෙසේ හෝ ක්‍රියාත්මක කරන ලෙස බල කිරීමයි.(අ)

:       0       0

ද සිල්වා Wednesday, 12 March 2014 05:48 AM

හරිනම් උද්ඝෝෂණය කළයුත්තේ රට විනාශ කරන දුෂිත දෙශපලකයන්ට විරුධව පාර්ලිමේන්තුව ඉදිරිපිට , කොටුවේ පිස්සු නැටීමෙන් අමාරුවේ වටෙනේ බස් එකක හරි දුම්රියක හරි එල්ලිලා ගමරට බලා යන්න ඉන්න ජනතාව , (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site