කොළඹ කොටුවේ අධිකරණ බල ප්‍රදේශයේ කිසිම මාර්ගයක් අවහිර වන සේ බදාදා (12) උද්ඝෝෂණ හෝ විරෝධතා පැවැත්වීම් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

නීතී විද්‍යාලයයට සිසුන් බදවා ගැනීමේ ක්‍රමයට විරෝධය දක්වා රාවණා බලය බදාදා (12) අරලියගහ මැඳුර අසල  උද්ඝෝෂණයක් කරන්නට යතියි කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැන්වීය. එය වළක්වන ලෙස ද ඉල්ලා  සිටියේය.

රාවණා බලයේ මහලේකම් ඉත්තෑපානේ සද්ධාතිස්ස  හිමි හා නීතී විද්‍යාලයයේ රුක්මාල් ධර්මකිර්ති ඇතුළු ක්‍රියාකාරීන් සිව් දෙනකුට ද බ්‍රහස්පතින්දා (13)  අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කැරිණි.